Saturday, April 27, 2024

වැඩ වර්ජන සහ සිවිල් නොසන්සුන්තාවයන් පාලනයට හමුදාව සූදානම් – ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න

ඡායාරූපය: මේජර් ජෙනරල් කමල් ගුණරත්න සමාජ මාධ්‍ය වෘත්තීය සංසදය අමතයි.

රජය සතුව හමුදාමය හා සිවිල් බලයන් යොදා ගනිමින් සකස් කරගත් ඒකාබද්ධ ආරක්ෂක සැලැස්මක් ඇති බවත්, එමගින් සිවිල් අයවලුන් සමග එක්ව හමුදාව ආපදා තත්ත්වයන්, සේවක වැඩ වර්ජන සහ සිවිල් නොසන්සුන්තාවන් නිසා ඇති වන බලපෑම් අවම කිරීමට හැකියාවක් ලබා දී ඇති බවත් අවශ්‍ය නම් එහිලා නායකත්වය ගැනීමටත් හමුදාවට හැකියාව ඇති බවත් මේජර් ජෙනරාල් ගුණරත්න අවධාරණයෙන් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති සමාජ මාධ්‍ය වෘත්තීය සංසදයේ වෘත්තිකයින් නියෝජනයක් අමතමිනි.‍

ඵලදායී තිරසාර ආයෝජනයක් ලගා කර ගත හැකි වන්නේ විනයගරුකව ක්‍රියාත්මක වීමක් තුලින් පමණක් බවත් ඔහු තවදුරටත් පවසා ඇත.

සේවක වැඩ වර්ජන සහ සිවිල් නොසන්සුන්තාවන් නිසා මෙම විනය නැතිව යනු ඇතැයි රක්ෂක ලේකම්වරයාගේ කතාවෙන් ඇඟවෙන බවත් එමෙන්ම අවශ්‍ය වුවහොත් ඒවා මර්දනය කිරීමට හමුදාව යොදවන බවට මෙම ප්‍රකාශය අනතුරු හැගවීමක් බව වෘත්තීය සමිති අංශ ප්‍රකාශ කරති.

හු තවදුරටත් මෙසේ ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුග්‍රහය යටතේ වැදගත් පාර්ශවකරුවන් සමඟ ප්‍රතිසංවිධානය වීමෙන් මෙම දැවැන්ත කාර්යය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයට හැකියාව තිබේ.

ආණ්ඩුව හා රටවැසියන් අතර ඇති සම්බන්ධතාව අඩපණ කිරීම උදෙසා සංවිධානාත්මක අපරාධ සෘජුව හා වක්‍රව සමාජයේ සියලු අංශවලට බලපාන්නේ බවත් ඊට මුහුණ දීමට රටේ සියලුම ජාතික ආරක්ෂක ආයතනවල නිසි, කාලෝචිත හා ගැලපෙන සේවා නියුක්තියක් ඇති කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු .

කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ සිවිල් නොසන්සුන්තාවයන් ආර්ථික පාඩුවලට හේතු වන වෙනත් කාරණා වෙති. එවැනි ක්‍රියා දේශපාලනික න්‍යයාපත්‍ර අනුව ඇති කිරිම වැරදි ය.

රට තුළ සහ විදේශයන්හි සිටින එල්ටීටීඊ හිතවාදීන් ගැටලු නිර්මාණය කිරීමට උත්සාහ කරයි. එනමුත් ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට කිසිදු තර්ජනයක් ඇති කිරීමට ඔවුන්ට නොහැකි .

වසර 10 කට පසු, වෙහෙස මහන්සියෙන් උපයා ගත් සාමය විනාශ කිරීමේ සැලසුමක් ඇතැම් සමාජ විරෝධී හා ශ්‍රී ලංකා විරෝධී පිරිස් ක්‍රියාත්මක කිරීමට මාන බලති. ජනවාර්ගික බෙදීම් සහ අවිශ්වාසන් ඇති කරමින් අන්තර්ජාතික අන්තවාදය සහ ත්‍රස්තවාදය ජාත්‍යන්තර දේශසීමා වේගයෙන් තරණය කරමින් රට තුලට පැමිණීමට ආසන්නව තිබේ.

(ඇසුර ආරක්ෂ අමාත්‍යංශ වෙබ් අඩවිය)

Archive

Latest news

Related news