Tuesday, May 7, 2024

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකා විශාකා විදුහල්පතිනියට චෝදනා 15ක්. ඒත් තාම වැඩ! – ලංකා ගුරු සංගමය

ඡායාරූපය‍: අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය

ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුවෙමින් තිබියදීත් විශාකා විදුහල්පතිනිය මෙවරත් ළමුන් ඇතුළත් කිරීමේ කටයුතුවල

කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන සඳමාලි අවිරුප්පල මහත්මියට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවෙන් චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කොට ඇත. 2019 වසරට අදාළව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 2019.09.25 දිනැතිව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ලේකම් ඒ.ඩබ්.ආර්. විමලවීර මහතාගේ අත්සනින් චෝදනා 15 ක් ඇයට ඉදිරිපත් කර ඇත.

මේ වන විට එම චෝදනා පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණ නිලධාරියෙකු ද පත් කර ඇති අතර, අදාළ විනය පරීක්ෂණ කි‍්‍රයාවලිය ආරම්භ වී ඇත. 2019 වසරේ පාසලට ළමුන් ඇතුළත් කිරිමේදී ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන්ගේ ගණය යටතේ හා සහෝදර පදනම යටතේ, කාර්ය මණ්ඩලවලට අයත් තැනැත්තන්ගේ ළමුන්ගේ ගණය යටතේ පදිංචිය තහවුරු කිරීමේ ව්‍යාජ ලිපි ලේඛන ලබා ගැනීම මෙන්ම අධ්‍යාපන ලේකම්ගේ අංක 24/2018 චක්‍රලේඛයට පටහැනිව ලකුණු ලබාදීම ඇතුළු චෝදනා ගණනාවක් මෙම චෝදනා පත‍්‍රයේ අන්තර්ගතය. චෝදනා පත්‍රයේ 15 වන චෝදනාව වන්නේ රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීමෙන් ශී‍්‍ර ලංකා ප්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII jk වන පරිචඡ්ඡේදයේ පළමු වන උපලේඛනයේ 10 වන වගන්තියට ගැනෙන වරදක් සිදු කිරීම බවයි.

මේ වන විට අදාළ පරීක්ෂණය සඳහා පරීක්ෂණ නිලධාරියෙකු ද පත් කොට චෝදනා පත්‍රයද ද ඉදිරිපත් කොට ඇති අවස්ථාවක ඇය එම පාසලේම කටයුතු කිරීම තුළ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් මෙන්ම ලිපි ලේඛන ද ඇයට පාලනය කළ හැකි තත්වයක පවතී. ඇය එම පාසලේ තබා ගනිමින් මෙම පරීක්ෂණය සිදු කිරීම ගැටලූකාරී තත්වයක් බව ලංකා ගුරු සංගමය විසින් රාජ්‍ය සේවා කොමිසමට මෙන්ම අධ්‍යාපන ඇමතිවරයාට ද ලිඛිතව දැනුම් දී ඇත.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ම චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කි‍්‍රයාවලියක් පවතින අවස්ථාවක 2021 වසරට අදාළව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ කටයුතුවලට ඇය සම්බන්ධ වී සිටීම බරපතල අනීතික තත්වයකි.

මෙවැනි චෝදනා පත්‍රයක් එල්ල වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් අංක 2169/2 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයෙන් පත් කරන ලද ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙස ද ඇය කටයුතු කරයි. මීට ඉහත දී මෙවැනි චෝදනා ලද විදුහල්පතිවරු පාසලෙන් ඉවත් කොට පරීක්ෂණ සිදු කළ ද විශාකා විදුහලේ විදුහල්පතිනිය සුවිශේෂ වරප‍්‍රසාදයක් බුක්ති විදීම විමතියට කරුණකි.

මෙයට,


ජෝසප් ස්ටාලින්
ප්‍රධාන ලේකම්. ලංකා ගුරු සංගමය

 

Archive

Latest news

Related news