Thursday, November 21, 2024

විනය ගරුක රටක් සෑදීමට සෑදීමට “තනි සිංහල” මිලිටරි ජනාධිපති කාර්ය සාධක බලකායක්!

සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක සහ නීති ගරුක  සමාජයක් පිහිටුවීම සඳහා ජනාධිපති රාජපක්ෂ විසින්  සාධක බලකායක් පිහිටුවා තිබේ. එය සමන්විත වන්නේ සිංහල යුද නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ගෙනි. මේ අනුව ගුණ ගරුක සමාජය ක් ඇති කිරීම ද දැන් මිලිටරියට බාරදී තිබේ.

එහි සිටින එකම සිංහල නොවන නිලධාරියා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරල් සුරේශ් සාලි පමණි.

මෙම කාර්ය සාධක බලකාය එක් අතෙකින් මිලිටරි පාලනයක් සඳහා මුල් පියවරක්ද විය හැකි බව යම් යම් පිරිස් පවසති.

මෙයට අමතරව නැගෙනහිර පලාතෙහි පුරා වස්තු සංරක්ෂනය සඳහා ද ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර එයද තනි සිංහල එකකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යාලන සරසවියේ ආචාර්ය කේ. ගුරුපරන් පවසන්නේ ” වෙනත් අර්ථයක් තිබිය නොහැක. සම්පුර්ණයෙන්ම මිලිටරීකෘත රාජ්‍යයක් තුළ ජනාධිපතිවරයා විසින් මෙහෙයවනු ලබන ‘කාර්ය සාධක බලකායේ පාලනය’ වැඩි වැඩියෙන් අත් දකිමින් සිටිමු. දරිද්‍රතා අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා සියල්ල ක්‍රියාත්මක වන්නේ කාර්ය සාධක බලකාය විසිනි.” යනුවෙනි.

එය විසින් ක්‍රියාවට නැංවිය යුතු ප්‍රථම කාරිය මෙසේය:

“වර්ථමානයේ රටේ යම් යම් ස්ථානවල නිදහස් හා සාමකාමී සමාජ පැවැත්මකට හානිකර අයුරින් මතුවෙමින් පවතින නීතිය උල්ලංඝනය කරමින් හැසිරෙන සමාජ කණ්ඩායම්වල එකී නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම.”

මෙම නීතිය උල්ලංගනය කිරීම් අතරට උද්ඝෝෂන, පා ගමන්, ලිපි ලේඛන, රැස්වීම් යනාදී ඕනෑම දෙයක් ඇතුළත් විය හැකිය.

එම ගැසට් නිවේදනය මෙසේය:

 

 

 

Archive

Latest news

Related news