Thursday, April 25, 2024

ශානිට වාහනය දුන්නැයි ඒ්.ඒස්.පී.ට දඩුවම් මාරුවක්.

රහස් පොලීසියට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේථන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ අධිකාරී ශානි අබේසේකර ආපසු යෑම සඳහා සිය කාරය ලබාදුන්නේ යැයි රහස් පොලීසියේ සේවය කළ උප පොලිස් අධිකාරීවරයකුට දඩුවම් මාරුවක් ලබා දී තිබේ.

මෙසේ දඩුවම් මාරුවට ලක්ව ඇත්තේ උප පොලිස් අධිකාරී ඒ්. තිලකසිරි මහතා ය. ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයට මාරු කර තිබේ.

පසුගිය 23 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ශානි අබේසේකර පැය 5 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නේ ය.

මෙම ප්‍රකාශය සටහන් කර ගන්නා ලද්දේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය පැහැරගත් බව කියන පැමිණිල්ළ සම්බන්ධයෙනි.

එදින පෙරවරු 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ශානි අබේසේකර මහතා ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පස්වරු 3 ට පමණ පිටව යන අවස්ථාවෙහි දී ඉදිරිපස ගේට්ටුව අසළ පොදි කෑ ජනමාධ්‍යවේදීන්‌ මගහැර යාම පිනිස උප පොලිස් පරීක්ෂක තිලකසිරි මහතා සිය කාරය ලබා දී තිබේ. එමගින් රහස් පොලීසියේ පසුපස පිහිටි වරාය දෙරටුවෙන් ශානි අබේසේකර පිටව ගොස් ඇත.

පොලිස් අධිකාරී ධුරය හෝ ඊ‌ට ඉහළ ධුරයක් දරන ඕනෑම පොලිස් නිලධාරියකුට නිල වාහනයක් පාවිච්චි කිරීමේ අයිතිය තිබේ.

මේ අතර තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ වැඩ තහනමකට ලක් කරන ලද ශානි අබේසේකර මහතාට තවම චෝදනා පත්‍රයක් ලබා දී නැති බවයි.

 

Archive

Latest news

Related news