Friday, April 26, 2024

කොවිඩ් වයිරසයට වඩා දෙවියන් විශාල බව දේශණා කළ බිෂොප්වරයෙක් වයිරසයට ගොදුරු වී මියයයි.

ඇමෙරිකාවෙහි පැති යන කොවිඩ් වසංගතය අතරතුර ආගමික රැස්වීම් නොපවත්වන ලෙස කරන ලද අනතුරු ඇඟවිම් නොසළකා හරිමින් “මම සිරගෙදර හෝ රෝහලේ නොසිටියොත්” දිගටම දේශනා කිරීම කරගෙන යන බවට ප්‍රතිඥා දුන් වර්ජිනියා බිෂොප්වරයෙක් කොවිඩ් 19ට ගොදුරු වී මිය ගිය බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

බිෂොප්වරයා මාර්තු 22 වන දින දේවස්ථානයෙහි දේශණයක් පවත්වා “මෙම භයානක වෛරසයට වඩා දෙවියන් විශාල බව මම තරයේ විශ්වාස කරමි.” යැයි පවසා තිබේ.‍ එම දේශණය යූ ටියුබ් නාලිකාව මගින් ද ප්‍රචාරය කරන ලද නමුත් පසුව එය ඉවත් කරන ලදී.

මෙසේ මිය ගොස් ඇත්තේ ඇමෙරිකාවෙහි චෙස්ටර්ෆීල්ඩ් හි “නිව් ඩිලිවරන්ස්” නම් එවැන්ජලිකල් පල්ලියේ නිර්මාතෘ හා දේවගැති වූ ජෙරල්ඩ් ඕ. ග්ලෙන් (66)‍. ඔහු පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මිය ගොස් තිබේ.

මේ අතර ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සිට ප්‍රාදේශීය දේවගැතිවරුන් දක්වා සමාජ දුරස්ථභාවයේ වැදගත්කමක් සෞඛ්‍ය නිර්දේශයන් පිළිපදින ලෙසත් ඉල්ලා තිබේ. පාප් වහන්සේ මෙවර පාස්කු ඉරුදින දේශනාව පැවැත් වූයේ හිස් දේවස්ථානයක දී ය.

ජෙරල්ඩ් ඕ. ග්ලෙන් වැනි දේවගැතිවරයන් සුලු පිරිසක් සෑම රටකම වාගේ සිටින බව අන්තර් ජාතික ජනමාධ්‍ය වාර්තා කරයි. සමහ රටවල දී එවැනි පිරිස් අත් අඩංඟුවට ද ගෙන තිබේ.

 

Archive

Latest news

Related news