Monday, May 20, 2024

දිසා 16ක 3000කට වැඩි පිරිසක් නිරෝධායනයට – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

ඊයේ සමාජ මාධ්‍යයන්හි සංසරණය වූ සීමාපනවන ලද ප්‍රදේශ යනුවෙන් නම් කරන ලද ලංකා සිතියම වැරදි පුවතක් බවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව විසින් කරන ලද ප්‍රකාශය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අද කරන ලද ප්‍රකාශයක් මගින් අභියෝගයට ලක්ව තිබේ. එම ප්‍රකාශය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියන්නේ දිස්ත්‍රික්ක 16 3000 කට අධික සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කියාය.

ගම්පහ, පොලොන්නරුව, ගාල්ල , කොළඹ, රත්නපුර, කුරුණෑගල , කළුතර, මහනුවර, අනුරාධපුර, යාපනය, කෑගල්ල, මොණරාගල, හම්බන්තොට, පුත්තලම, මාතර, මාතලේ යන දිස්ත්‍රික්යන්හි පෙදෙසි බලපෑමට ලක්වූ ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇතැයි ද එම ප්‍රකාශය කියයි.

ඉහත සඳහන් සිතියමෙහි බලපෑමට ලක් වූ ප්‍රදේශ ලෙස දක්වා තිබුනේද එම ප්‍රදේශයන්ය.

එම සිතියම සමඟ අමුණා ඇති විවිධ ප්‍රදේහයන්හි නිරෝධයනයට ලක් කල පුද්ගලයින්ගේ සංඛ්‍යාවන්හි එකතුව 3,319කි. මෙමගින් අනුමාන කළහැක්කේ එම සිතියම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෝ ඊට සම්බන්ධ පිරිසක් විසින් සකස් කරන ලද්දක් බවය.

එකී සිතියම සමඟ දක්වන ලද නිරෝධායනයට ලක්කල ප්‍රදේශ සහ ජනයා

මෙම සංඛ්‍යා ලේඛන නාලක කලුවැව විසින් ප්‍රතික්ෂේප කර නැත. ඔහු කියා ඇති එකම දෙය නම් රාජාංගනය හැර අනි කිසි පෙදෙසක් වසා දමා නැති බවයි. එසේ නමුත් නිරෝධායනයට ලක්කළ ජනයා වෙසෙන පෙදසේ හෝ නිවෙස් කරා ද පිට අයට ඇතුළු විය නොහැකිය.

Archive

Latest news

Related news