පොලිස් නිලධරයකු විසින් දණ හිසෙන් ගෙල සිරකර මැරූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් වචන

821

එක්සත් ජනපද පොලිස් නිලධාරියකු විසින් සිය දණහිසෙන් ගෙල හිරකර ඝාතනය කරන ලද 46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් වචන මේවාය.

හුස්ම හිරවන තෙක් මිනිත්තු හතක් ඩෙරික් ෂොවන් නම් පොලිස් නිලධාරියා ඔහුගේ ගෙල මත දණ ගසා සිටි අතර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහු පොළාවට තද කර අල්ලා ගෙන සිටියේ ය.

“මහත්මයා, මේ මගේ මූණ

මම බරපතල දෙයක් කරේ නැහැ

කරුණාකරන්න

කරුණාකරන්න

කරුණාකරන්න, මට හුස්ම ගන්න බැහැ

මහත්මයා,, කරුණාකරන්න

කරුණාකරන්න, කවුරුහරි (උදව් කරන්න)

මහත්මයා,, කරුණාකරන්න

මට හුස්ම ගන්න බැහැ

මට හුස්ම ගන්න බැහැ

කරුණාකරන්න

(නොඇසේ)

මහත්මයා,, මට හුස්ම ගන්න බැහැ, මගේ මුහුණ

නැගිටින්න ( මගේ ඇඟ උඩින්)

මට හුස්ම ගන්න බැහැ

කරුණාකරන්න (නොඇසේ)

මට හුස්ම ගන්න බැහැ

මම කරන්නම්

මට හෙල්ලෙන්න බැහැ

අම්මේ

අම්මේ

මට බැහැ

මගේ දණහිස

මගේ හන්දි

මම ඉවරවෙයි

මම ඉවරවයි

මට බයයි

මගේ බඩ රිදෙනවා

මගේ බෙල්ල රිදෙනවා

හැම දෙයක්ම රිදෙනවා

වතුර ටිකක් හෝ යමක්

කරුණාකරන්න

කරුණාකරන්න

නිලධාරියා, මට හුස්ම ගන්න බැහැ

මාව මරන්න එපා

ඔවුන් මාව මරනවා

මහත්මයා, අයින් වෙන්න

මට හුස්ම ගන්න බෑ

මට හුස්ම ගන්න බෑ

ඔවුන් මාව මරනවා

ඔවුන් මාව මරනවා

මට හුස්ම ගන්න බැහැ

මට හුස්ම ගන්න බැහැ

කරුණාකරන්න සර්

කරුණාකරන්න

කරුණාකරන්න

කරුණාකර මට හුස්ම ගන්න බැහැ “

එවිට ඔහුගේ දෑස් වැසී ආයාචනය නතර වෙයි. ටික වේලාවකට පසු ජෝර්ජ් ෆ්ලොයිඩ් මියගොස් ඇති බවට ප්‍රකාශ කරන ලදී.

මෙම ඝාතනය ඇමෙරිකානු ජනතාව අතර දරුණු කම්පනයක් ඇති කර රට පුරා පැතිර යන විරෝධතා රැල්ලකට උපත දුන්නේය.  ආමෙරිකාවෙහි පරසිඳු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, ගායක ගායිකාවෝ සහ දේශපාලන චර්ත මෙම ඝාතනය පිළිබදසිය වේදනාවද විරෝධය ද පළ කරමින් තිබේ.

මේ මිෂෙල් ඔබාමා විසින් තවන ලද සටහනකි.

ඔබ බොහෝ දෙනෙක් මෙන්, මෙම මෑත ඛේදවාචකයන්ගෙන් මටද වේදනාව දැනේ. කිසි විටෙකත් නතර නොවන බව පෙනෙන හෘද තැවුලකින් මම වෙහෙසට පත්ව සිටිමි. දැන් එය ජෝර්ජ්, බ්‍රෝනා සහ අහමඩ් ය. ඊට පෙර එරික්, සැන්ඩ්‍රා සහ මයිකල් ය. එය දිගටම කැරේ.

ඩෙරික් ෂොවන් නිලධාරියා ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සිර කර ගෙන සිටින අයුරු