Sunday, January 12, 2025

පේරාදෙනිය සරසවිය තුළ ‌රාජ්‍ය ඔත්තුකරුවන් 34 දෙනෙක්!

(Image courtesy of wired.co.uk)

පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල රාජ්‍ය  ක්‍රියාත්මක වන බව එහි උපකුලපතිවරයා, ජනවාරි 3 වැනිදා, ප්‍රසිද්ධියේ ප්‍ර‍කාශ කර ඇතැයි ද  ඔහු එම ප්‍ර‍කාශය කර ඇත්තේ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට මෙම වසරේ අලු‍තින් බඳවා ගත් ශිෂ්‍ය කන්ඩායම ආමන්ත්‍රනය කරමින් යැයි ද ‌ලෝක සමාජවාදී ‌වෙබ් අඩවිය ප්‍රකාශ කරයි. පෙබරවාරි 28 දාතමින් යුත් එම වාර්තාව තවදුරටත් මෙසේ සඳහන් කරයි:

උපකුලපතිවරයාගේ කතාව ඇතුලත් වීඩියෝවක් සමාජ මාධ්‍යයන් හි සංසරනය වන අතර, එම කතාව තුල ඔහු මෙසේ පවසයි: “‍අපි හොඳින්ම දන්නා පරිදි අපි අතරේ රහස් පොලිසියේ කන්ඩායම් ඉන්නවා. ඔවුන් අපට විරුද්ධව වාර්තා කරන්නත් පුළුවන්. ඒක නිසා සියලු‍ දෙනාම ඉතා ප්‍රවේශම් විය යුතුයි. අප දන්නා පරිදි සෑම වසරකම ශිෂ්‍යයන් විදියට, ආචාර්යවරුන් ලෙස, ශිෂ්‍ය සංගමයේ නිලධාරින් ලෙස බුද්ධි අංශ සාමාජිකයින් 34 ක් හෝ 35 ක් ඉන්නවා. අපි හැමෝම ප්‍රවේසම් විය යුතුයි”‍

මෙම ඔත්තුකරුවන් යොදවා ඇත්තේ විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක වන නවකවදය ආදී ක්‍රියාකාරකම් මැඩලීමට බව උපකුලපතිවරයා ඇගවූ නමුත් එවැනි යාන්ත්‍රනයක සැබෑ අරමුන වනුයේ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට ප්‍රවිෂ්ට වන සිසුන් මෙන්ම, අධ්‍යන සහ අනධ්‍යන සේවකයන් දඩයම් කිරීමට ඔත්තු සැපයීම හා ප්‍රකෝපකරනයන් ඇදීමයි.

මහපොල ශිෂ්‍යාධාර දීමනා වැඩි කිරීම සහ තවත් ඉල්ලීම කිහිපයක් මත විශ්ව විද්‍යාල සිසුන් විසින් ජනවාරි මුල පවත්වන ලද පාගමනට පෙර දින රාත්‍රියේ, ඊට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් බියවැද්දීමට, විශ්වවිද්‍යාල සහ නේවාසිකාගාර තුලට පමනක් නොව, ඔවුන්ගේ නිවෙස්වලට පවා පොලිස් නිලධාරීන් යොමු කිරීමෙන්, මෙම ඔත්තුකරුවන් සැබෑවටම යොදා ගැනෙන්නේ කුමක් සඳහාදැයි හෙලිදරව් කෙරෙයි.

අනුප්‍රාප්තික ආන්ඩු විසින්, විශ්වවිද්‍යාල පරිපාලනයේ සහයෝගය සහිතව, කලෙක සිට මෙම ඔත්තු ජාලයන් පවත්වාගෙන ගොස් ඇති බව උපකුලපතිවරයාගේ ප්‍ර‍කාශයෙන් තහවුරු වෙයි. පේරාදෙනියේ පමනක් නොව, ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයක් තුලම මෙවන් ඔත්තු ජාලයන් ක්‍රියාත්මකවන බව නිසැක ය.

මේ අනුව, විශ්ව විද්‍යාල සිසුන්ට තම අධ්‍යන කටයුතුවල නියැලීමට සිදුව ඇත්තේ තමන් වෙත නිරතුරුව ඇස ගසාගෙන සිටින ඔත්තු ජාලයක් ක්‍රියාත්මක වන තතු තුලයි. මෙය, එලිමහන් සිර කඳවුරු තුල ජිවත් වීමට සමාන තත්වයකි.

විශ්ව විද්‍යාලය තුල ඔත්තු ජාලයක් ක්‍රියාත්මකවන බව “‍හොඳින්ම දන්නා”‍ බව පවසන උපකුලපතිවරයා, එම ජාලයට අඩංගු ඔත්තුකරුවන් සංඛ්‍යාව ද නිශ්චිතව සඳහන් කරයි. ඉන් තහවුරු වන්නේ, මෙම ඔත්තු ජාලය ඔහුගේ පුර්න දැනුවත්භාවය යටතේ ක්‍රියාත්මක වන බවයි. උප කුලපති මෙම රාජ්‍ය ඒජන්තයන් තබා ගැනීම වහා නතර කලයුතු ය. ඔහු ඔවුන් නම්කොට ඉවත් කිරීමට පියවර ගත යුතුය.

විශ්ව විද්‍යාල, එම මර්දනයේ ප්‍රධාන ඉලක්කයකි. මෙම මස මුලදී උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්ධන විවෘත විශ්ව විද්‍යාලයේ පරිපාලනය සමග පැවති සාකච්ඡාවකදී කල ප්‍රකාශයකින් එය තහවුරු වෙයි. “‍මේ විදියට දිගින් දිගට ම උද්ඝෝෂන, පිකටිං කරන්න කිසියම් අදෘශ්‍යමාන බලවේගයක බලපෑම තිබෙනවා ද කියලා හොයන්න අපට අවශ්‍යයි. මේක දේශීය හෝ ජාත්‍යන්තර උවමනාවක මනදොල සපුරන්නට සිදුකෙරෙන දෙයක් ද කියලා සොයා බැලිය යුතු”‍ යැයි ගුනවර්ධන එහිදී පැවසීය.

සිසුන්ට, අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන්ට එරෙහිව ඔත්තු ජාලයක් ක්‍රියාත්මක කරන අතරම, විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල තමන් කැමති දේශපාලනයක යෙදීමට සිසුන්ට ඇති අයිතිය තහනම් කිරීමට බලධාරීන් ක්‍රියාකර ඇත

(මෙහි සඳහන් වන්නේ එම වාර්තාවෙන් උපුටා ගත් කොටස්   බව සළකන්න)

Archive

Latest news

Related news