Saturday, April 27, 2024

ඉතා අනිසි විපාක ඇති කළහැකි කොවිඩ් 19 වසංගතයට ජාතිවාදී මුහුණවරක් දීමෙන් වළකින්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

දැනට උදගත වී ඇති අපහසු වාතාවරණය තව දුරටත් තීව්‍ර කරමින් පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන ප්‍රවාහයේ මාධය විකාශන තුලින් ද ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව වෛරී ප්‍රකාශන වර්ධනය වීමේ පැහැදිලි ප්‍රවණතාවයක් සිය කොමිසම මගින් නිරීන්ෂනය කරනු බලන බව ප්‍රකාශ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එමගින් අප මුහුණ දී සිටින ප්‍රබල සෞඛ්‍ය තත්වයට ජාතිවාදී මුහුණුවරක් නිර්මානය කිරීමක් සිදුවන බව පැහැදිළි කරයි.

තවදුරටත් එය කියා සිටින්නේ මෙම ප්‍රයත්නවල මූලික අරමුණ හා පසුබිම කුමක් වුවත් එිවායේ ප්‍රතිපල ඉතාමත් අනිසි විපාක ගෙන දීමට සමත් විය හැකි බවයි.

මතුව ඇති බැරෑරුම් තත්වය හොදින් තේරුම් ගෙන වගකීම් විරහිතව කටයුතු කර වර්ගවාදී හෝ ආගම්වාදී අර්බූදයකට සමාජය ලක් නොකරන ලෙස එය ලක්වැසි ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම මේ අවස්ථාවෙහි දී වෛරී ප්‍රකාශ කිරිමෙන් සහ විකාශනය කිරීමෙන් වළකින ලෙස මහජන නියෝජිතයින්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ සියළුම මාධ්‍ය ආයතන වලින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මේ අරභයා නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.

Archive

Latest news

Related news