Monday, May 20, 2024

කෝවිඩි 19 වසංගතය: සමගි ජනබලවේගය අමල් ජාසිංහගෙන් ප්‍රභූ පරීක්ෂාවන් ඇතුලු සම්පූර්ණ තොරතුරු ඉල්ලයි!

කොවිඩ් 19 වෛරස් වසංගතය හා සම්බන්ධ තොරතුරු සමුදායක් ඉල්ලා සමගි ජනබලවේගය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ වෙත තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලිපියක් යවා තිබේ. මෙම ලිපිය මගින් ජනාධිපති  කාර්යාලයේදී, අගමැති කාර්යාලයේදී සහ වෙනත් ප්‍රභු වාසස්ථානයන්හිදි කරන ලද කොවිඩ් 19 පරීක්ෂන ප්‍රමාණයන්ද  ඉල්ලා සිට තිබේ. සාමන්‍ය රීතිය අනුව දෙසතියක් තුළදී  මෙම තොරතුරු දීමට රජයේ නිලධාරීන් බැඳී සිටී. එසේ විවිධ හේතූන් උඩ මෙම තොරතුරු දීම පමා කිරීමට එම නිලධාරීන්ට අවස්ථාව තිබේ. අමල් ජාසිංහ මෙම තොරතුරු ඉක්මණින්න ලබා නොදුන හොත් එය දේශපාලන කරළියේ ප්‍රශ්ණයක් බවට පත්වීමට ද ඉඩ ඇත.

සමගි ජන බලවේගයේ නිල ලිපි ශීර්ෂයක් ඇතිව යවා ඇති මෙම ඉල්ලීමට හර්ෂ ද සිල්වා, අශෝක අබේසිංහ සහ විජිත් විජයමුණි සිල්වා ඇතුළු හිටපු මංත්‍රීවරුන් අට දෙනෙකු අත්සන් තබා තිබේ.

එම ලිපිය පහත දැක්වේ.

වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සුවසිරිපාය, සෞඛ්‍ය අමාත්‍යංශය, කොළඹ .

ප්‍රිය මහත්මයාණෙනි, 

2026 අංක 12 දරන තොරතුරු දැන  ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලා සිටිනු ලබන තොරතුරු 

කෝවිඩි 19 වසංගත රෝගය පිළිබඳව පහත සඳහන් තොරතුරු අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු .

1.කෝවිඩි  වෛරසය හඳුනා ගැනීමට මේ වන විට සිදු කොට ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව ?

2.එම පරීක්ෂණ තුළින් හදුනා ගත් ආසාදිත රෝගී සංඛ්‍යාව ?

3.එම පරීක්ෂණ සිදු කළ ස්ථාන සහ සිදු කළ දිනයන් ?

3.නිරෝධායන කඳවුරු තුළ සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ හදුනා ගත් රෝගීන් සංඛ්‍යාව ?

4.ජනාධිපති මන්දිරයේ සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ සිදු කළ දිනයන් වෙන් වෙන් වශයෙන් ?

5.අරලියගහ මන්දිරයේ  සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ දිනයන් වෙන් වෙන් වශයෙන් ?

6.වෙනත්  ප්‍රභූ වාසස්ථාන වල සිදු කළ පරීක්ෂණ සහ දිනයන් ?

7.අහඹු ලෙස සිදු කළ පරීක්ෂණ ප්‍රමාණය දිනයන් සහ ස්ථාන ?

8.පරීක්ෂණ සඳහා ලැබුණු PCR කට්ටල ප්‍රමාණය ඒවා ලැබුණු දිනයන් ?

9.එම පරීක්ෂණ කට්ටල භාවිතා කළ ආකාරය ?

10.ඉතිරි ව ඇති පරීක්ෂණ කට්ටල ප්‍රමාණය ?

11.එම පරීක්ෂණ කට්ටල ලැබුණු මූලාශ්‍රයන් සහ ලැබුණු දිනයන් සහ බෙදා දුන් ආකාරය ?

12. antibody පරීක්ෂණ සිදු කර ඇති ප්‍රමාණය ?

13.කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව ?

14.කොරෝනා වෛරසයට ආසාදිත නො වූවා යයි සලකා එ නමුත් නිරෝධායන රෙගුලාසි යටතේ ආදාහනය කළ පුද්ගල සංඛ්‍යාව ?

15. නිරෝධායන මධ්‍යස්ථානවල දී පුද්ගල මරණ සිදුවූවා නම් එම ස්ථාන සහ සංඛ්‍යාව ?

ස්තුතියි.

( ඇසුර නිව්ස් ටියුබ්)

Archive

Latest news

Related news