Monday, May 6, 2024

කොවිඩ් 19 වාර්තාකරණ නිර්ණායක ‌නිලධාරින් සහ ‌‌දේශපාලනඥයින්ද පිළිපැදිය යුතුයි – වෘත්තීය සමිති

නව කොරෝනා වෛරසය අසාධිත වූවන් සහ ඉන් මියගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු වර්තා කිරීමේදී ජාතිවාදී හැඟීම් උත්සන්න වන පරිදි ආගම සහ ජාතිය අනුව වර්ගීකරණය කරමින් තොරතුරු වර්තා කරනු දක්නට ලැබේ. මේ තත්වය තුළ ප‍්‍රමාද වී හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මාධ්‍ය වෙත කොරෝනා වෛරසය ආසාධිතයන් හා මියගිය අය පිළිබඳ තොරතුරු වර්තා කිරීමේදී පිළිපැදිය යුතු නිර්ණායක ගණනාවක් නිර්දේශ කොට තිබුණි.

මෙම නිර්ණායක කොරෝනා රෝගීන් පිළිබඳව හා මියගිය පුද්ගලයන් පිළිබඳව ප‍්‍රකාශ ලබාදෙන රාජ්‍ය නිලධාරීන් හා ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශ නිකුත් කරන රජයේ ඇමතිවරු සහ සියලූ ම දේශපානඥයන් විසින් ද අනුගමනය කළ යුතු බව අප වෘත්තීය සමිති විසින් පෙන්වා දෙමු.

කොරෝනා වෛරස අසාධිතයා කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවත් ඔවුන් විසින් ස්ව කැමැත්තෙන් හා උවමනාවෙන් රෝගයට ගොදුරු නොවෙති. නිරෝධායන කටයුතු රෝගය යම් ප‍්‍රමාණයකට ව්‍යාප්ත වන තෙක් ආරම්භ නොකිරීමෙන් මේ වන විට වෛරසය පැතිරී ඇති අතර, එය ජාතිය, ආගම අනුව නොව ඕනෑම අයෙකු ගොදුරු කරගන්නා ලෝක පරිමාණව ව්‍යාප්ත වී ඇති වෛරසයක් බව අප සියලූ දෙනා විසින් හොදින් දන්නා කරුණකි. එවැනි තත්වයක් තුළ සුළු ජාතීන් හා සුළු ජන කොටස් ඉලක්ක කොට ඔවුන් කොරෝනා වෛරස වාහකයන් ලෙස හුවා දක්වමින් ජාතිවාදී හැගීම් උද්දීපනය වන ආකාරයෙන් කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයකි.

එම තත්වය වලක්වා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය වෙත ඉදිරිපත් කළ නිර්දේශ මාධ්‍ය පමණක් නොව සියලූ ම පාර්ශවයන් විසින් අනුගමනය කරන ලෙස පහත සියලූ වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටී.

අත්සන් කෙළේ

x ලංකා ගුරු සංගමය
x ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමය
x ලංකා බැංකු සේවක සංගමය
x සමස්ථ ලංකා රාජ්‍ය කලමනාකරණ නිළධාරීන්ගේ සංගමය
x ශී‍්‍ර ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය
x වාරිමාර්ග පොදු සේවක සංගමය
x ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය
x පළාත් කළමණාකරණ සේවා නිළධාරින්ගේ සංගමය
x ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
x දුම්රිය ඒකාබද්ධ පෙරමුණ
x තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය
x රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය
x එක්සත් ජාතික තැපැල් සේවක සංගමය
x එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
x ශී‍්‍ර ලංකා නිදහස් තැපැල් වෘත්තියවේදීන්ගේ සංගමය
x ලංකා වාත්තීය සමිති සම්මේලනය
x රජයේ ආහාර නිරීක්ෂිකා සංගමය
x එක්සත් ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්ගේ සංගමය
x ජාතික නිදහස් වෘත්තිය සමිති සම්මේලනය
x ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සේවක වෘත්තිය සමිතිය
x මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
x වානිජ හා කාර්මික සේවක සංගමය
x එක්සත් කම්කරු සම්මේලනය
x ටෙලිකොම් සියලූ සේවක සංගමය
x ලංකා වතු සේවා සංගමය
x එක්සත් පොදු සේවක සංගමය

Archive

Latest news

Related news