Sunday, May 19, 2024

කොවිඩ් වසංගතය: සීමාවන් ලිහිල් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්නායක හයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්-19 ට එරෙහිව විවිධ රටවල පනවා ඇති සීමාවන් ඉවත් කළ යුතුද යන්න පිළිබඳව සලකා බැලීමේදී එම රටවල් විසින් සලකා බැලිය යුතු නව, නිර්ණායක හයක් ඉදිරිපත් කොට තිබේ.

පළමුව, එකී රටවල් වෛරසය සම්ප්‍රේෂණයවීම පාලනය කර ඇති බව තහවුරු කරගත යුතුය.

දෙවනුව, කොවිඩ්-19 හි සෑම බෝවීමක්ම හඳුනා ගැනීමට, පරීක්ෂා කිරීමට, හුදකලා කිරීමට සහ ප්‍රතිකාර කිරීමට මෙන්ම රොගීන්ගේ සෑම සම්බන්ධතාවයක්ම සොයා ගැනීමට සෞඛ්‍ය පද්ධතිවලට හැකියාව ඇති බව සහතික කරගත යුතුය.

තෙවනුව, විශේෂයෙන් සෞඛ්‍ය සේවා ස්ථාන සහ සාත්තු නිවාස වැනි ස්ථානයන්හිදී වලදී වෛරසය පුපුරා යාමේ අවදානම අවම කිරීමට වග බලා ගත යුතුය.

සිව්වනුව, රටවල් සේවා ස්ථාන, පාසල් සහ වෙනත් අත්‍යවශ්‍ය ස්ථානයන්හි අසාදනයන් වැළැක්වීමේ පියවර ගත යුතුය.

පස්වනුව, වෙනත් රටවලින් අසාදනයවීම් කළමනාකරණය කරගත යුතු.

හයවනුව, එදිනෙදා ජීවිතයේ “නව සම්මතයට” හැඩගැසීමට ප්‍රජාව දැනුවත් කිරීම, සම්බන්ධකර ගැනීම සහ බලගැන්වීම ක යුතුය.

Archive

Latest news

Related news