Sunday, May 5, 2024

අන්තර් ජාතික එයාර් බස් චංචාවේ ශානී අබේසේකර භූමිකාව

අන්තර් ජාතික වශයෙන් පවා ආන්දෝලනාත්මක නඩු විභාගයක් බවට පත් වූ  දැවැන්ත එයාර් බස් වංචාවේ සුලමුල සොයා ගනු ලැබූයේ හිටපු රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් පරීක්ෂක ශානි අබේසේකරගේ නායකත්වයෙන් යුත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු (සීඅයිඩී) විමර්ශන කණ්ඩායම මීට වසර කිහිපයකට පෙර සොයා ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ හුවමාරු වූ විද්‍යුත් තැපෑලක් (ඊ මේලයක්) මගින් බව දැන් අනාවරණය වී තිබේ.

සන්ඩේ මෝර්නිං පුවත්පත් වාර්තා කරන්නේ තමන් එම සැක සහිත විද්‍යුත් තැපෑල දුටු බවයි. එය එවකට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ඩරැවි පෙරේරා විසින් 2012 නොවැම්බර් 28 දින පෙ.. 9.13 කපිල චන්ද්‍රසේන වෙත යවා තිබේ.

එම විද්‍යුත් තැපෑලෙහි තිබූ අමුණුමෙහි 2012 නොවැම්බරයේ සිදු කරන ලද ශ්‍රී ලංකන් ගුවන් යානා ආදේශන තක්සේරුවේ මූලික මූල්‍ය සොයාගැනීම් අඩංගු විය. එය තෙවැනි පාර්ශවයකට නොදිය යුතු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීම් පිළිබඳ කරන ලද නිර්දේශ අඩංඟු රහස්‍ය ලියවිල්ලකි.

අනතුරුව කපිල චන්ද්‍රසේනගේ බිරිද ප්‍රියංකා නියෝමාලී විජේනායක විසින් පිහිටුවා තිබූ BizSolutions, Inc නම් සමාගම සමඟ එයාර් බස් සමාගම ගිවිසුමකට එළඹ තිබේ.

ශ්‍රී ලාංකික ගුවන් සේවය සමඟ එයාර් බස් ව්‍යාපෘතිය සුරක්ෂිතව හා සාර්ථකව නිම කිරීම සඳහා 2013 මාර්තු 29 වන දින ඊඒඩීඑස් සහ BizSolutions අතර උපදේශක ගිවිසුමක් අත්සන් කරන ලදී. EADS ආයතනික උප සභාපති ජීන් පියරේ තලමෝනි සහ BizSolutions හි නීති නියෝජිත විජේනායක යන දෙදෙනා ආයතන දෙක වෙනුවෙන් මෙම ගිවිසුම් අත්සන් කර ඇත්තේ  ය.

මෙම ගිවිසුම එළඹියේ ශ්‍රී ලාංකික ගුවන් සේවය සමඟ එයාර් බස් ගුවන් යානා ව්‍යාපෘතිය සුරක්ෂිතව හා සාර්ථකව නිම කිරීම සඳහා ය

ශානි අබේසේකර ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම අපරාධ පරීක්ෂකයෙකි.

ශානි අබේසේකර යටතේ ක්‍රියාත්මක වූ රහස් පොලිස් විමර්ශනය විසින් සොයා ගත් තවත් කරුණක් වූයේ ප්‍රියංකා නියෝමාලී විජේනායක ගේ සමාගම පිහිටුවීමට මොරිසස් හි එයාර් බස් ප්‍රධාන විධායක නිලධාරී අප්පාවු විසින් උදව් කර ඇත්‌තේ ද කපිල චන්ද්‍රසේනගේ ඉල්ලීමක් උඩ බවයි.

තවද එම විමර්ශන කණ්ඩායම සොයාගත් චන්ද්‍රසේන සහ එයාර් බස් අතර හුවමාරු වූ ව්ද්‍යුත් තැපැල් මගින් පැහැදිලිවම පෙන්වා පෙන් වූයේ එම මුදල් උපදේශන ගාස්තු ලෙස නියෝමාලී විජේනායකගේ BizSolutions, Inc ගිණුමට මාරු කර ඇති බවයි. අනතුරුව එම මුදල් වන්ද්‍රසේනගේ විදේශ ගිණුම් වෙත වරින් වර මාරු කරන ලදී.

2019 ජුලි මාසයේ දී රහස් පොලීසියේ විමර්ශන උපරිම තලයකට පැමිණි පසු, තවදුරටත් විමර්ශන කටයුතු කරගෙන යාමට උපදෙස් දීම සඳහා රහස් පොලීසියේ අධ්‍යක්ෂ එස්එස්පී ශානි අබේසේකර නීතිපතිවරයාගේ නීති උපදෙස් ලබාගෙන තිබේ.

කෙසේ වෙතත්, විමර්ශනය දිගටම කරගෙන ගිය ද, නීතිපතිවරයා විසින් රහස් පොලිසියට අවශ්‍ය උපදෙස් ලබා දී නොමැත.

විමර්ශනය අතරතුර, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් යන දෙකම ශ්‍රී ලංකා රහස් පොලීසිය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම නිසා නඩු පැවැරිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් මතු විය. මේ නිසා දැනට වන්ද්‍රසේනවරුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත්ව ඇත්තේ මුදල් විශුද්ධිකරන පනත යටතේ ය. අලල්ස් පනත යටතේ නොවේ.

සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් චන්ද්‍රසේනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහාය වීම සඳහා රහස් පොලිසිය විසින් මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් යන යන ආයතන දෙකෙන්ම සහාය ඉල්ලා තිබේ. කෙසේ වෙතත්, කිසිදු සමාගමක් විමර්ශනයට සහයෝගය දැක්වීමට සහ තොරතුරු රහස් පොලිසියට ලබා දීමට කැමති නොවීය.

මෙම කාලයෙහි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානියා වූයේ එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහගේ ඥති සුරේන් රත්වත්තේ ය. එකළ ඔහුගේ සහෝදරයා වන චරිත රත්වත්තේ වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයකු විය.

කෙසේ වෙතත් නියෝමාලී විජේනායකගේ සිංගප්පූරු බැංකු ගිණුමේ තොරතුරු පසුගිය වසරේදී ලබා ගැනීමට ශානි අබේසේකරගේ නායකත්වයෙන් යුතු රහස් පොලිසිය සමත් විය. ඊට අධිකරණ ඇමැතිනිය වූ තලතා අතුකෝරාළ ද සහය විය.

මෙකී එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන නඩුවේ අවසන් ලිපිගොනුව රහස් පොලිසිය විසින් 2019 වසරෙහි ජූලි මාසයේ දී ඉදිරිපත් කළ ද නීතිපති දෙපාර්තමේන්තුව චන්ද්‍රසේනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මාස හයක් ප්‍රමාද කළේ ය.

නීතිපති දෙපාර්තෙම්න්තුවට අපරාධ පරීක්ෂන දෙපාර්තමේනතුව විසින් අඛණ්ඩව සිහි කැඳවීම් යවා තිබියදීත්, නීතිපතිවරයා ජනවාරි 31 දක්වා නීතිමය පියවරක් ගත්තේ නැත.

රහස් පොලසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලබන විමර්ශන තොරතුරු මත අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබා ගැනීමේ අවසාන තීරණය නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගත යුතු නමුත් නීතිපති දෙපාර්තමේන්තුව කුමණ හෝ හේතුවක් නිසා කල්මැරුවේ ය.

එයාර් බස්ශ්‍රීලංකන් ගනුදෙනුවේ දැවැන්ත දූෂණ අනාවරණය කර ගැනීමට ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ නායකත්වයෙන් යුත් රහස් පොලිසිය විසින් කරන ලද විමර්ශන මගින් එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලයට (SFO) සමස්ත එයාර් බස් වංචාව සොයා ගැනීමට හැකි වූ බවත් පසුගිය දා විශාල වන්දි මුදල් ලබා දෙන ලෙස ප්‍රකාශයට පත් බ්‍රිතාන්‍ය අධිකරණ තීන්දුවට හේතු වූ බවත් සන්ඩේ මෝනිං පුවත් පත වාර්තා කරයි.

SFO යනු එංගලන්තයේ, වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ බරපතල හෝ සංකීර්ණ වංචා සහ දූෂණ පිළිබඳව විමර්ශනය කර නඩු පවරන එක්සත් රාජධානියේ රාජ්‍ය දෙපාර්තමේන්තුවකි.

SFO සහ මෙරට සීඅයිඩිය අතර සම්බන්ධය ඇති කරන ලද්දේ ශ්‍රි ලංකන් ගුවන් සේවයේ දූෂණ පිළිබඳව දීර්ඝ වාර්තාවක් සකස් කළ නීතිඥ වැළිඅමුණ විසිනි. රහස් පොලීසියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වූ ජේෂ්ඨ පොලිස් අධිකාරී පියසේන අම්පාවිල මුල්‍ය දූෂණ සම්බන්ධයෙන් වැඩිදුර පුහුණුවක් සඳහා SFO ආයතයට යැවීමට මූලිකත්වය ගත්තේ වැළිඅමුණ විසිනි. වැළිඅමුණ විසින් සකස් කරන ලද වාර්තාවෙහි ද මෙම එයාර් බස් ගනුදෙනුව ගැන සඳහන්ව තිබේ.

ශ්‍රී ලංකාවේ විමර්ශන ගොළුබෙලි ගමනින් ගාටත්දී ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගේ නායකත්වයෙන් යුතු රහස් පොලිසිය විසින් 2018 දී බ්‍රිතාන්‍යයේ SFO සමඟ බුද්ධි තොරතුරු හුවමාරු ගිවිසුමකට එළඹියේ ය. විමර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා SFO වෙත සැලකිය යුතු තොරතුරු සහ ලියකියවිලි සපයන ලද්දේ ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. SFO සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමේ ගිවිසුමකට සීඅයිඩීය වෙනුවෙන් අත්සන් කළේ ද ශානි අබේසේකර ය.

එම ගිවිසුමෙන් පසු උක්ත පරීක්ෂණය මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පවරණ ලදී. එහි  මෙම විමර්ශනය බාරව සිටි ස්ථාන බාර නිලධාරියා වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රන්සිස්කුය. මෙයට මසකට පමණ පෙර උදායාංග වීරතුංගට අදාළ මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩුව බහා තැබීමට එකඟ නොවීම නිසා ඔහු මීගමුව පොලීසියට මාරු කරන ලදී. 

අවසානයේ දී එයාර් බස් සමාගම, එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වූයේ ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුව විසින් ලබා දෙන ලද  විමර්ලිශන ලියැවිලි එයට පෙන්වීමෙන් පසු ය.

ශ්‍රී ලංකන්එයාර් බස් ගනුදෙනුවේ දූෂණ චෝදනාව පිළිබඳ විමර්ශනය රහස් පොලිසිය විසින් අවසන් කොට නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ නමුත් එක්සත් රාජධානියේ උසාවියක සමස්ත එයාර් බස් පරීක්ෂාව මතු වන තෙක් ලිපිගොනුව එහි හමස් පෙට්ටියට දාමා අඟුලු දමා තිබුණි

එක්සත් රාජධානියේ උසාවියක විනිසුරුවන් විසින් එයාර් බස් විසින් කරන ලද මෙම සමස්ත වංචාවට අදාළව ඩොලර් බිලියන 3.9 වන්දියක් ගෙවන සේ වාර්තාගත විසඳුමක් අනුමත කිරීම නිසා ලංකාවේ නීතිපතිවරයාට නින්දෙන් නැගිටීමට සිදු විය.

මේ වන විට දේශපාලන හේතූන් මක එකී තීරණාත්මක විමර්ශනය මෙහෙය වූ නිලධාරියා වූ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට දඩුවම් මාරුවක් දී ඔහු ගාලු නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයාගේ ලිපිගොනු රැගෙන යන්නා බවට පත් කර තිබුණි. පසුව රංජන් රාමනායක හඩපටි සිද්ධියක් දඩමීමා කරගෙන ඔහුගේ වැඩ තහනම් කරන ලදී.

තවමත් ඔහුට චෝදනා පත්‍රයක් බාර දී නැත.

(මෙහි සඳහන් යම් කරුණු උපුටා ගන්නා ලද්දේ සන්ඩේ මොර්නිං පුවත් පතෙනි. ලිපියෙහි වගකීම ශ්‍රී ලංකා බ්‍රිෆ් සතුය)

Archive

Latest news

Related news