Saturday, April 27, 2024

වෛද්‍ය අමල් ජාසිංහට තර්ජනය කලේ ජීවන් තොන්ඩමන් බව පොහොට්ටු වෙබ් අඩවියක් ද කියයි. පොලීසිය නිදි!

මියගිය වතු කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොන්ඩමන්ගේ අවමඟුළ නිරෝධායන නීති අනුව කළ යුතු බවට දැන්වූ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට ජීවන් තොන්ඩමන් විසින් තර්ජනය කරන ලද බව පොදු පෙරමුණට සමීප බව පෙන්වන ලංකා අයිවිට්නස් නම්  වෙබ් අඩවියක් ද වාර්තා කර තිබේ. දැන් මෙම තර්ජනය ගැන පොලීසිය ගන්නා පියවර කුමක්දැයි දේශපාලන අංශ විපරමෙන් සිටිති. ඇදරි නීති කැඩූ බවට 66,000ක් අත් අඩංඟුවට ගත් පොලීසිය ජීවන් තොන්ඩමන්ට අත නොතබනු ඇතැයි ශ්‍රී ලංකා බ්‍රිෆ් අඩවියට අදහස් දැක්වු මානව හිමිකම් ක්‍රියාකාරීහු ගණනාවක්ම සඳහන් කළහ. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ ජීවන්ගේ ජන්ද කුටට්ය නීතියේ පාලනයට වඩා රාජපක්ෂලාට වැදගත් නිසාය.

ඊට අමතරව එම වෙබ් අඩවිය සදහන් කරන්නේ ජීවන් තොන්ඩමන් මැතිවරණ නීති කඩමින් ඡන්ද ප්‍රචාරයේ යෙදුණු බවට මැතිවරණ කොමිසම ට පැමිණිල්ලක් ලැබී තිබේ .මුලින් මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ට ලැබුණු පැමිණිල්ල පසුදා ඔහු මැතිවරණ කොමිසමට යොමු කර ඇති බවයි.

එම වාර්තාව පහත දැක්වේ.

වතු කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොන්ඩමන් ගේ අභාවය සිදුවූ අවස්ථාවේ ඔහුගේ පුත් ජීවන් තොන්ඩමන් මැතිවරණ නීති කඩමින් ඡන්ද ප්‍රචාරයේ යෙදුණු බවට මැතිවරණ කොමිසම ට පැමිණිල්ලක් ලැබී තිබේ .මුලින් මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ට ලැබුණු පැමිණිල්ල පසුදා ඔහු මැතිවරණ කොමිසම ට යොමු කළේය .

සිය පියාගේ දේහය නුවරඑළිය ට ගෙන ආ අවස්ථාවේ නිරෝධායන නීති හා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජීවන් තොන්ඩමන් විවෘත රථයක නැගී ඡන්ද ප්‍රචාරණයේ යෙදුණු බව පැමිණිල්ලේ සදහන් ය.එම පැමිණිල්ල වහා විභාගයට ගැනීමට තීන්දු කළ මැතිවරණ කොමිසම මේ සතියේ කොමිෂන් සභා රැස්වීම ට එය ඉදිරිපත් කර තීන්දුව ක් ගැනීමට නියමිත බව සදහන් වේ.

ආරුමුගම් තොන්ඩමන් අභාවයෙන් හිස් වූ නුවරඑළිය දිස්ත්‍රික් ඡන්ද අපේක්ෂක ධුරයට ජීවන් තොන්ඩමන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් නම් කරන ලදී .ඉන් පසුදා මෙම සිදුවීම හට ගත්තේ ය .

ඒ අතර පියාගේ අවසන් කටයුතු සදහා නිරෝධායන නීති අනුගමනය කරන ලෙස ඔහුට දැන්වූ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහටද ජීවන් තොන්ඩමන් තර්ජනාත්මක ව කතා කළ බව මාධ්‍ය වාර්තා කළේය .

Archive

Latest news

Related news