Saturday, May 4, 2024

විරවංසට ජනපති දුන් තෑග්ග: ශෂී වීරවංසට ව්‍යාජ පාස්පෝට් හැදූ චූලානන්ද, දැන් වීරවංසගේ අමාත්‍යංශයේ ලේකම්

වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ කර්මාන්ත ඇමති විමල් වීරවංස මහතාගේ අමාත්‍යාංශ ලේකම් වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත්තේ විමල් වීරවංස මහතා පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටියදී තම බිරිඳ ඉදිරිපත් කළ කූඨ ලේකනවලට අදාළව ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දුන් බවට අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පිළිගත් හිටපු ආගමන හා විගමන පාලක ජෙනරාල් ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා ය.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට අයත් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ සහ ඇයගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ නම් සහ උපන් දිනයන්හි වෙනස්කම් දක්නට තිබුණ බවත් එම වෙනස්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුව තිබුණත් එසේ නොකළ බවත් තමන් එසේ නොකළේ මාණුෂික හේතූන් මත බවත් චූලානන්ද පෙරේරා මහතා එහිදී අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබිණි.

ඉකුත් රජයේ නිවාස හා ඉදිකිරීම් ඇමැති ලෙස කටයුතු කළ විමල් වීරවංශ මහතා දිනක් දුරකතනයෙන් තමා අමතා තම බිරියට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ඇය පැමිණෙන බවට දැනුම් දුන්නේ යැයිද එසේ පැමිණි විත්තිකාර ශෂී වීරවංස මහත්මියගේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස සඳහන් වුයේ 1967 වසර බවත් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පතේ උපන් වර්ෂය ලෙස සඳහන්ව තිබුණේ 1971 වසර බවත් එම වසර 04ක වෙනස නොතකා හැර එම කාර්යය ඉටුකර දුන් බවත් ඔහු අධිකරණයේදී පිලිගන්නා ලදි.

හිටපු ආගමන හා විගමන පාලකවරයා ලෙස ඉහළ තනතුරක් දරද්දී මෙවැනි වරදක් පෙනි පෙනී තිබියදී විදේශ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස නිකුත් කිරීම බරපතල වරදක් බවද අධිකරණයේ කරණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිටර් ජනරාල්වරයා පෙන්වා දී තිබිණි.

මෙම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාත්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව මේ වනවිටත් අධිකරණයේ විභාග වන අතර එම නඩුවේ සාක්ෂි කරුවෙකු වන හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා විමල් වීරවංස මහතා අමත්‍ය ධුරය දරන අමාත්‍යාංශයේම ස්ථීර ලේකම්වරයා ලෙස පත්කිරීමද හාස්‍ය ජනක කරුණකි.

(ලංකා ට්රුත්)

Archive

Latest news

Related news