Saturday, May 18, 2024

වෛර ප්‍රචාර නවත්වා මුස්ලිම්වරුන්ගේ අයිතීන් සුරකින්න – ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය ලංකාණ්ඩුවට කියයි.

සාමාජික රටවල් 57 කින් සමන්විත ජාත්‍යන්තර සංවිධානයක් වන ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරැන්ට එරෙහිව පැතුරැවන ලබන වෛරී ප්‍රකාශණ ද කෙරෝන වයිරසය පැතිරීම සඳහා මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින් වගකිව යුතු යැයි කියන පක්ෂග්‍රාහී චෝදනා ප්‍රවර්ධනය යනාදිය සම්බන්ධයෙන් සිය දැඩි කණස්සල්ල පළකරමින් ප්‍රකාශණයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙරට මුස්ලිම්වරැන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික අයිතීන් සහතික කරන ලෙස ද ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිට තිබේ.

එයට සම්බන්ධ රටවල් 53 මුස්ලිම් බහුතර රටවල් වන අතඒ ඒ්වායේ සමස්ත ජනගහණ්‍ය බිලියන 1.8 ඉක්මවයි.

අද දින නිකුත් කරන ලද එම නිවේදනයේ සිංහල පරිවර්ථනයක් පහත දැක්වේ.

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් කාර්යාලය, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් වෛරී කථන සහ සතුරුකම් වර්ධනය කිරීම, නව කෙරෝන වයිරසය පැතිරීම සඳහා මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින් වගකිව යුතු යැයි කියන පක්ෂග්‍රාහී හා ප්‍රතික්ෂේපිත චෝදනා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ඇති වාර්තා අරභයා දැඩි කස්සල්ල පළ කරයි. තවද කොරෝනා වයිරස් වසංගතය ගොදුරු වූ මුස්ලිම්වරුන්ගේ සිරුරු බලධාරීන් විසින් ආදාහනය කරන ලද බවටත් වාර්තා වන අතර මෙම ක්‍රියාවන් ප්‍රතික්ෂේප කළ මුස්ලිම් ප්‍රජාවෙහි සාමාජිකයින් අත්අඩංගුවට ගත බවටත් ඇති වාර්තා පිළිබඳවද එය කණස්සල්ල පළ කරයි.

මේ සම්බන්ධයෙන්, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය ඕනෑම තැනක මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් මැඩළීම ඉලක්ක කරගත් සෑම ප්‍රතිපත්තියක්ම හා භාවිතයක්ම ප්‍රතික්ෂේප කිරීමේ සිය ස්ථීර ස්ථාවරය නැවත තහවුරු කරන බවද ප්‍රකාශ කරයි.

[alert type=”success or warning or info or danger”]තවද, මුස්ලිම් ප්‍රජාවේ ආරක්ෂාව මෙන්ම සුරැකීම සහ අයිතිවාසිකම් සහතික කරන ලෙසත් ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත් හා චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කිරීම, ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සහ ඔවුන්ට එරෙහි වෛරය, ඉස්ලාම් භීතිකාව සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී හැඟීම් ප්‍රවර්ධනය කිරීම පිටුපස සිටින සියලු පාර්ශවයන්ට එරෙහිව ඍජුව පෙනී සිටින ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.[/alert]

කොවිඩ්-19 වසංගතයට සාමූහිකව හා ලදායී සහ සියලු සමාජයන් කෙරෙහිවන එහි ප්‍රතිවිපාකයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහාත් වර්තමාන ගෝලීය සන්ධිස්ථානයෙහිදී සහයෝගීතාවයේ බැඳීම් සහ රාජ්‍යයන් අතර සහයෝගීතාවයේ සාරධර්ම ශක්තිමත් කිරීම සහ එක් එක් රාජ්‍යයන්ගේ ඒ්කාබද්ධතාවය සහ සහජීවනය තහවුරු කළ යුතු බවද අවශ්‍ය බව ඉස්ලාමීය සහයෝගීතා සංවිධාන අවධාරණය කරයි.

( සංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news