Friday, July 19, 2024

රියදුරු බලපත් මුද්‍රණය යුද හමුදාවට පැවරීමට පියවර ගැනේ.

ශ්‍රී ලංකාවේ ආර්ථක කටයුතු යුද්ධ හමුදාව වෙත බාර දීමේ තවත් පියවරක් ගැන අද වාර්තාවෙයි.

එනම් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගමකින් ඉවත් කර හමුදාවට භාර දෙන බව රජය තීරණය කර ඇතැයි කොලොම්බු ගැසට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

දැනටමත් යුද හමුදාව හෝටල් කර්මාන්තය, එළවලු වගාව, වී වගාව වැනි ආර්ථික කටයුතුවල විශාල වශයෙන් යෙදී සිටී.

මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ සාකච්ඡාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, හමුදාපති ලුතිනත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා අමාත්‍යාංශයේ ලේකම් ගාමිනි සෙනවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි‍ වී තිබේ.

මෙහිදී ආරක්ෂක ලේකම් වරයා මෙන්ම යුධහමුදාපතිවරයා ද අදහස් පළ කර ඇති අතර. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, ප්‍රකාශ කර ඇත්තේ බලපත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 1340ක් ඒ සදහා වැය කිරීම අපරාධයක් බවත් ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත්‍රය සකස් කිරීමට හැකි බවත්ය.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව අතර සාකච්ඡාවක් පැවැත්වූ බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි. යුධ හමුදාවට කළ නොහැක්කක් නැති බව කී යුධ හමුදාපති වරයා රියැදුරු බලපත් සකස් කිරීමේ කටයුතු ඉටු කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව සූදානම් බව ද ප්‍රකාශ කළ බවත්මෙ මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා යුධ හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව කමිටුවක් පත් කිරීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රතිපලයක් ලෙස මෙම ව්‍යාපෘතිය එම පෞද්ගලික සමාගමෙන් ඉවත් කර ලබන වසරේ සිට එය හමුදාවට භාරදීමට තීරණය කර තිබේ. එම සමාගමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ 2009 වර්ශයේදීය.

ඩිජිටල් රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජය පෞද්ගලික සමාගමකට විශාල මුදලක් ගෙවන බැවින් එ මුදල රජයේ යුද හමුදාවට ලබා දීම මෙම පියවර මගින් සිදුවේ.

මෙම කාර්යය ආන්ඩුවට රජයේ මුද්‍රණ සංස්ථාවට පැවරීම ලෙහෙසියෙන්ම කළ හැකිව තිබූ බව විචාරක අදහසය.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල යුද හමුදාවන් ආර්ථික කටයුතු සඳහා යොදා ගන්නේ නැත. යුද හමුදාව දැවැන්ත ලෙස ආර්ථික කටයුතු වලට සම්බන්ධ වී සිටින පතිස්ථානයේ සැබෑ දේශපාලන බලවතා වන්නේ ද යුද හමුදාවයි. රඑට වත්මන් අගමැති ඉම්රාන් ඛාන් බලයට පත්වූයේ යුද හමුදාවන්හි පිටුබලය මගිනි.

Archive

Latest news

Related news