Thursday, May 2, 2024

ශ්‍රී ලංකන් – එයාර් බස් කොමිස් කොල්ලය: ඩොලර් 80,000ක් ලද බව කියන ව්‍යාපාරික නිමල් පෙරේරා කව්ද?

හිටපු ශ්‍රී ලාංකික ගුවන් සේවය, ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජෙනයක විසින් පවත්වාගෙන යන ලද බැංකු ගිණුමෙන් ඇමරිකානු ඩොලර් 800,000 ක මුදලක් ව්‍යාපාරික නිමාල් හේමසිරි පෙරේරා වෙත මාරු කර ඇති බව ඊයේ (19) එයාර් බස්ශ්‍රී ලංකන් මූල්‍ය වංචාව සම්බන්ධ නඩුව අධිකරණයහි විභාගය ගත් අවස්ථාවෙහි දී හෙළිදරව් විය. මෙම මුදල මාරුකර ඇත්තේ “සාබර් විෂන් ලිමිටඩ්” නමින් නිමල් පෙරේරා විසින් පවත්වාගෙන ගිය ගිණුමකට .

සේබර් විෂන්” ගිනුම බදු රහිත බර්ටිෂ් වර්ජින් දූපතෙහි ලියාපදිංචි කර ඇති අතර බැංකු ගිණුම වන්නකවත්තවඩුගේ දොන් නිමල් හේමසිරි පෙරේරා නමින් ආරම්භ කර තිබේ.

2014 නොවැම්බර් මාසයේදී නිමල් හේමසිරි ප්‍රනාන්දු නම් පුද්ගලයකුගේ ගිණුමකට ඇමරිකානු ඩොලර් 800,000 ක මුදලක් මාරු කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දැන්වූයේ ය.

ශ්‍රී ලාංකික ගුවන් සේවය විසින් එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සඳහා එයාර් බස් සමාගම හිටපු ශ්‍රී ලාංකික ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳගේ ගිණුමට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක කොමිස් මුදලක් ගෙවීමෙන් පසු පෙරේරාගේ ගිණුමට මෙම මුදල් මාරුකරිබේ.

ඒ අනුව නිමල් පෙරේරා මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමටත් ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් හතරක තොරතුරු ලබාගැනීමටත් අධිකරණය නියෝග කළේය.

ව්‍යාපාරික නිමල් පෙරේරා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වංචා දුෂණ කිහිපයකටම අධිකරණයේ නම සදහන්වන නාමල් රාජපක්ෂ මෙන්ම අජිත් නිවාර් කබ්රාල් සමග ලගින් ගනුදෙනු කල රාජපක්ෂ පවුලේ ලගම හිතවතෙකු බව කලම්බුඑකස් වෙබ් අඩවිය සඳහන් කරයි. කලකට පෙර ඔහු හදුන්වන ලද්දේ ශ්‍රී ලංකාවේ ලොකුම ධණ කුවේරයා ලෙස හැදින්වෙන කැසිනෝ හිමිකාර ධම්මික පෙරේරාගේ ආයෝජන උපදේශක ලෙසය. නිමල් පෙරේරාගේ ප්‍රකාශිත ධනය එක්සත් ජනපද ඩොලර් 2,638,023ක ලෙස සදහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රධාන සැකකරු ලෙස සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවත්නා මුදල් විශුද්ධිකරණ චෝදනා හා සම්බන්ධ තවත් නඩුවක ව්‍යාපාරික නිමල් හේමසිරි පෙරේරාගේ නම සඳහන් වේ. එහි නඩු අංක 195/16 වේ.

මේ බව අනාවරණය වූයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකින් අනතුරුව ය.

ලැයිස්තුගත ස්ථිර ලිපිනයක් නොමැති සහ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පමණක් සිටින සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබන තවත් ගිණුමකට යූරෝ 160,0000 ක් විජේනායකගේ ගිණුමෙන් මාරු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මුදලිගේ අධිකරණයට දන්වන ලදී.

අධ්‍යක්ෂවරුන් දෙදෙනා සහෝදරයන් වන අතර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහෝදරයන් දෙදෙනාගේ බාලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර අනෙක් තැනැත්තා අද (20) ප්‍රකාශයක් පටිගත කිරීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබේ.

නඩු විභාගයක් සම්බන්ධයෙන් සෑම දෙයක්ම කිරීමට අපි රහස් පොලිසියට උපදෙස් දිය යුතු නැතැයි ද මෙම මුදල් විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස රහස් පොලිසියට දන්වා සිටියත් එය මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

පසුව මහේස්ත්‍රාත් දිසානායක මහතා විමර්ශනය සිදුකිරීමේ ප්‍රමාදය පිළිබඳව රහස් පොලිසියෙන් ප්‍රශ්න කල අතර, විමර්ශනය පැවැත්වීම වලක්වන යම් බලපෑමක් හෝ පීඩනයක් තිබේදැයි විමසී ය.

මෙම ව්‍යාපාරික නිමල් පෙරේරා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වංචා දුෂණ කිහිපයකටම අධිකරණයේ නම සදහන්වන නාමල් රාජපක්ෂ මෙන්ම අජිත් නිවාර් කබ්රාල් සමග ලගින් ගනුදෙනු කල රාජපක්ෂ පවුලේ ලගම හිතවතෙකුවේ.

මේ අතර කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ගිණුමෙන් යුරෝ 160,000ක මුදලක් ශ්‍රී ලංකා ඇඩ්වර්ඩ්ස් නම් සමාගමකට බැරවී ඇති බවත් එම සමාගම ස්ථිර ලිපිනයක් නොමැති, එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුට අයත් සමාගමක් බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

මෙයින් එක් සහෝදරයකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අනෙක් සහෝදරයාව අද (20) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවීමට නියමිත බවයි ඔවුන් සඳහන් කළේ.

එසේම මෙම විමර්ශන කටයුතු ප්‍රමාද වන්නේ මන්දැයි මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කළ විමසීකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා තිබුණේ මෙම විමර්ශනය භාරව සිටින නිලධාරියා දෙසතියක කාලයක් සඳහා විදේශගත වීම හේතුවෙන් විමර්ශනය ප්‍රමාද වී ඇති බවකි.

මෙම නඩුව යළි මාර්තු 4 වනදා නැවත විභාගයට ගැනීමට නියමිතය.

Archive

Latest news

Related news