Monday, May 6, 2024

කොවිඩ් 19: ප්‍රසිද්ධියේදී මුඛ වැස්ම පළදින ලෙස බ්‍රසීල ජනපතිට අධිකරණ නියෝගයක්; ඇමෙරිකාවේ යළි නරක තත්වයක්; දක්ෂතම ටෙනිස් ක්‍රීඩකයාටත් බෝවේ.

ඡායාරූපය: බ්‍රසීල ජනපති  විසින් කොවිඩ් 19  පොඩි හෙම්බිරිස්සාවක් යැයි කී වසංගතයට දැනට 51,000ක් බිලිවී තිබේ.

දක්ෂිණාංශික ජනතාවාදීයකු වන බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ මුඛ වැස්මකින් තොරව දේශපාලන රැලිවලට සහභාගී වීමෙන් පසු  ඊයේ (23) ප්‍රසිද්ධ කරන ලද   අධිකරණ තීන්දුවක් මගින්  බ්‍රසීල විනිසුරුවරයෙක් ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට ප්‍රසිද්ධියට පැමිණෙන අවස්ථාවන්හිදී  වමුඛ වැස්මක් පැළඳීන ලෙස නියෝග කර තිබේ.

ෆෙඩරල් විනිසුරු රෙනාටෝ බොරෙලි පැවසුවේ  කොවිඩ්-19 පුපුරා යාම මන්දගාමී කිරීම සඳහා වූ ෆෙඩරල් දිස්ත්‍රික් ආඥා පනතට දිගින් දිගටම අකීකරු වුවහොත් බොල්සනාරෝට දිනකට රයිස් 2,000 (ඩොලර් 387) ක දඩයකට යටත් කරන බවයි.

බ්‍රසීලයෙහි කොවිඩ් 19 දරුණූ වසංගත තත්වයක් බවට පත්වූයේද ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අනුව යමින් ගෝලීය වසංගතය එතරම් ගණන් ගත යුතු නැතැයි ප්‍රකාශ කර වැළැක්වීමට අවශ්‍ය සෞඛ්‍යමය පියවර නොගත් නිසාය. මේවන විට කොව්ඩ් 19 නිසා බ්‍රසීලයෙහි 1,117,430ට වයිරසය අසාදනය වී  51,502ක් මිය ගොස් තිබේ.

 ශ්‍රි ලංකා ජනාධිපතිවරයා අන් සියලු දෙනා මුඛ ආවරණ පැළද සිටි නිදහස් දින උත්සවයේදී පවා එම ආරක්ෂක පියවර අනුගමනය කළේ නැත.

මේ අතර පසුගිය දින දෙක තුළ පමණක් 50,00ක් දෙනාට කොවිඩ් 19 අසාදනය වූ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි තත්වය වඩා නරක් වියහැකි බව වසංගතය සම්බන්ධ එරට ප්‍රධාන වෛද්‍යවරු තිදෙනා ඊයේ (23) ප්‍රකාශ කර තිබේ.

ඇමරිකාවේ ඉහළම බෝවන රෝග විශේෂඥයා වන ඇන්තනි ෆවුසි  නීති සම්පාදකයින්ට පවසා ඇත්තේ සමහර ප්‍රාන්තවල කොරොන වයිරස් ආසාදනවල “කරදරකාරී නැගීමක්”  පෙන්නම් කරන බවයි.

එක්සත් ජනපද ප්‍රාන්ත ගණනාවක් හරහා වසංගත අසාදිත ප්‍රමාණයන් වේගයෙන් ඉහළ යමින් පවතින අතර වයිරසය ගණන් නොගෙන එළඹෙන පැවැත්වූ ඩොනල්ඩ් ට්‍රම්ෆ්ගේ  ජනාධිපතිවරණ ප්‍රචාරක රුස්වීමක සංවිධායකියින් හය දෙනෙකුටම දැන් කොවිඩ් 19 අසාදනය වී තිබේ.

පකිස්තානු ක්‍රිකට් නායකයාටත් කොවිඩ් 19 වළදී තිබේ

සීමා කිරිම් ලිහිල් කරන අතරතුර වසංගතය නොසළකා හැර ක්‍රීඩා පුහුණුවීම්වල යෙදුණු පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින් හත් දෙනෙකුට දැනට කොවිඩ් 19 අසාදනය වී තිබේ. අගොස්තු මාසයෙහි එංගලන්තයේ ක්‍රීඩා තරඟ මාලාවකට සහභාගිවීම සඳහා පකිස්තාන ක්‍රිඩකයෝ මේ දිනවල පුහුණුවීම් වල යෙදෙමින් සිටිති.

මේ අතර බෙල්ග්‍රේඩ්හි  ටෙනිස් තරඟ මාලාවක් සංවිධානය කළ අද ලොව අංක 01 දරණ  ටෙනිස් ශූරයා වන නොවැක් ජොගොවික්ට ද වයිරසය අසාදනය වි ඇති බව ඊයේ වාර්තා විය. මෙම තරඟ මාලාව අතරතුර සමාජ දුරස්තරබව පවත්වා ගැනීම නොසළකා හරින ලද අතර වැළද ගැනීම් සහ අතට අත දීම්ද සිදුවිය. ඊට අමතරව ක්‍රීඩකයින් සහභාගිවූ රාත්‍රී සමාජශාලා එක්වීමක් ද පවත්වන ලදී. එහිදී කිසිදු සීමාවකින් තොරව විනෝද වූ බව වාර්කා වේ. මෙ වන විට අඩුම වශයෙන් මෙම තරඟාවළියට සහභාගි වූ ලොව ප්‍රධාන පෙළේ ටෙනිස් ක්‍රීඩකයින් තුන් දෙනෙකුට රෝගය අසාදනය වී තිබේ.

තවම ගෝලීය වසංගතය අවසන්ව නැති බවත් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම අසාදිතයින් සංඛයාව වන 150,000 වාර්තා වූ පසුගිය දිනක බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම තත්වය යටතේ අගොස්තු මාසයේ සිට සචාරකයින්ට රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය යළි සළකා බැලීමට සිදුවනු ඇතැයි ද විවිධ අංශ ප්‍රකාශ කරති. මහා ජනයා සමාජ දුරස්ථභාවය නොසළකා කටයුතු කිරීම ගැනත් අවශ්‍ය තරම් ප්‍රවාහණ පහසුකම් නැති බැවින් බස් රථවලදී තදබදව ගමන් කිරීමට සිදුවීම ගැනත් කණස්සල්ල පළ කරන වෛද්‍ය අමල් ජාසිිංහ මෙමගින් වසංගතය යළි පැතිරයාමක් ඇතිවිය හැකි යැයි බිය පළ කර තිබේ.

මේ අතර පේස්බුක් සටහනක් තබන ජනාධිපති රාජපක්ෂ ද පරිස්සම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිට තිබේ: “ලෝකයෙ සියලුම රටවල් කොවිඩ් 19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමුහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රට සාධණීය ජයග්‍රහණයක් ලබා ඇතත් කොවිඩ් 19 වෛරසය තවමත් ලොවෙන් තුරන් වී නැත. නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිරයාමේ අවධානමක් පවතී. එබැවින් තවදුරටත් සෞඛ්‍ය අංශ සහ රජයෙ උපදෙස් මත තවදුරටත් ආරාක්ෂාකාරි පියවර අනුගමනය කරන ලෙස මම සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමි.”

 

Archive

Latest news

Related news