Monday, May 20, 2024

මද වශයෙන් හටගත්තත්, Covid-19 මොළ ආබාධ ඇති කළ හැකියි

Covid-19 මද වශයෙන් හටගත්තේ වී නමුදු Covid-19 භ්‍රාන්තිය සහ අනෙකුත් මොළයේ ප්‍රශ්න ඇතැම් විට ඇති විය හැකිය. SARS-CoV-2 නිසාවෙන් හටගන්නා Covid-19 මහා වසංගතය හේතුවෙන් වඩාත් සුලභව ඇති විය හැකි බවට විද්‍යාඥයන් කලින් අනතුරු හැඟවූ ආකාරයේ බරපතළ මොළ ප්‍රශ්න ගැන වෛද්‍යවරුන්ට දැන ගැනීමට දැන් පටන් ගෙන තිබේ. කොරොනා වෛරසය වැළඳීමෙන් අනතුරුව ස්නාසාවේදීය (ස්නායු වේදීය) සංකීර්ණතා හෙවත් සංකූලතා වර්ධනය වූ රෝගීන් පිළිබඳ විස්තර පසුගියදා පළ වූ නව අධ්‍යයන වාර්තාවකින් හෙළි වේ. සංජානන අසමතාව, එහාමෙහා වීමේ දී හෝ ඇවිදීමේදී ඇතිවන අපහසුතා සහ භයානක (දසුන් හා හඬ) මනෝමායාවන්(hallucinations) මෙන්ම මෝහය(delusions) මෙම සංකූලතා අතර වේ. මෙකී ලක්ෂණ Covid-19 මද වශයෙන් හටගත් අයට ද ඇතිවේ.

download (1)

මිනිස් මොළයේ PET ස්කෑන් යන්ත්‍රයකින් ලබාගත් අනුරූපයක්

 

 

5f05e2334dca68282d66b7ab

Covid-19වැළඳෙන වැඩිහිටියන් අතර එසේ ඇතිවෙන සංකූලතා ගැන මෙතෙක් සිදුකර ඇති වඩාත් පුළුල්ම ගවේෂණය, Brain නම් සඟරාවෙහි පළව ඇති අලුත්ම අධ්‍යයන වාර්තාව බව පෙණී යයි.
Covid-19 වැළඳු බවට සනාථ වූ හෝ වැළඳී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් හතළිස් තුන් දෙනෙකු ගැන අධ්‍යනයේ කතුවරු සොයා බැලූහ. එක්සත් රාජධානියේ, ස්නාසාවේදී ගැටළු ගැන විශේෂඥතාවයක් දක්වන විශාල රෝහලක් වෙත යොමු කරන ලද මෙම ආතුරයන් වයස අවුරුදු18ත්, 85ත් අතරේ අය වූහ. ඔවුන්ගේ Covid-19 අනෙකුත් රෝග ලක්ෂණ වල තීව්‍රතාව, පරාසයක් තුල පැවැතිණ. ඔවුන්ගෙන් පළ වූ ස්නාසාවේදී ලක්ෂණ අතර විභ්‍රමය (delirium = බොහෝ විට සීග්‍රයෙන් ඇතිවන මානසික ව්‍යාකුලතා සහිත කාලච්ඡේදය), සයිකෝසියාව, ආඝාතය(stroke) හදිසි ආබාධය හෙවත් පරිග්‍රහණය, මුහුණ හෝ අතපය පේශි වල දුර්වලකම දක්නට ලැබිණ. ලේ ගැලිම ඇතුළු මොළයේ විවිධ කොටස්වලට ඇතිවන හානිය ආදීය ද ඔවුන්ගේ රෝග ලක්ෂණ අතර විය. ඔවුන්ගේ මොළ ස්කෑන් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පෙනී ගියේ මොළයෙහි ඉදිමුම ලේ ගැලීම සහ මොළයේ විවිධ කොටස්වල හානි පැමිණීම පිළිබඳ සාක්ෂි ඇති බවයි.


තවද බොහෝ ආතුරයන් අතරේ, acute demyelinating encephalomyelitis (උග්‍ර මයිලිනීභූත නිධිකරපර මිංඡාදාහය) හෙවත් ADEM ලෙස හඳුන්වනු ලබන දුර්ලභ රෝග තත්ත්වය වර්ධනය විය. ADEM හි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ස්නායු කෙඳි (nerve fibers) වටා ඇති මයිලින ස්තරයට ප්‍රහාර එල්ල කරන සුළු වේලාවක තුළ පවතින එහෙත් වේගයෙන් පිට කිරීමේ හකියාව සහිත ප්‍රබල ප්‍රදාහමය තත්ත්වයකි. ශ්වසනමය උග්‍ර Covid-19 සහිත පුද්ගලයන් අතරේ වඩාත් නිරතුරුව සමහරක් ස්නාසාරෝග ලක්ෂණ පහළ වුවත් ඔවුනට ADEM වැළඳීම රෝග උග්‍ර තාවය පදනම් කරගෙන පුරෝකතනය කළ නොහැකි විය. මන්ද, සාපේක්ෂතාව මද වශයෙන් Covid-19වැලඳුණු අයට පවා බිය දනවන මට්ටමේ ස්නායු රෝග සිද්ධි වලට මඟ පෑදිමය.
මෙහිදී එක් කැපීපෙනෙන නිදසුනක් දැක්විය හැකිය: හුස්ම ගැනීමේ අපහසුව සහ ගඳ සුවඳ නොදැනී යාම වැනි Covid-19ආවේණික රෝග ලක්ෂණ සහිත 55 හැවිරිදි කාන්තාවක් (පෙර සඳන් කළ) රෝහලට ඇතුළත් කරනු ලැබීය. එහිදී රෝගය සුවවීම සඳහා ඇයට අවශ්‍ය වූයේ අවම ඔක්සිජන් සහායක් පමණකි. දින තුනකින් ඇය රෝහලින් පිටව ගියේ යහපත් ශරීර සෞඛ්‍යයෙන් බව පෙනෙන්නට තිබුණි ඊට පසුදින ඇගේ සැමියා වාර්තා කර සිටියේ ඇයි මංමුලා ගතියකින් පසුවන බවයි. ඇගේ කබාය නිතර ගලවමින් පැළඳ ගැනීම වැනි අමුතු චර්යාවන් ද ඇගෙන් පහළ විය. නිවස තුළ සිංහයන් සහ මුවන් දැකීම වැනි ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය මනොමායාවෙන් මෙම කාන්තාව පෙළෙන බව අනතුරුව වාර්තාවිය. ඇය මානසික විකෘතිභාවයකට ක්‍රමයෙන් පත් වූ අතර Capgras delusion යන මුලාමය තත්ත්වය වර්ධනය විය. මෙම තත්ත්වයේදී එම පුද්ගලයාට හැඟී යන්නේ තමන්ට ආදරය කරන අය වෙනුවට එම පෙනුම ඇති පිටස්තරයන් වටපිටාව අරක්ගෙන ඇතැයි යන්නය. මේ තත්ත්වය තවදුරටත් වර්දනය වී ඇය, ඇගේ වුලේ අය සහ රෝහල් කාර්ය මණ්ඩලය කෙරෙහි ආක්‍රමණශීලීව හැසිරෙන්නට පටන් ගත්තාය.


ඇගේ මංමුලාව (පසුව) පහව ගිය නමුත් මනෝචිකිත්සක ලක්ෂණ දිගටම පවති. මෙම අධ්‍යයන පළ කරන කාලය වන විට වෛද්‍යවරුන් විසින් වාර්තා කරන ලද්දේ සති තුනක කාලයක් අතරතුර ඇගේ තත්ත්වය ප්‍රතිමනෝවෛද්‍යමය ඖෂධවල ආධාර ඇතිව යහපත් අතට හැරෙමින් පවතින බවයි.


වෛරස ආසාදන සම්බන්ධ ස්නායු ලක්ෂණ, පොදුවේ ගත් කළ දුර්ලභ වගක් පෙන්නුම් කරයි. තවද කොරෝනා වෛරසය නිත්‍ය පදනමකින් ස්නායු පද්ධතිය ආක්‍රමණය කරන බවට මේ මොහොතේ බලගතු සාක්ෂි නොමැත. එසේ වීම යහපත් වන්නේ එයත් කොරෝනා ගැටලුව තවත් බරපතළ බවට පරිවර්තනය කරන හෙයිනි. එහෙත්, දැනටමත් ලොව පුරා මිලියන ගණන් ජනතාව ආසාදනයට පත් කරමින් ද, වැක්සීනයක් හෝ බෙහෙවින් ඵලදායී ප්‍රතිකාරයක් සොයාගැනීමට පෙරාතුව තවත් බොහෝ පිරිසක් රෝගී බවට පත්කිරීමේ හැකියාව ද ඇති, අලුතින් මතු වී ආ ගෝලීය වසංගතයක සන්දර්භය තුළ අපට හමුවන්නේ මද රෝගී තත්ත්වයක් පමණක් ඇති වුවද ඇතැම් විට මුළු ජීවිත කාලය පුරාවටම පැවතිය හැකි මෙකී සංකූලතාවන් ට මුහුණ දීමට ඉඩ ඇති ගොදුරු බවට පත් වීමේ විභවයක් ඇති විශාල පිරිසකි.

 

GIZMODO හී පළ වූ Even Mild Covid-19 Can Sometimes Cause Hallucinations and Other Brain Problems යන ලිපිය ඇසුරෙනි/ තතු අඩවියෙනි

 

Archive

Latest news

Related news