Sunday, May 19, 2024

ව්‍යසනයක් වියහැකි පාසල් විවෘත කිරීමේ තීරණය යළි සළකා බලන ලෙස ගුරු සමිති ඉල්ලයි.

මැයි 11 දින පාසල් නැවත ආරම්භ කිරීමේ තීරණය පිළිබඳව

මාර්තු මස පළමු ශී‍්‍ර ලාංකික කොරෝනා අසාධිතයා වාර්තා වීමත් සමග ලංකාවේ සමස්ත පාසල් පද්ධතිය වසා දැමීමට කටයුතු කරන ලද්දේ පාසල් සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. නමුත් රටේ සියලූම පාසල් 2020 මැයි 11 දින නැවත විවෘත කරන බව2020 අපේ‍්‍රල් 11 දින ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කරන ලද නිවේදනයකින් ප්‍රකාශ කෙරුණි. මාරාන්තික කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සම්පූර්ණයෙන් පාලනය නොවී පවතින වාතාවරණයක පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ගනු ලැබූ ඉහත තීරණය පිළිබඳව අප වෘත්තීය සමිති බරපතල කනගාටුව ප්‍රකාශ කර සිටී.

සිසුන්ට තම අධ්‍යාපන කටයුතු නැවත විධිමත්ව කරගෙන යාම සඳහා පාසල් නැවත ආරම්භ කිරීම සිදුකළ යුතු වුවත් අවදානම් සහගත තත්වයක් පවතිද්දී පාසල් ආරම්භ කිරීම බරපතල ව්‍යවසනකාරී තත්වයක් උදාවීමට හේතු විය හැකිය.

ලංකාවේ පාසල් පද්ධතිය තුළ බොහෝ පාසල් ඉතා සීමිත ඉඩකඩක දරුවන් විශාල ප‍්‍රමාණයක් අධ්‍යාපනය ලබන ලෙස සකස් වී ඇත. කොළඹ ඇතුළු නාගරික ප‍්‍රදේශවල පාසල් බොහොමයක ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක ගොඩනැගිලි ගණනාවක් සහිතව එකිනෙකට යාබද වූ පන්තිකාමර සහ එම පන්ති කාමරයක සිසුන් 40-50ප්‍රමාණයක් තදබදව අධ්‍යාපනය ලබති. සමහර පාසල්වල පන්තිකාමර බිත්තිවලින් වෙන් කොට නොමැති අත එකම ශාලාවක පන්ති කිහිපයක් සුළු පරතරයක් සහිතව පවත්වාගෙන යයි. සම්පූර්ණයෙන් කොරෝනා අවදානම පහව යන තුරු පිළිපැදිය යුතු සෞඛ්‍ය ආකරක්ෂ ක්‍රම පිළිබඳව සෞඛ්‍ය අංශ මගින් නිරන්තරව දැනුවත් කළ ද, පාසල් පද්ධතිය තුළ පවතින මෙම වාතාවරණය තුළ එම සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රම අනුගමනය කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බව ඔබට ද වැටහෙනවා ඇත. එවැනි තත්වයක මැයි 11 දින පාසල් ආරම්භ කළහොත් දැඩි අවදානම් සහගත තත්වයක් උද්ගත විය හැකිය.

එසේම විද්වතුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරු,වෛද්‍යවරු, දෙමාපියන් ඇතුළු සියලූ පාර්ශවවලින් අවදානම සම්පූර්ණයෙන් පහව යාමට පෙර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ වී ඇත.

මෙම තත්වය තුළ මැයි 11 දින දිවයිනේ සමස්ත පාසල් නැවත ආරම්භ කිරීමේ තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටිමු.

මෙයට,

ජොසප් ස්ටාලින් ප්‍රධාන ලේකම් ලංකා ගුරු සංමය

යල්වෙල පඤ්ඤාසේකර හිමි ලේකම් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය

ජගත් ආනන්ද සිල්වාලේකම් ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය

මොහාන් පරාක්‍රම වීරසිංහ සභාපති ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය

Archive

Latest news

Related news