Thursday, April 25, 2024

ත්‍රි.මල නාවික කඳවුරේදී දරුවන් 11 දෙනා ඝාතනය කිරීමේ නඩුව ඇසීම අභියාචනාධිකරණය අත්හිටුවයි.

නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු 13 දෙනෙකුට එරෙහි නීතිපති දෙපාර්ථමේන්තුව විසින් පවරා ඇති නඩුව විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් අද (25) නිකුත් කළේය.

ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා අභියෝගයට ලක් කරමින් කරන්නගොඩ විසින් ගොනු කරන ලද රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් වනතරු නඩුව විභාග නොකරන ලෙස අධිකරණය නියෝග කළේය.

කරන්නාගොඩ විසින් පවරා තිබූ රිට් පෙත්සම විසිකර දැමිය යුතු බවට කරක කළ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මෙසේ කියා සිටියේය:

නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 135 ක ඉතිහාසය තුළ චූදිතයෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අධිචෝදනා අභියෝගයට ලක් කරමින් රිට් අයදුම්පතක් ගොනු කර ඇති පළමු අවස්ථාව මෙය. නිත්‍ය මහාධිකරණ නඩු විභාගයක් ඉදිරියේ විභාග වෙමින් පවතින නඩුවකට අභියාචනාධිකරණයට මැදිහත් විය නොහැකියි . පෙත්සමට නීතිමය පදනමක් නොතිබෙන නිසා එය ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිමි,

වසර 135ක් තුළ සිදුවූ දේ නොවන යුගයක් දැන් එලඹ තිබේ.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරී අද්මිරාල් වසන්ත කරන්නගොඩ ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

2008 සහ 2009 වර්ෂවලදී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම, කප්පම් ගැනීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් කරන්නගොඩ සහ තවත් 13 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දප්පුල ලිවේරා පසුගිය වසරේදී තීරණය කළේ දීර්ඝ පරීක්ෂනයකින් පසුය.

සිය දරුවන් නැති වූ මා පියෝ තවමත් යුක්තිය අපේක්ෂාවෙන් සිටිති.

Archive

Latest news

Related news