Thursday, March 28, 2024

ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂ යටතට දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළුව ආයතන 35ක්.

ජායාරූපය: ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති වමල් රාජපක්ෂ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ගේ   විෂය පථය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය පවත්නාා බව ආරක්ෂ අමාතයංශ වෙබ් අඩවිය සඳහන් කරයි. ජනාධිපති රාජපක්ෂ ආරක්ෂක ඇමැතිවරයා බව නිල වශයෙන් ප්‍රකාශ කරන ලද ප්‍රථම අවස්ථාව  මෙය වේ. 19 වන ව්‍යවස්ථා සංසෝධනය යටතේ ජනාධිපතිවරයාට ඇමැත ධුර දැරිය නොහැකි යැයි සීමාවක් පනවා ඇති නමුත් අමාත්‍ය මංඩළයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයාට ඇමැති ධූර දැරිය හැකි යැයි නීතිපති දප්පුල ලීවේරා තීරණයක් දී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. 

තවද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී අද අගෝස්තු 12 පැවති දිවුරුම් දීමේ උත්සවයේදී ජනාධිපතිවරයා විසින් සිය වැඩිමහල් සහෝදරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස පත්කර ගන්නා ලදී.

මේ සතියේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ස්වදේශ කටයුතු, අභ්‍යන්තර ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන තිස් පහක් ආරක්ෂක අමාත්‍යාංශයට අයත් වේ මේ අන්ව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ද එමගින් සියළුම ග්‍රාමසේවකවරු සහ වරියන්ද දැන් ආරක්ෂ අමාත්‍යාංශය යටතට ගෙන තිබේ. ඊට අමතරව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය යනාදියද ආරක්ෂ අමාත්‍යාංශය යටතට අයත්වේ.

ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථයට අයත් ආයතන

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය

ශ්‍රී ලංකා යුද හමුදාව

ශ්‍රී ලංකා නාවික හමුදාව

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

රක්නා ආරක්ෂණ ලංකා ලිමිටඞ්

රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව

රාජ්‍ය රහස් තොරතුරු සේවය

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව

ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය

ආරක්ෂක සේවා පාසල

ජාතික ශිෂ්‍යභට බලකාය

ජාතික ආරක්ෂක අරමුදල

ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයනය ආයතනය

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනය

රණවිරු සේවා අධිකාරිය

අපි වෙනුවෙන් අපි අරමුදල

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

මිලෝදා ආයතනය (Academy of Financial Studies)

ස්වදේශ කටයුතු, අභ්‍යන්තර ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථයට අයත් ආයතන

සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල

ශ්‍රී ලංකා පොලීසිය

ජාතික පොලිස් අභ්‍යාස ආයතනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

Archive

Latest news

Related news