Tuesday, July 16, 2024

ගෝඨාභයගේ විස්සට එරෙහිව නීතීඥවරුන් සහ නීතිඥවරියන් විස්සක් ශ්‍රේෂ්ඨාධිකරණයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විසිවන සංසෝධන කෙටුම්පතට එරෙහිව නීතිඥවරුන් සහ නීතිඥවරියන් විසි දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදනම් කර ඇතැයි අලුත්කඩේ ආරංචි මාර්ග පවසයි. මෙම පෙත්සම 28වන සදුදා ඉදිරිපත් කැරෙනු ඇත.

අචලා සෙනවිරත්න, සච්න්ද්‍ර තුශාර ද සිල්වා, නාමල් රාජපක්ෂ, දුලාන් දසානායක, මන්ජුල පතිරාජ, උපාලි රත්නායක, මෙහොමඩ් පසීර්, චූලසංහ ද සොයිසා, මන්ජු ශ්‍රී චන්ද්‍රසේන, චුලා රන්ජීව අධිකාරී, ප්‍රේමා අරුණ කුමාරි, සයිනල් ලතීෆ්, ශ්‍රීනාත් පෙරේරා, සුගන්දිතා ප්‍රනාන්දු, චින්තක ප්‍රනාන්දු, අමිල ඉන්දික, මනෝජ් උඩුවන, ප්‍රබෝධ රත්නායක සහ නාලක පියවංශ යන විසි දෙනෙකුගෙන් සමන්විත නීතිවෙදී පිරිස මෙම පෙත්සමට සහාය දක්වයි.

පෙත්සම ඉදිරිපත් කරනු ඇත්තේ් ජනතා නීතිඥයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ සේනක පෙරේරා උපදේශක නීතිවේදියා වශයෙන් ඇතිවය.

දැනටමත් විසිවන සංසෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දහඅටක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත්ව ඇති අතර එම පෙත්සම් විභාග කිරීමට තමාද ඇතුළු ජේෂ්ඨතම විනිසුවරැන් පස්දෙනා ඇතුලත් මඩුල්ලක් අගවිනිසුරු විසින් පත් කර තිබේ.

මෙම පෙත්සම් විභාග තීන්දුව කල් නොයවා ගනු ඇති බවත් අනතුරුව එය කතානායකවරයාට දන්වනු ඇති බවත් අලුත්කඩේ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

Archive

Latest news

Related news