Thursday, March 28, 2024

ඥනසාර හිමිගේ පක්ෂයේ ලේකම් හිමි පසුපස මැරයෝ, පොලීසිය සහ ගැති මාධ්‍ය පන්නති.

අන්තාවදී සිංහල භික්ෂුන්ගේ දේශපාලන හවුල වන අපේ ජන බල පක්ෂයෙහි ජාතික ලැයිස්තු මංත්‍රී ධුරය පිළිබඳ ප්‍රශ්ණය උඩ එහි ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියනට මරණ තර්ජනය එල්ල වෙමින් ඇති අතර එහිමියන් පසුපස පොලීසිය ලුහුබඳින බවද වාර්තාවේ.

මරණ තර්ජන එල්ල කරන ලද මැරවර පිරිස් කව්රැන් දැයි හෙළිදරව් වී නැති නමුත් එම පිරිස ජීප් රියකින් එහිමියන් පසුපස ලුහුබඳින බව කියැවේ.

එම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් දැන් පැන නැගී තිබේ. මන්ද යත් එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි විසින්, තමන් වහන්සේ පාර්ලිමේන්තුව සඳහා තෝරාගෙන ඇති බවට වූ ලිපියක් මැතිවරණ කොමිසම වෙත යවා ඇති නිසාය.

එම පක්ෂයේ නායකයා වන්නේ ප්‍රචන්ඩ කතා පැවැත්වීම අතින් නමක් දිනාගෙන ඇති ගලබොඩ අත්තේ ඥණසාර හිමිය. ඤණසාර හිමි තමා ජාතික ලැයිස්තුවෙන් පත් කළ යුතු බව ප්‍රකාශ කර තිබේ.

ඒ හිමියන් මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ නිවසකට වැඩම කර ඇති බවට වාර්තා වූ නිවසකට කිසිදු දැනුම් දීමකින් තොරව පොලීසිය කඩා පැන තිබේ.

ඒ හිමියන් සොයා යන “අද දෙරණ“ නාලිකාවේ ප්‍රාදේශීය වාර්තාකරුවකු ඊයේ රාත්‍රී 10.00ට පමණ එම නිවසට ගිය නමුත් තමන්ට ඔහු සොයා ගැනීමට බැරි වූ බව “අද දෙරණ” වාර්තා කර තිබේ.

පෙනන අන්දමට පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සොයා දේශපාලන, පොලිස් සහ ගැතිමාධ්‍ය මෙහෙයුමක් දියත්ව තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ලේකම් හා එහි අපේක්ෂකයෙකු ද වූ ඒ.ඩී.වසන්ත ප්‍රකාශ කර ඇත්තේ ස්වාමින් වහන්සේ කලබලයෙන් සිය නිවසට පැමිණි බවත්, තමාට තර්ජනයක් ඇති බවක් පැවසු බවත්ය.

හාමුදුරුවෝ පස්සේ ජිප් එකකින් පන්නනවා කිව්වා. දෙපාරක් තුන්පාරක් පිරිසක් ඇවිත් හාමුදුරුවෝ අල්ල ගන්න උත්සහ කරලා තියෙනවා. හාමුදුරුවෝ බලෙන් පැනලා ඇවිත් තමා මගේ ළඟට ආවේ.“

බෞද්ධ යතිවරයන් ලෙස පෙනී සිටින මෙම පිරිසෙන් එක් කණ්ඩායමක් සැඟවී සිටින අතර තවත් කන්ඩායමක් පොලීසිය සහ ගැති මාධ්‍ය සමඟ එක්ව එහි ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබෙන බවක් පෙනේ.

මෙවැනි පිරිස් එක්ව පිහිටුවීමට යෝජිත බෞද්ධ රාජ්‍ය ගැන ඉඟියක් මෙම සිදුවීමෙන් ලැබේ මේ අතර ද ලීඩර් වෙබ් අඩවිය සඳහන් කරන්නේ සිය පක්ෂයේ සභාපතිවරයා පතාල නායකයෙක් බව එම පක්ෂයේ නායකයකුවන රතන හිමි ප්‍රකාශ කරන වීඩියෝවක් ඇති බවය. රතන හිමි මෙසේ ද කියා තිබේ.

“ඊට කලින් ඉතාම වැදගත් දේ තමයි විමලතිස්ස ස්වාමීන් වහන්නේ අපි සමග සාකච්ඡාවලට ආ යුතුයි. තාම උන්වහන්සේ එන බව කිව්වත් අපිව හමුවන්න ආවේ නැහැ. උන්වහන්සේ ඉන්න තැනක් අපි දන්නේ නැහැ. උන්වහන්සේම නම් කරගෙන තියෙනවා උන්වහන්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා කියලා.

පාතාල නායකයෙක් හැටියට ප්‍රසිද්ධ වෙච්ච ඒ වගේම මිනීමැරුම් වලට සම්බන්ධ වෙච්ච සමන් පෙරේරා දැන් තමාව ජාතික ලැයිස්තුවට නම් කරගෙන තියෙනවා. මේක වලක්වන්න ඕනේ. අපේ ජනබල පක්ෂයේ සාමාජිකයෝ නෙවෙයි අපි. අපි සම්බන්ධයෙන් තීරණ ගන්නේ අපේ අනෙක් සාමාජිකයෝ.”

 

.

 

.

 

.

 

Archive

Latest news

Related news