Sunday, May 5, 2024

උදයාංග නඩුව: සීඅයිඩී ප්‍රධානී එස්.පී. තිලකරත්නට උසාවියෙන් අවවාද!

වසර ගණනාවක් කට්ටි පනිමින් සිට පසුගිය 14වන සිකුරාදා පොලිස් අත් අඩංඟුවට පැමිණි රාජපක්ෂ ඥාතී උදයංග වීරතුංග අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවෙහි දී අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවේ වත්මන් ප්‍රධානී පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න සැකකරු වෙනුවෙන් කරුණු දැක්වීමේ අරුම පුදුම පුවතක් ජනමාධ්‍ය වාර්තා කරයි. ඔහු මෙසේ කරුණු දක්වන ලද්දේ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවෙහි ය. ඔහු අධිකරණයට දන්වා ඇත්තේ උදයාංග වීරතුංගට මුදල් විශුද්ධිකරණය කළැයි චෝදනා එල්ල වන නමුත් එදින දුන් ප්‍රකාශය මගින් එම මුදල් තමා 30 වසරක් සේවය කර මෙරටට එවන ලද මුදල් බව කියා ඇති බවයි.

දයාංග වීරතුංග බැංකු ගිණුම් 06කට වරින්ඩො වර ලර් මිලියන 1.5ක් ක් එවා ඇතැයි වෙනත් වාර්තාවන්හි දැක්වේ.

පොලිස් අධිකාරී තිලකරත්න  උදයාංග වීරතුංග වෙනුවෙන් මෙළෙස වක්‍රව අදහස් දක්වා ඇත්තේ මේ තාක් කල් මෙම නඩුව මෙහය වූ නීතිපති දෙපාර්ථමේන්තුවේ නියෝජ්‍ය නීතිපතිවරයකු වන තුසිත මුදලිගේ නොමැතිව ය.

මෙම අවස්ථාවෙහි දී එකී විමර්ශන කටයුතු මුල සිටම නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයකුගේ අධීක්‍ෂණය යටතේ සිදුකර අධිකරණයට වාර්තා කර ඇති බැවින් වගකීමෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ තිලතරත්න මහතාට අවවාද කර තිබේ.

පොලිස් අධිකාරී තිලකරත්න කලින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂ අංශය බරව සිටි නිලධාරියෙකි. ඔහු මෙම නව තනතුරට පත් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු ය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ වශයෙන් පත්වීමෙන් පසු පොලිස් අධිකාරී තිලකරත්න, උදයංග වීරතතුංගට පනවා තිබූ ජාත්‍යන්තර රතු වරෙන්තුව දේශපාලන හේතුවක් උඩ ගන්නා ලද පියවරකැයි කියා එය ඉවත් කර ගැනීමට දැරූ ප්‍රයත්නය අධිකරණ හමුවේ ප්‍රතික්ෂේප විය.

දැනට සති තුනකට පමණ පෙර අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවෙහි මෙම නඩු ගොනුව බාරව සිටි මුල්‍ය අපාරාධ අංශයෙහි නිලධාරිනියකට එය බහා තබන ලෙස කරන ලද ඉල්ලීමද ඇය විසින් ප්‍රතික්ෂේප කරන ලද බව වාර්තා වේ. ඒ වනවිට ඇය නිතිඥවරියක ලෙස ද දිව්රුම් දී තිබුණි.

ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත වාර්තාවන අන්දමට දැන්  උදයාංග වීරතුංග පිළිබඳ නඩුව මෑතකදී අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවෙහි මූලස්ථානයට අනුබද්ධ කරන ලද සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවාට බාර දී තිබේ. ඔහුගේ එක් සොහොයරකු හමුදාපති ශවේන්දු සිල්වාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වන අතර අනෙක් සහෝදරයා වැළිකඩ ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ය.

සැකකාර උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක් නිකුත් කර තිබුණේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා දුටු තැන අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදීම විවෘත වරෙන්තු නිකුත් කොට තිබූ තත්වයක් යටතේ ය. ඔහු මෙරටට ගෙන මෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න විසිනි. මෙම විමර්ශනය ගෙවුන වසර පහක කාලයක් තිස්සේ සිදුකළ දීර්ඝ වශයෙන් කර ඇති නමුත් එකී ගනුදෙනුවට අදාළව අලුත් විවිධ තොරතුරු ලැබී ඇති බැවින් සැබෑ වැදිකරුවන් අනාවරණය කරගැනීම සඳහා ඉතා විධිමත්ව තව දුරටත් විමර්ශනය කිරීමට සිදුවන බවත් සැකකරුගෙන් තව දින දහයක්වත් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කළ යුතු බවත් ඔහු අධිකරණයට පවසා තිබේ.

වදරටත් අදහස් දැක් වූ පොලිස් අධිකාරීවරයා කියා සිටියේ පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි හා මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුවී ඇති බව පෙර විමර්ශනවලදී අනාවරණය වී ඇති නමුත් එකී මුදල් සැකකරු වසර 30 කට අධික කාලයක් සිදුකළ ව්‍යාපාරවලින් හා වැටුප් ලෙස උපයාගත් මුදල් බව ඔහු 14දා ලබාදුන් ප්‍රකාශ මගින් හෙළිකර ඇතැයි කියා ය.

මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එකී විමර්ශන කටයුතු මුල සිටම නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයකුගේ අධීක්‍ෂණය යටතේ සිදුකර අධිකරණයට වාර්තා කර ඇති බැවින් වගකීමෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට අවවාද කළේ එම අවස්ථාවෙහි දී ය.

නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශනවලදී අනාවරණය කරගත් විශාල ලේඛන ප‍්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර එකී වරෙන්තු නියෝග හා රතු නිවේදන නිකුත් කොට ඇතැයි ද එහිදී පැවසූ මහෙස්ත‍්‍රාත්වරයා නඩුව පිළිබඳ අවබෝධයක් ඇති රජයේ අධිනීතිඥවරයා සිටින අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම වඩා උචිත බවද දැන්වීය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත් වී අති විශාල මුදලක් අයුතු ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා ගණනාවක උදයාංග වීරතුංගට එල්ල තිබේ.

(නඩුදින වාර්තාවට අදාළ කරුණූ සදහා පමණක් දිවයින පුවත් පතෙහි පළ වූ වාර්තාවක් ඇසුරු කරන ලදී. ඡායාරූපය අද දෙරණ වෙතිනි.)

Archive

Latest news

Related news