පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමටත් ඉන්පසුව එය ගැසට් කිරීම සඳහාත් වැඩි කාලයක් ගත්තේ නැත. 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තු බලතල හීන වී, අධිකරණ ස්වාධීනත්වය ඛාදනය හා ස්වාධීන කොමිෂන් සභා දුර්වලවීම සිදුවන ආකාරය බොහෝ විචාරකයින් විසින් පෙන්වා දී තිබේ (1).
එහෙත් යෝජිත 20වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අනාගත පරම්පරාවන් පරීක්ෂාවකින් තොර දූෂණ යුගයකට ඇද දමනු ඇති බව සාමාන්‍ය ජනතාව, විශේෂයෙන්ම වත්මන් රජයට ඡන්දය දුන් අය දැන ගැනීම ඉතා වැදගත් වේ. ආර්ථික සංවර්ධනය සඳහා 19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම අත්‍යවශ්‍යවන බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අපගෙන් ඉල්ලා තිබේ(2) ඔවුන් අපට නොපවසන දෙය නම්, යෝජිත ප්‍රතිසංස්කරණ මඟින් ආර්ථික සංවර්ධනයේ නාමයෙන් සිදුවන විනිවිදභාවය සහ අධීක්ෂණය අවම වේ. අපට අපගේ තේරී පත් වූ නායකයින්ගෙන් මීට වැඩි දෙයක් ඉල්ලා සිටිය හැකියි.
විගණකාධිපති නැති කිරීම
2015 දී සම්මත වූ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන විගණකාධිපති ලෙස සුදුසුකම් ලත් විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නියම කර ඇත. 20වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි ඕනෑම අයෙකු මෙම තනතුරට පත් කිරීමට බලය තිබේ. එහි දී විගණන සේවා කොමිෂන් සභාව සඳහා ඇති ව්‍යවස්ථාමය ආරක්ෂාව අහිමි වී යන අතර තවදුරටත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සඳහා විගණනය අවශ්‍ය නොවේ (3). 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කොමිෂන් සභාවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා තම විමර්ශනයන් ආරම්භ කිරීමට ඉඩ ලබා දී තිබූ අතර, යෝජිත 20වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් එම ව්‍යවස්ථාමය ආරක්ෂාව මුළුමනින්ම ඉවත්කර තිබේ. තවදුරටත් පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් කොමිසම අහෝසි කළ හැකිය (4). අල්ලස් කොමිෂන් සභාව තවදුරටත් පැවතුන ද, 20වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් යෝජනා කර ඇති පරිදි තමන්ගේම යෝජනාවක් මත පරීක්ෂණ ආරම්භ කිරීමට එයට ඇති බලය අහිමි වේ (5).
එලෙසම, යෝජිත 20 මගින් රජයේ ප්‍රසම්පාදන සඳහා “සාධාරණ, සාමානාත්මතාවදී, විනිවිද පෙනෙන, තරඟකාරී හා පිරිවැය ඵලදායී ක්‍රියා පටිපාටි සහ මාර්ගෝපදේශ සකස් කිරීම”සහ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සඳහා පවතින ජාතික ප්‍රසම්පාදන සේවා කොමිෂන් සභාව අහෝසි කෙරේ.(6)
මෙම වෙනස්කම් වලින් ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද?
විගණකාධිපතිවරයාගේ කාර්යභාරය වන්නේ රජයේ මෙහෙයුම් ස්වාධීනව විගණනය කිරීමයි. මෙම විගණනයන් මගින් පාර්ලිමේන්තුවට රජයේ වියදම් සෝදිසි කර බැලීමටත්, “වඩා හොඳ මූල්‍ය කළමනාකරණයක් සහ තිරසාර සංවර්ධනයක් පවත්වා ගැනීම සඳහා මහජන සම්පත් උපරිම ලෙස භාවිතා කිරීම සහතික කිරීමටත්”අවකාශය ලබා දේ (7). ජාතික විගණන කොමිෂන් සභාව අහෝසි කරනු ලැබුවහොත් එහි අධිභාර බලය ද අහෝසි වේ, එනම් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරන පුද්ගලයින් තවදුරටත් පෞද්ගලිකව වගකිව යුතු නැත. මහජන මුදල් රජය විසින් භාවිතා කිරීම සම්බන්ධයෙන් විනිවිදභාවය සහ වගවීම අඩු කිරීමෙන් සාමාන්‍ය ලංකා වැසියන් ප්‍රතිලාභ ලබා ගන්නේ කෙසේද?
එලෙසම, යෝජිත 20වන සංසෝධනය මගින් අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන සඳහා “සාධාරණ, සාධාරණ, විනිවිද පෙනෙන, තරඟකාරී හා පිරිවැය පලදායී ක්‍රියා පටිපාටි සහ මාර්ගෝපදේශ සකස් කිරීම” සඳහා වන ජාතික ප්‍රසම්පාදන සේවා කොමිෂන් සභාව අහෝසි කරනු ඇත. (8) විශාල අයවැයක් සහිත රජයේ ප්‍රසම්පාදනවල විනිවිදභාවය අඩුවීම සාමාන්‍ය ජනතාවට යහපත් දෙයක් වන්නේ කෙසේද?
කෙටි පිළිතුර? එය එසේ නොවේ.
19වන ව්‍යවස්ථා සංශෝධනයේ දී වැඩි දියුණු කරන ලද දූෂණ විරෝධී ක්‍රියාමාර්ග මගින් අප සැමටම ප්‍රතිලාභ ලැබේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස සේවය කරමින් සිටියදී චීනයෙන් ඩොලර් බිලියන 1.1 ක ණය මුදලක් ගෙන හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ආරම්භ කළේය. චීන කොන්ත්‍රාත්කරුවන් සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිකර ඇත්තේ දේශීය ශ්‍රමය භාවිතයෙන් නොවන අතර, එය 2010 දී විවෘත කළ මොහොතේ සිටම පාඩු ලැබූවක් විය. එවකට මාධ්‍යවල වාර්තා වූ පරිදි, මහින්ද රාජපක්ෂ තෙවැනි වාරය සඳහා 2015 දී ඉදිරිපත් වූ විට, ඔහුගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් චීන වරාය අරමුදලෙන් ආධාර ලබා ගත් බවට චෝදනා එල්ල විය. ඩොලර් බිලියනයක ණයක් සඳහා පොලී ගෙවීමට පවා ශ්‍රී ලංකාවට නොහැකි වීම නිසා සිරිසේන රජයට වසර 99 ක් සඳහා වරාය සහ අවට ඉඩම් අක්කර 15000 ක් චීනයට ලබා දීමට සිදුවිය(9). හම්බන්තොට චීන කාර්මික කලාපයක් සඳහා තම ඉඩම් විකුණා දමන ලෙස දේශීය ගොවීන්ට බලපෑම් කිරීමට, දැන් චීන වරාය බලධාරීන් උත්සාහ කරමින් සිටී(10). තම දරුවන්ට අයත් දේ විකුණා නොදැමීමට හා ඒ වෙනුවෙන් සටන් කිරීමට ප්‍රදේශවාසීන්ට අයිතිය තිබේ (11). නමුත් ස්වාධීන විගණනයක් සහ ශක්තිමත් අල්ලස් කොමිෂන් සභාවක් නොමැතිව, හම්බන්තොට විනාශය නැවතත් සිදුවනු ඇත.
හම්බන්තොට වරාය යනු හුදෙකලා සිදුවීමක් නොවේ. පාවෙන අවි ගබඩාවක් පිහිටුවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 75 ක් වටිනා රජයට හිමි අවි ආයුධ නීතිවිරෝධී ලෙස ඇවන්ගාඞ් නම් පෞද්ගලික ආරක්ෂක සමාගමකට පැවරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා යටතේ ජනාධිපති ගෝඨාභයට 2016 දී චෝදනා එල්ල වී තිබේ (12). ඔහුගේ දෙමව්පියන් වෙනුවෙන් අනුස්මරණ කෞතුකාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 33.9 ක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට වෙනමම චෝදනා එල්ල වී තිබේ(13). ජනාධිපතිවරයා සඳහා ඇති මුක්තිය අනුව මෙම නඩු ඉදිරියට යාම වළක්වන නමුත්, මහජන මුදල් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා ස්වාධීන විගණනය සහ ප්‍රසම්පාදන කටයුතු අත්‍යවශ්‍ය වේ.
අද වන විට රජය විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමින් තවත් රාජ්‍ය ආයතන රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ගේ සහ හමුදා නිලධාරීන්ගේ පාලනය යටතට ගෙනෙමින් තිබේ. ස්වාධීන විගණනයක් සහ ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් නොමැතිව, ඥාති සංග්‍රහය, මිත්‍ර සංග්‍රහය සහ දූෂණය පාලනයකින් තොරව සිදුවනු ඇත. විගණන කොමිෂන් සභාව අහෝසි කිරීමෙන් සහ ජනාධිපතිවරයාගේ සහ අගමැති කාර්යාල විගණනයෙන් නිදහස් කිරීමෙන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මහජන මුදල් මහ දවල් මංකොල්ලකෑමට අවසර ලබා දෙනු ඇත. මෙමගින් ඉහළ නිලධාරීන්ට නඩු සඳහා මුක්තිය ලැබීම නිසා, උසාවියේදී දූෂණයට එරෙහිව අභියෝග කිරීමට කිසිදු පුද්ගලයෙකුට නොහැකි වනු ඇත.
ප්‍රතිලාභ රාජපක්ෂවරුන්ටය.
ඉතින් මෙයින් ප්‍රතිලාභ ලබා ගනු ඇතැයි පෙනෙන්නේ කවුරුන්ද? පැහැදිළිවම රාජපක්ෂවරුන්. නමුත් අපට එයින් ලැබෙන්නේ කුමක්ද? හෙට දිනයේ දී ජනාධිපතිවරයා විසින් අපේ සියලු ස්වභාවික සම්පත් විකුණා දැමීමට හෝ විශාල අයවැයක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා පුද්ගලික දේපළ අත්පත් කර ගැනීමට උවමනා වුවහොත්, ඔහු විශාල ණය මුදලකින් මුදල් ලබා ගතහොත්, ඔහුව නැවැත්විය හැක්කේ කාටද? රාජ්‍ය නිලධාරීන් විසින් අපගේ විශ්වාසය අනිසි ලෙස භාවිතා කරන විට අපට ඇති අධීක්ෂණය හෝ වගවීම කුමක්ද? ඉහත සඳහන් ප්‍රතිසංස්කරණ සමඟ සම්පුර්ණ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් බව රාජපක්ෂ සහෝදරයන් අපට පවසා සිටිති. නමුත් ලෝක බැංකුව (සාමාන්‍ය බුද්ධිය ගැන සඳහන් කල යුතු නැත) පවසන පරිදි “දූෂණය ආයෝජනයට බාධාවක් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය හා රැකියා කෙරෙහි බලපෑම් ඇතිවේ. දූෂණයට මුහුණ දිය හැකි රටවල් ඔවුන්ගේ මානව හා මූල්‍ය සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කරමින්, වැඩි ආයෝජනයක් ආකර්ෂණය කරමින් වේගයෙන් සංවර්ධනය වේ (14).
රජයක පදනම මහජන විශ්වාසයයි
යෝජිත ප්‍රතිසංස්කරණ අපට ප්‍රතිලාභ ඇති කරන්නේද නැද්ද යන්න පිළිබඳව විවේචනාත්මකව සිතීම පුරවැසියන් ලෙස අපගේ වගකීම වේ. මෙය ඇත්ත වශයෙන්ම රාජපක්ෂවරුන් පිළිබඳව වූ ප්‍රශ්නයක් නොවේ, ඔවුන් නිසැකවම අධීක්ෂණයක් නැති වීමෙන් වාසි ලබා ගනු ඇත. ඕනෑම රජයක පදනම වන්නේ මහජන විශ්වාසයයි. අප විසින් වෙහෙස මහන්සියෙන් උපයා ගත් මුදල් සහ දිනා ගත් අයිතිවාසිකම් රජයේ ආරක්ෂාව තුළ තබා ඒවා අපගේ සාමූහික අවශ්‍යතා වෙනුවෙන් පමණක් යොදවන ලෙස ඉල්ලා සිටින්නෙමු. ස්වාධීන විගණකවරුන්ගෙන් සහ කොමිෂන් සභාවලින් ප්‍රගති වාර්තා ලබා ගැනීමට පුරවැසියන් වශයෙන් අපට ඇති හැකියාව මෙම විශ්වාසයට අත්‍යවශ්‍ය වේ.
ස්වාධීන විගණකාධිපතිවරයකු, ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් සහ විගණනය හා අල්ලස ආමන්ත්‍රණය කෙරන ව්‍යවස්ථාමය වශයෙන් ආරක්‍ෂිත කොමිෂන් සභා සියල්ලම තිබෙන්නේ අපගේ රජයට අපෙන් වාසි ලබා ගැනීමට නොව, අප වෙනුවෙන් වැඩ කරන බවට සහතික කිරීම සඳහා ය. 20වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් විගණනය, ප්‍රසම්පාදනය සහ අල්ලස්–විරෝධී ක්‍රියාකාරකම්, ඕනෑම ආකාරයක දේශපාලන මැදිහත්වීමකින් ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම ආදිය දුර්වල කිරීම නොව ශක්තිමත් කිරීම සිදුකරන ලෙස ශ්‍රී ලාංකිකයින් විසින් ඉල්ලා සිටිය යුතුය.
[1] Sudha Ramachandran, Sri Lanka’s Democracy on the Edge, The Diplomat (Sept. 26, 2020), https://thediplomat.com/2020/09/sri-lankas-democracy-on-the-edge/.
[2] Nuwan Senarathna, MR calls for two-thirds majority to repeal 19A, Daily FT (June 22, 2020), http://www.ft.lk/news/MR-calls-for-two-thirds-majority-to-repeal-19A/56-701995.
[3] See generally, Centre for Policy Alternatives (CPA), Summary of Changes Under the Proposed 20th Amendment (Sept. 2020), https://www.cpalanka.org/statement-on-the-twentieth-amendment-2/, at pp. 28-29.
[4] Id. at pp. 27-28.
[5] Sulochana Ramiah Mohan, Commission Removal Compromises Accountability—TISL, Ceylon Today (Sept. 11, 2020), https://ceylontoday.lk/news/commission-removal-compromises-accountability-tisl.
[6] CPA Summary of Changes, supra, at p. 31.
[7] National Audit Office of Sri Lanka, Vision, Mission and Values, http://www.naosl.gov.lk/web/index.php/en/our-vision-mission-and-values (last visited Sept. 26, 2020).
[8] National Procurement Commission, Vision, Mission and Values, https://www.nprocom.gov.lk/web/index.php?lang=en (last visited Sept. 26, 2020).
[9] Maria Abi-Habib, How China Got Sri Lanka to Cough Up a Port, N.Y. Times (Jun. 25, 2018), https://www.nytimes.com/2018/06/25/world/asia/china-sri-lanka-port.html.
[10] Lauren Frayer, In Sri Lanka, China’s Building Spree is Raising Questions About Sovereignty (Dec. 13, 2019), https://www.npr.org/2019/12/13/784084567/in-sri-lanka-chinas-building-spree-is-raising-questions-about-sovereignty.
[11] Id.
[12] Sri Lanka’s Gotabhaya Rajapaksa charged with corruption, BBC News (Aug. 31, 2016), https://www.bbc.com/news/world-asia-37234654.
[13] Shihar Aneez, Sri Lanka presidential frontrunner loses bid to get corruption case dismissed, Reuters (Sept. 11, 2019), https://www.reuters.com/article/us-sri-lanka-politics-rajapaksa/sri-lanka-presidential-frontrunner-loses-bid-to-get-corruption-case-dismissed-idUSKCN1VW1UF.
[14] Combatting corruption, The World Bank, https://www.worldbank.org/en/topic/governance/brief/anti-corruption (last visited Sept. 26, 2020).