Tuesday, July 16, 2024

“මං ගමරාළට පස් වතාවක් පාස්කු ප්‍රහාරයේ අනතුරු හැඟවීම දැනුම් දුන්නා”

තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පස් වතාවක්ම  පාස්කු ඉරිදා බෝමබ ප්‍රහාර එල්ලවීමේ අනතුරු හැඟවීම දැනුම් දුන්  බවත් මේ සියල්ල ජනාධිපති කොමිසම හමුවේ කියන බවත් හිටපු ජනාධිපති ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පසුගිය සදුදා පැවැති සාදයක දී ප්‍රකාශ කර තිබේ.

මට නම් කමක් නෑ. මට හොඳම නීතිඥයින් අල්ල ගන්න සල්ලි තියෙනවා. ඒ්ත් අර පූජිත ජයසුන්දර මේකට හිරේ දාපු ඒකට සහගහනවා. පූජිතගේ මොන අඩුපාඩු තිබුණත් හොරකම් කරල සල්ලි හම්බු කරපු මිනිහෙක් නොවෙයි.’ යනුවෙන් ද ඔහු කී බව විශ්වාසවන්ත ආංරචි මාර්ගයක් ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසී ය. තමා නිරපරාදයේ මාස හයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබී යැයි ද ඔහු සිරිසේන‌ට තදබල ‌ලෙස දෝශාරෝපණය කර තිබේ.

බම්බලපිටියේ ඔහුගේ නිවසේ පැවැති මෙම සාදයට තොරාගත් ජනමාධ්‍යවේදීන් සහ නීතිවේදීන් සුලු පිරිසකට ආරාධනා කර තිබුණි.

තමා මහජන බැංකුවේ සභාපතිව සිටිය දී විදේශයක සිට එවන ලද ඩොලර් 10,000ක් සිය ගිණුමට මාරු දීමට මහ බැංකුව මාසයක් ගත් නමුත් හිස්බුල්ලාට නැගෙනහිර විශ්ව විද්‍යාලය සෑීමට යැයි එවන ලද ඩොලර් ලක්ෂ ගණන් එක දවසක් තුළ ඔහුගේ ගිණුමට මාරු කර දී ඇතැයි ද ඔහු කියා තිබේ. ඉතාම ඉහළ පෙළේ මැදිහත්වීමකින් තොරව එවැනි වරප්‍රසාදයක් හිස්බුල්ලාට ලැබුණේ කෙසේ දැයි ද ඔහු ප්‍රශ්ණ කර ඇත.

අන්තිමේ දී මට ඇප අරං දුන්නේ මහින්ද” යැයි ද ඔහු කියා තිබේ. පාරම්පරික ධනවතකු වූ හේමසිරි ප්‍රනාන්දු ගේ පියා සිරිමා බණ්ඩරනායකගේ සමීපතම ආධාරකරුවකු වූ අතර ඇයගේ ලේකම් ලෙස හේමසිරි ප්‍රනාන්දු දශක ගනනාවකට පෙර සේවය කළේ ය

මෙයට පෙර ද සමාජ මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබුණේ පාස්කු ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිසම හමුවේදී හේමසිරි ප්‍රනාන්දු ලොකු හෙළිදරව්වකට සැරසෙන බවයි.

Archive

Latest news

Related news