Thursday, May 2, 2024

මහ මැතිවරණය වෙනුවට ජනයාගේ ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා ප්‍රමුඛත්වය දිය යුතුයි – දෙමළ ජාතික සන්ධානය

පාර්ලිමේන්තුව විසුරුවා හැර සහ ‍ නව පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට හා නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම සඳහා දින නියම කර තිබිය දී මැතිවරණ දිනය කල් දමා ඇති තත්වය ගැන දෙමළ ජාතික සන්ධානය ඊයේ (17)  ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

ඒම ප්‍රකාශයෙන් එය අවධාරනය කරන්නේ කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව ඇතුළු මුළු ලෝකයම පීඩාවට පත් කර ඇති බවත් එවැනි තත්වයක් යටතේ වසංගතයකට නිරාවරණය වීමේ අනුවණ අවදානම ජනතාව නොගත යුතු බවත්ය.

අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ ඉතිහාසය වී ඇත්තේ ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු නොකිරීම බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ දේශපාලන විසඳුමක් සෙවීමට දෙන ලද පොරොන්දු දිගින් දිගටම කඩ කර ඇති බවත් එවැනි පොරොන්දු කඩ කරන මැතිවරණ කිසිවෙකුට යහපතක් නොකරන ප්‍රකාශය සඳහන් කරයි.

ඒ කෙසේ වෙතත්  රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ පැවැත්විය යුතුව ඇති බවත් මැතිවරණයක් පවත්වන්නේ නම් ජනතාවට නිදහසේ සහ බාධාවකින් තොරව ඊට සහභාගිවීමට අවස්ථාව තිබිය යුතු බවත් එය කියා සිටී. ප්‍රජාතන්ත්‍රවාදීව හා නිදහසේ තම ඡන්ද බලය පාවිච්චි කිරීම ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් බවත් එය සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ පාර්ලිමේන්තු මැතිවරණ නීතියෙහි ඇති විකල්ප පියවරයන් ගැනීම මගින් හදිසි මැතිවරණයකට නොයා ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව කියන දෙමළ ජාතික සන්ධානය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ස්වෛරී ජනතාවට හැකි වන්නේ එවිට පමණක් බව ප්‍රකාශ කරයි.

Archive

Latest news

Related news