Monday, May 20, 2024

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහට තොන්ඩමන්ගේ මළ ගෙදරින් තර්ජනයක්! 

හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් කටයුතු සංවිධානය කරන අයකු විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දුරකථනය මගින් තර්ජනය කර ඇතැයි සමාජ ජාලයන්හිි පළ ව ඇති පුවත ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.

සමාජ ජාල සදහන් කරන්නේ මෙම තර්ජනය ජීවන් තොන්ඩමන් විසින් කර ඇති බවයි. එය නොනිල පුවතකි. එය සැබෑවක් දැයි තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා බ්‍රීෆ් අඩවියට නොහැකි විය.

මෙම තර්ජනය සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ද  පහත පළවන එම නිවේදනය ඉල්ලා සිටී.

උග්‍ර රාජපක්ෂවාදියකු වන ඉරාජ් වීරරත්න තොන්ඩමාන් අවමඟුළ මේසේ හෙළා දැක තිබේ

Archive

Latest news

Related news