Monday, May 20, 2024

110,000 වැඩි විශ්‍රාමිකයිනගේ වැටුප් වර්ධක කප්පාදුවට එරෙහිව හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් උසාවි යයි.

ඡායාරූපය: 2020 පෙබරවාරි මාසයේදී  විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික මධ්‍යස්ථාන මේ සම්බන්ධයෙන් පුවත් පත් සාකච්ජාවක් පවත්වන ලදී.

අංක 03/2016 දරණ වක්‍රලේඛනය මගින් පසුගිය රජය විශ්‍රාමිකයිනට ලැබීමට නියමිත වූ රැපියල් 10,000ක විශ්‍රාම වැටුප් වර්ධකය අංක 39/2019 දරණ මෙම ආණ්ඩුවේ ච්‍රලේඛනය මගින් උදුරා ගනීමට විරුද්ධව අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

2020 ජනවාරි සිට රටපුරා 120,000 ක් පමණ වන විශ‍්‍රාමිකයන්ට ගෙවීමට එකග වූ වැටුප් වර්ධකය  වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් 35/2019 (1) දරණ 2020. 01. 20 දිනැතිව නිකුත් කළ චක‍්‍රලේඛය මගින්කපා හැරීම නිසා මේ රටේ විශ‍්‍රාමිකයන්ගේ හිමිකම අහෝසි කර ඇති බව විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය පවසා තිබුණි.

ඉහත සඳහන්  රිට් පෙත්මස ගොනු කර ඇත්තේ හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ටී. තිලකරත්න ඇතුලු 56 දෙනෙකු විසිනි.

මෙම රිට් පෙත්සම මගින් මෙම ආන්ඩුවේ ඉහතකී චක්‍රලේඛනය අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකාරියෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ, මේ නව චක්‍රලේඛනය හේතුවෙන් විශ්‍රාමිකයන් 110,000 කට වැඩි පිරිසකට වැටුප් වර්ධක අහිමි වී ඇති බවයි..

පෙත්සම්කරුවන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් 20 දෙනෙකු නම් කර තිබේ.

මෙම පෙත්සම අබියාචනා අධිකරණ සභාපති දිලිප් නවාස් සහ විනිසුරු සොබිතා රාජකරුණ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර පෙත්සම සැප්තැම්බර් 29 වනදා අධිකරණය විසින් සලකා බැලීමට දින නියම කරන ලදී.

මෙම ආන්ඩුව විසින් දැනටමත් සාමාන්‍ය ස්ථාවර තැන්පතු ගිනුම් සඳහා ගෙවන බැංකු පොලිය සියයට 8 දක්වා අඩු කිරීම මගින් විශාල විශ්‍රාමිකයින් පිරිසක් ඉතාමත් දුෂ්කර අඩියකට පත්කර තිබේ. ජනවාරී මාසයේ සිට මෙම රු.10,000 නොදීම මගින් මේ වන විට තනි විශ්‍රාමිකයිකට ලැබිය යුතුව තිබූ රුපියල් 70,000ක් බැගින් අවම වශයෙන් ආන්ඩුව උදුරා ගෙන තිබේ.

Archive

Latest news

Related news