Saturday, May 18, 2024

කොරෝන වයිරසයේ සැර බැහැලා- ඉතාලි වෛද්‍යවරු; නෑ එහෙම නෑ – WHO

ජායාරූපය: ඉතාලියෙහි වසංගතය දරුණූ තත්වයකට වර්ධනය විය.

නව කිරීටක වයිරසයේ ශක්තිය අඩුවෙමින් පවතින අතර එය මාරාන්තික නොවන එකක් බවට පත්ව ඇති බව ඉතාලියේ ජ්‍යෙෂ් වෛද්‍යවරයෙක් පවසා තිබේ.

යථාර්ථය නම්, වයිරසය සායනිකව තවදුරටත් ඉතාලියේ නොපවතින” බවයි යනුවෙන් ඉතාලියේ කොරෝනා වයිරස් රෝගයට දරුණු ලෙස ගොදුරු වූ ලොම්බාර්ඩි හි උතුරු කලාපයේ මිලාන්හි සැන් රෆායෙල් රෝහලේ ප්‍රධානී ඇල්බර්ටෝ සැන්ග්‍රිලෝ පවසා තිබේ.

පසුගිය දින 10තුළ සිදු කරන ලද ස්පුබ්ස් ( එනම් කටින් කෙළ ලබා ‍ගෙන) පරීක්ෂණ මගින්, මාසයකට හෝ දෙකකට පෙර සිදු කළ ඒවාට සාපේක්ෂව ප්‍රමාණාත්මකව වෛරස් අතිශය අඩුවීමක් පෙන්නුම් කරයි,” ඔහු රූපවාහිනී සාකච්ජාවකදී පවසා තිබේ.

COVID-19 වලින් ලොව තුන්වන වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙහි සිදුවූ අතර, පෙබරවාරි 21 වන දින පුපුරා යාමෙන් පසු එරට පුද්ගලයින් 33,415 ක් මියගොස් තිබේ.

කෙසේ වෙතත්, මැයි මාසයේදී නව ආසාදන හා මර ක්‍රමයෙන් පහත වැටුණි. යුරෝපයෙහි වඩාත්ම දැඩි අගුලු දැමීම සිදු වූයේද ඉතාලියෙහිදී ය.

දෙවන වරට ආසාදන රැල්ලක් ඇතිවීමේ අපේක්ෂාව ගැන තැතිගැනීමක් ඇති නමුත් මෙම නව යථාර්ථය සැලකිල්ලට ගත යුතු බවත් සැන්ග්‍රිලෝ පැවසා තිබේ.

එනමුත් ඉතාලි ආණ්ඩුව වසංගතය එරටින් අතුරුදහන්වී ඇතැයි කල්පනා නොකරයි.

වෛරසය අතුරුදහන් වී ඇති බව තවමත් විද්‍යාත්මක සාක්ෂි මගින් පෙන්වා නැත. ඉතාලියානුවන් ව්‍යාකූල නොකිරීමට වගබලා ගත යුතුය. අප ඉතාලියානුවන්ට ආරාධනා කළ යුත්තේ උපරිම පරෙස්සම් වීම, කායික දුරස්ථභාවය පවත්වා ගැනීම, විශාල කණ්ඩායම් රැස්වීම වළක්වා ගැනීම, නිතර අත් සේදීම සහ මුහුණු ආවරණ පැළඳීමය” යැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උප ලේකම් සැන්ඩ්‍රා සම්පා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

උතුරු ඉතාලියේ තවත් වෛද්‍යවරයෙක් කොරෝනා වයිරසය දුර්වල වන බව සිය අත්දැකීම බවද ප්‍රකාශ කර තිබේ. ජෙනෝවා නගරයේ සැන් මාටිනෝ රෝහලේ බෝවන රෝග සායනයේ ප්‍රධානී මැටියෝ බාසෙට්ටි පැවසා ඇත්තේ “මීට මාස දෙකකට පෙර වෛරසයට තිබූ ශක්තිය අද පවතින ශක්තියට සමාන නැත” යයි කියාය. “අද කොව්ඩ්-19 රෝගය වෙනස් බව පැහැදිලිය.” (රොයිටර් පුවතක් ඇසුරිණි)

එසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් සහ තවත් විද්‍යාඥයින් පිරිසක්, ඉහත කී ඉතාලි ජාතික ඉහළ පෙළේ වෛද්‍යවරයා විසින් කළ කොවිඩ් -19 වසංගතයට හේතු වන කොරෝන වයිරසයට ඇති හැකියාව නැති වී ඇතැයි කියන ප්‍රකාශය හවුරු කැරෙන කිසිදු සාක්ෂියක් නොමැති බව ජූනි 1 දා පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාමාරියා වැන් කෙර්කොව් මෙන්ම වයිරස් හා බෝවන රෝග පිළිබඳ විශේෂයන් කිහිප දෙනෙකු පැවසා ඇත්තේ වයිරසයේ බලය අඩුවන බවට වන ප්‍රකාශයට විද්‍යාත්මක සාක්ෂි මගින් සහායක් නැති බවයි.

නව කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වන ආකාරයේ හෝ රෝගයේ බරපතලකමෙහි හෝ සැලකිය යුතු ලෙස වෙනසක් ඇති බව පෙන්වීමට දත්ත නොමැති යයි එම පිරිස් පවසති.

Archive

Latest news

Related news