Tuesday, July 16, 2024

කැප්පෙටිපොල, බණ්ඩාරවෙල, හපුතලේ, හාළිඇළ එළවළු කිලෝ ලක්ෂ 6 ක් ලොරි – ට්‍රැක්ටර්වල අහුරලා

අද දින පිටකොටුව මැනිං වෙළෙඳ පොළ විවෘත කරන බව නිවේදනය කිරිමත් සමඟම ලංකාවේ විවිධ ප්‍ර දේශවලින් කොළඹට පැමිණි ලොරි 200 කට වැඩි ප්‍රමාණයක් ගොවීන්, අතරමැදියන්, ප්‍රවාහණ නියෝජිතයින් අන්ත අසරණ තත්වයකට පත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.

නුවරඑළිය, වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල ප්‍රදේශවලින් පමණක් ලොරි 84 ක් මැනිං වෙළෙඳපොලට පැමිණ තිබෙනවා.  ආණ්ඩුව අද දින මැනිං වෙළෙඳපොළ විවෘත කරන බව ප්‍රකාශ කළා. නමුත් මේ වන විට එම ලොරි නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට හරවා යවා තිබෙනවා. ප්‍රවාහණ නියෝජිතයින්, ව්‍යාපාරිකයින් කර කියා ගන්නට දෙයක් තත්වයකට පත් වෙලා.

මේ ලොරිවල බඩු රැගෙන එන්නේ ප්‍රවාහණ නියෝජිතයින්.   ඔවුන්ගේ භාණ්ඩ අලෙවි කරන්නේ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරියකියන් මිසක් නාරාහේන්පිට ව්‍යාපාරිකයින් නෙවෙයි. 

බණ්ඩාරවෙල ඇතුළු තොග වෙළෙඳ මධ්‍යස්ථාන වසා දැමීම නිසා අද වන විට උඩරට ගොවීන් අන්ත අසරණ වුණා.  වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ, නුවරඑළියේ බොහෝ තැන්වල මේ වන විට රාපු, තක්කාලි, ලීක්ස් අස්වනු නෙලන්නේ නැතිව අතහැර දමා තියෙනවා.  ආණ්ඩුව පැයෙන් පැයට සෞඛ්‍ය, කොරොනා හා සංචරණ නීති වෙනස් කරනවා. 

මැනිං වෙළෙඳපොළට රැගෙන ආ එළවළු හා පළතුරු ප්‍රවාහන නියෝජිතයින්ට කැමති ආකාරයට බෙදා හරින්න බෑ විතරක් නෙවෙයි අලෙවි කරන්නත් බෑ. නාරාහේන්පිට සංවිධානාත්මක කල්ලි කුණු කොල්ලයට එළවළු පළතුරු ඉල්ලා සිටිනවා.  අවම වශයෙන් මේ ප්‍රවාහකයින්ට දැන් වාහන කුළියවත් ලැබෙන්නේ නෑ. යැයි ද හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

උඩරට එළවළු ප්‍රශ්ණය විසදීමටත් කිසිදු දේශපාලනඥයෙකු, නිලධාරියෙකු මැදිහත් වෙන්නේ නෑ.  බස්නාහිර මිනිස්සුන්ට කන්න එළවළුවක් නැතිව ඉන්න කොට රැගෙන එන එළවළුව විකුණා ගන්න ක්‍රමයක් හදන්න බැරි තැනකට රටේ වැඩ පිළිවෙලක් නැති වෙලා තියෙනවා. 

කෘෂිකර්ම ඇමති ලේකම්ලාට ටෙලිෆෝන් කර කර මාධ්‍ය සංදර්ශන තියෙන එක විතරයි වෙන්නේ.   පසුගිය සතියේම වැලිමඩ, බණ්ඩාරවෙල, ඌව පරණගම ගොවින් ඔවුන්ගේ ගමේ වඩු විකුණගන්න බැරි තැනට වැඩ හදලා විනාශ කළා. එහෙම කරලා අද කොළඹට එළවළු ගේන්න කියලා දැන් ගෙනාපු එළවළු විකුණන්න තැනක් නැති කරලා තියෙනවා. 

ආණ්ඩුව කිසිම කළමනාකරණයක් නැතිව ගොවියා විතරක් නෙවෙයි, වෙළෙන්දා, ප්‍රවාහකයා සහ අතරමැදියා ත් අද දවසේ අමාරුවේ දාලා තියෙනවා යැයි ද තෙන්නකොන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Archive

Latest news

Related news