Saturday, May 18, 2024

රම්සි රසීක් අත්අඩඟුවට ගෙන රඳවා තැබීම අදහස් ප්‍රකාශනයේ නිදහසට කණකොකා හැඩීමක්.

සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ අන්තවාදීන්ගේ ජාතිවාදී අදහස්වලට විරුද්ධව සිය අදහස් පළ කළ රම්සි රසීක් නම් සමාජ ජාල පරිශීලකයා අත් අඩංගුවට ගත් පොලීසිය ඔහු අෂිකරණය ඉදිරියට පමුණුවා 22වනදා දක්වා බන්ධානාගර කර තිබේ. ඔහු අත් අඩංගුවට ගෙන සිරගත කිරීමට අදාළ සිදුවීම මෙසේ ය.

දෘෂ්ටිවාදාත්මක ජිහාඩ්යක් හෝ දෘෂ්ටිවාදාත්මක අරගලයක අවශ්‍යතාවය පිළිබඳව අපේ‍්‍රල් 2 වන දින රම්සි රසීක් සිය මුහුණු පොතෙහි ලිපියක් පළ කරන ලදී. ජිහාඩ් යනු මතභේදාත්මක හා බොහෝ විට වරදවා වටහාගත් වචනයකි. බොහෝ විද්වතුන්ට අනුව, “ජිහාඩ්” යන්නෙහි අර්ථය “අරගලය” වන නමුත් බොහෝ විට එය සන්නද්ධ යුද්ධ හෝ ත්‍රස්තවාදය ලෙස වරදවා වටහාගෙන තිබේ. රැම්සි සිය ලිපියේ නිශ්චිතව ඔහු කතා කරන අරගලය අකාරය ගැන කරයි: එනම් “දෘෂ්ටිවාදාත්මක” “පෑන සහ යතුරුපුවරුව” සහ “සමාජ හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය” හරහා, “රට සහ එහි සියලු පුරවැසියන් වෙනුවෙන්” සහ “මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචාරය කරන වෛරය” පිළිබඳ සත්‍යය තේරුම් ගැනීමට මිනිසුන්ට උදව් කිරීම සඳහා ය.

රම්සිගේ මුහුණු පොතෙහි ඇති පැරණි අදහස් දැක්වීම් කියවන ඕනෑම අයකුට, ඔහු ජාතිවාදයට එරෙහිව නිරන්තරයෙන් පෙනී සිටිමින් වාර්ගික සමගිය, සමානාත්මතාවය සහ යුක්තිය ප්‍රවර්ධනය කළ අයෙකු බව පැහැදිලි වෙයි.

එක් උදාහරණයක් මෙසේ ය: සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මගින් භූමදානය සඳහා අවසර දී තිබූ අවස්ථාවේදී ඔහු කොවිඩ්19 මුස්ලිම් වින්දිතයකු බලධාරීන් විසින් ආදාහනය කිරීම විවේචනය කළේය. නමුත් පසුව සංශෝධනය කරන ලද ආණ්ඩුවේ රෙගුලාසි පිළිබඳ සටහන් සඳහන් කරමින් ඔහු සෞඛ්‍ය විද්‍යාව භූමදානය කිරීම සෞඛ්‍යයට අහිතකර බව හෝ පොදු යහපත සඳහා භූමදානය කිරීමට ඉඩ නොදීමට රජය සාධාරණ තීරණයක් ගෙන තිබේ නම් ආදාහනය භාර ගන්නා ලෙස මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

දෘෂ්ටිවාදාත්මක අරගලය” පිළිබඳ සිය මුහුණු පොතේ සටහනෙන් දිනකට පසු එනම් අප්‍රේල් 3 වන දින, රම්සි ස්වයං වාරණයක් ප්‍රකාශයට පත් කළේය. තම දරුවන්ට අනතුරක් ඇතිවීම වැළැක්වීම පිනිස දේශපාලනය හෝ ජාතික ගැටලු සම්බන්ධයෙන් ඉදිරියෙහි දී තමන් සිංහල භාෂාවෙන් නොලියන බවයි . ඔහු ඉහත සඳහන් කළ වින්තන ජිහාඩයක් පිළිබඳ අදහස් දැක්වීමට විරුද්ධව දැක්වූ ප්‍රතිචාරවල මරණ තර්ජන සහ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් ඇතුළත් වූ බවත්, ඒවා දැකීමෙන් පසු ඔහුගේ වැඩිමහල් දියණිය කම්පනයට හා බියට පත්ව ඇති බවත් ඔහු එහි පැහැදිලි කර තිබුණි. ස්වයං වාරණය පිළිබඳ එම ප්‍රකාශය ඔහුගේ හුණු පොතෙහි ඇති අවසාන සටහනයි.

රම්සි රසීක්

එම සටහන අවසානයේ ඔහු මෙසේ දක්වා තිබුණි:” මට ජාතිවාදියා කියන අයට මීට පෙර අභියෝගයක් එල්ල කලෙමි. ඒ පසුගිය අවුරුදු 10 තුල මුහුණු පොතේ මගේ පෝස්ටුවක මා ජාතිවාදී වෛරී ප්‍රකාශයක් සිදුකල එක් අවස්ථාවක් හෝ පෙන්වන ලෙසය. එම අභියෝගය තවදුරටත් වලංගු වන බව මතක් කරමින් මා නිහඬ වෙමි”

අපෙුල් 2 වන දින දක්වන ලද අදහස් උඩ ඔහු අත්අඩංගුවට ගෙන දැන් අප්රේල් 22 දක්වා රඳවා ගැනීමට පොලීසිය කටයතු කර තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට සැබෑ හේතු තිබේදැයි අප්‍රේල් 22 වන දින මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ිමසූ බව ඔහුගේ නීතිවරයා පැවසයි. නීතීඥවරයා අනුව පොලසිය, අයිසීසීපීආර් පනත සහ පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කරන බව දන්වා තිබේ. අයිසීසීපීආර් පනත මගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට පොලිසියට අභිමතයක් ලබා දෙන අතර එවිට මහේස්ත්‍රාත්වරයකුට ඇප ලබා දීමේ අභිමතයක් නොමැත. පසුගිය වසරේදී, අයිසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගත් ලේඛකයෙකු වූ ශස්තික සත්කුමාර මහාධිකරණ විනිසුරුවරයෙකු විසින් ඇප ලබා දෙන තෙක් මාස හතරකට වැඩි කාලයක් සිර භාරයේ තබා ගැනුණු බව මේ අවස්ථාවෙහි මතකයට නැංවීම වැදගත් ය.

අයිසීසීපීආර් පනතේ 3 (1) වන වගන්තිය මගින් තහනම් කර ඇති සතුරුකම, වෙනස් කොට සැලකීම හෝ ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීමට තුඩු දෙන යුද්ධ ප්‍රචාරයක් හෝ වෛරය ප්‍රකාශයක් ඇතුළත් කිසිදු සටහනක් හෝ ප්‍රකාශයක් දක්නට නොමැත. රම්සි අත්අඩංගුවට ගැනීමේදී, අයිසීසීපීආර් පනතේ විධිවිධාන, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් සහතික කරන ලද මූලික අයිතිවාසිකම් සමතුලිත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ විසින් ඉදිරිපත් කර ඇති සවිස්තරාත්මක නිර්දේශයන් පොලීසිය විසින් සලකා බලා නොමැත.

මෙළෙස හිතුමනාපයේ පුද්ගලයින් අත් අඩංඟුවට ගෙන අයිසීසීපීආර් පනත යටතේ රදවා තැබීමට පොලීසිය කටයුතු කිරීමට පටන් ගත හොත් එය විසින් මෙරට අදහස් දැක්වීමේ නිදහසට කණකොකා හැඩිමට ඉඩ තිබෙන බව දැනුවත් අංශ ප්‍රකාශ කරති.

( මෙම සටහන සදහා රැකී ප්‍රනාන්දු සහ දමිත් චන්දිමාල් විසින් ග්‍රවුන්ඩ්ස් විව්ස් වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියක කරුණු ද යොදා ගන්නා ලදී.)

Archive

Latest news

Related news