එංගලන්තයේ සදම්ටන් මහ රෝහලේ නව බැන්සි කලා කෘතියක් ප්‍රදර්ශනය කෙරෙයි.
බැන්ක්සි යනු කිසිවිටෙක සිය අනන්‍යතාවය හෙළි නොකරන පරසිඳු අදිසි කලාකරුවෙකි. ඔහු සිය සිතුවම් වීදි ච්රි වශයෙන්ද ප්‍රසිද්ධියට පත් කරන්නේ ඒ්වා රහසිගතව සිතුවමට නගමිනි. වසංගතවට පෙර ඔහු වැලන්ටයින් දිනයේදී ළැදැරියක් කැටපෝලයකින් රෝස මලක් විදුනු බිත්තියක චිතුයට නඟා තිබුණි. ඒය කවර හෝ දාමරික පිරිසක් විසින් තීන්ත උලා විනාශ කර දැමුණි.
වර්ග මීටරයක් තරම් වන මෙම නව ඒකවර්ණ සිතුවම රෝහලේ කළමනාකාරිත්වයේ අනුමැතියෙන් හදිසි ප්‍රතිකාර අංශය අසල එල්ලා තිබේ.
එහි දැක්වෙන්නේ කම්කරු කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසී අපද්‍රව්‍ය කඩදාසි කූඩයක් අසළ දණ ගසන කුඩා පිරිමි ළමයෙකි.
එන්එච්එස් නම් ජාතික සෞඛ්‍ය සේවාවේ හෙදියක් වන නව ප්‍රියතම ක්‍රියාකාරී වීරවරිය වෙනුවෙන් ඔහු සිය ස්පයිඩර්මන් සහ බැට්මෑන් ආකෘති කුණ කූඩයට දමා තිබේ.
හෙදියන්ගේ අත දිගු කොට ඇත්තේ සුපර්මෑන් මෙහෙයුමක විලාසිතාවට අනුවය.
ඇය මුහුණු ආවරණයක්, හෙදි හිස් ආවරණය සහ රතු කුරුස ලාංඡනය සහිත ඇඳුමක් ඇඳ සිටී. (පින්තූරයේ ඇති එකම වර්ණය වන්නේ රතුකරුස ලාචනයයි).
බැන්ක්සි විසින් රෝහල් කාර්්‍ය මණ්ඩලය සඳහා සටහනක් තැබූ අතර එහි මෙසේ සඳහන් විය: “ඔබ කරන සියල්ලටම ස්තූතියි. මෙය කළු හා සුදු පමණක් වුවද මෙම ස්ථානය මඳක් දීප්තිමත් කරාවි.”
එන්එච්එස් සඳහා මුදල් රැස් කිරීම සඳහා එය වෙන්දේසි කරන තෙක් මෙම සිතුවම සරත් ඍතුව තෙක් සදම්ටන් මහ රෝහලේ ප්‍රදර්ශනය කැරෙනු ඇත.
බීබීසී වෙබ් අඩවියෙහි විල් ගොම්පර්ට්ස් විසින් පළ කරන ලද ලිපියක් ද ඇසුරිණි.