මිරුසුවිල් හි සමූලඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ හමුදා සාජන්වරයා වූ සුනිල් රත්නායකට ලබා දුන් ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා බැලීම සඳහා 2020 සැප්තැම්බර් 24 නියම කර තිබේ.
2000 දී මිරුසුවිල්හිදී දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සුනිල් රත්නායකට 2015 ජුනි මාසයේදී මරණ දඩුවම නියම කරන ලද නමුත් මේ වසරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට සමාවක් දී නිදහස් කරන ලදී.
එළෙස සමාවදීම සම්බන්ධයෙන් එල්ල වූ අන්තර් ජාතික විවේචනයන්ට පිළිතුරු වශයෙන් ජනාධිපති රාජපක්ෂ කියා සිටියේ අත් අඩංඟුවට ගත් එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් 12,000 නිදහස් කළ පරිද්දෙන් තමා සුනිල් රත්නායකට ද නිදහස ලබා දුන් බවයි.
එසේ නමුත් එළෙස පුනරුත්ථාපන කඳවුරුවල රඳවා තැබීමෙන් පසු නිදහස් කරන ලද කිසිදු එල්ටීටීඊ සාමාජිකයකු අධිකරණය මගින් දඩුවම් කර තිබූ අය නොවන බව ඊට ප්‍රතිඋත්තර වශයෙන් විවිධ පිරිස් විසින් දක්වා තිබේ.
අම්බිකා සත්කුනනාදන්
සුනිල් රත්නායකට ලබා දුන් ජනාධිපති සමාවට එරෙහිව මහජන අයිතිවාසිකම් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකාවක් වන අම්බිකා සත්කුනනාදන් විසින් විසිනි.
මෙම පෙත්සම පසුගිය 17වනදා සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලූ අවස්ථාවෙහි සුනිල් රත්නායක වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් කලු ඉල්ලා සිටි අතර පෙත්සම වෙනුවෙන් මූලික කරුණු දැක්වීම සදහා 2020 සැප්තැම්බර් 24 වන දින නියම කරන ලදී.
මිරිසවිල්හිදී ඝාතනයට ලක්වූ පුද්ගලයින් අට දෙනා අතර වයස අවුරුදු 5, 13 සහ 15 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙක් ද වූහ.
අප්‍රේල් මාසයේදී ගොනු කරන ලද පෙත්සමේ නීතිපති, වරදකරු රත්නායක මුදියන්සලේගේ සුනිල් රත්නායක, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිමල් සිරිපාල ද සිල්වා, අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා, ජනාධිපති ලේකම් සහ අපරාධ වින්දිතයින්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂා කිරීමේ අධිකාරිය වගඋත්තරකරුවන් දක්වා තිබේ.
එවැනි සමාව ලබා දීමේ ක්‍රියාවලියක විනිවිදභාවය හා වගවීම තිබිය යුතු බවත්, එබැවින් අධිකරණ සමාලෝචනයට යටත් විය යුතු බවත් ඇය සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
පෙත්සමෙහි ඉංග්‍රිසි පිටපත් පීඩීෆ් ගොනුවක් ලෙස:FR petition by Ambika S re Sunil Rathnayake