කීර්තිමත් ශාස්ත්‍රඥවරියක් වන හරිනි අමරසුරිය 2011 දී විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සමඟ සිය ක්‍රියාකාරීත්වය ආරම්භ කළ අතර අද ජාතික ජන බලවේගයේ ආධාරකාරියක සහ එහි මහා මැතිවරණ ජාතික ලැයිස්තුවෙහි සමාජිකාවකි.
මා එක්සත් රාජධානියේ එඩින්බර්ග් විශ්ව විද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබුවා. සමාජ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් මෙන්ම පර්යේෂිකකාවක් ද වෙමි. සමාජ-මානසික හා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ ද අත්දැකීම්ද මට තියෙනවා.
මම විශ්ව විද්‍යාලයට බැඳුණු පසු මගේ ජීවිතය ටිකක් වෙනස් වුනා. ඒ මා සම්බන්ධ වූ පළමු වසර වූ 2011 දී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කළ නිසයි.
මුල ඉදළම මං ඊට ලොකුවට සම්බන්ධ වූනා. අධ්‍යාපන ගැටළු පිළිබඳ වඩාත් මහජන ක්‍රියාකාරිනියක බවට පත්වුණේ ඒ හරහා. මං කවදාකවත් මැතිවරණයකට සහභාගි වෙන්න හිතුවේ නැහැ. නමුත් මේ තමයි අවස්ථාව අප සමහරකුට ඉදිරිපත්වීමට හැකි කියළ මට හැඟී ගියා. අප විශ්වාස කරන සමහර කාරණා සඳහා සහය දැක්වීමට ඒ අවදානම ගන්න මං තීරණය කලා.
ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයට සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ප්‍රතිසංස්කරණ පමණක් නොව රැඩිකල් ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වෙනවා
අපගේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය අප විසින් ඉවත් කළ යුතුයි. අධ්‍යාපනය වඩා අත්දැකීම මත පදනම් වෙන්න ඕන, විභාග ජය මත නොවෙයි. අපේ අධ්‍යාපන ආයතනවල සංස්කෘතියත් වෙනස් වෙන්න ඕන. ස්ත්‍රී පුරුෂ භාවය, ආගම හෝ භාෂාව මත පදනම්ව බෙදුණු අධ්‍යාපන ආයතන අපට තිබිය යුතු යැයි මා සිතන්නේ නෑ. ඒවාට විවිධත්වය ප්‍රවර්ධනය කිරීමට හැකි වෙන්න ඕන. සිය අධ්‍යාපන ගමන් මඟ සහ වෘත්තීන් තීරණය කිරීමේදී සිසුන්ට වැඩි තේරීමක් හා නම්‍යතාවයක් තියෙන්න ඕන. ඒ වාගේම මා සිතන්නේ අධ්‍යාපනය සඳහා මූලික වශයෙන් රජය වගකිව යුතු බවයි.
කාන්තාවක් නිසාම කළ යුතුව ඇති දේ ගැන මා බොහෝ වාරයක් සිතාබලා තිබෙනවා. කාන්තාවක් හෝ ගැහැණු ළමයෙකු ලෙස මට මේ මේ දේවල් කළ නොහැකි යැයි මම කවදාවත් සිතුවේ නැහැ. නමුත් මම ඒ දේවල් කරන්නේ කෙසේද යන්න තීරණය කරන විට කාන්තාවක් වශයෙන් මට සිතන්න වෙනවා යම් යම් දේ ගැන, පිරිමින්ට එලෙස සිතන්න ඕන නැති.
වර්තමාන දේශපාලන සංස්කෘතිය කවර හෝ මූලධර්ම හෝ සාරධර්ම ඇති කිසිවෙකුට දේශපාලනයට පිවිසීමට උනන්දු කරන්නේ නැහැ. දේශපාලනයේ දී ඔබ අපේක්ෂා කරන පරමාදර්ශ හා බලාපොරොත්තු වෙනුවට අද දේශපාලනය බෝ කරන්නේ නරුමත්වය.
පළමු කාර්යය වන්නේ කාන්තාවන්ට දේශපාලනයට සහභාගී විය හැකි බව පෙන්වීමයි. මම හිතන්නේ නැහැ මෙරට කාන්තා දේශපාලනඥයන් දැනට ප්‍රමාණවත් ලෙස පිරිමින්ට වඩා වෙනස් ආකාරයකින් දේශපාලනය කළ හැකි බව පෙන්වා තිබේ යැයි කියා. පිරිමින් කරන ආකාරයටම අපට දේශපාලනය කිරීමට අවශ්‍ය නැහැ. මා දොස් කියනවා හෙම නොවෙයි.
ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය දිය යුත්තේ ඇයි කියන ප්‍රශ්ණයට තියනේනේ පහසු පිළිතුරක්. මෙය අපේ රටේ තීරණාත්මක කාලයක්. නමුත් පාර්ලිමේන්තුවෙන් කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ජනතාව හිතනවා. මොකද පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට නියෝජනයක් නැති නිසා. ඇත්ත වශයෙන්ම ජනතාව නියෝජනය කළ හැකි අපේක්ෂකයින්ගේ ලැයිස්තුවක් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙනවා. ඒ් නිසායි එයට ජන්දය දෙන්න ඕන.
අප කිසිවෙක් ජන බලවේගයට ආවේ පුද්ගලික වාසි තකා නොවෙයි. අප එකට එකතු වී ඉන්නේ අපේ රට පිළිබඳ පොදු දැක්මක් සහ රට වෙනුවෙන් අපට කිරීමට අවශ්‍ය දේ පිළිබඳ යම් මට්ටමක පරමාදර්ශයක් උඩයි. ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවේදී ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ජන බලවේගය ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරාවි.
(හරිනි අමරසූරිය සමඟ ඩෙිලි මිරර් පුවත්පත කරන ලද සාකච්ජාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කරන ලදී,)