Sunday, May 5, 2024

උද්ඝෝෂන ස්ථානය නීති ගත කර විරෝධතා පාලනයට විශේෂ පොලිස් ඒකකයක්.

පුස්තකාල ඡායාරූපයකි.

මහජන සාමය පවත්වා ගැනීම අරමුණු කරගත් මහජන විරෝධතා සහ කෝලාහල මැඩපැවැත්වීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා ඇති බව මූලස්ථානයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කර තිබේ.

එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාඩ් හමුදා පුහුණු ආයතනයෙහි හි පුහුණුව ලබා ඇති තෝරාගත් නිලධාරීන් 50 දෙනෙකු විසින් මෙම ඒකකය මෙහෙයවනු ඇත. විශේෂයෙන් උද්ඝෝෂකයින් හා පොදුවේ මහජනතාව සමඟ වැඩ කිරීම සඳහා විශේෂ පුහුණුවක් ඔවුන්ට ලබා දී තිබේ. මෙම ඒකකය කොළඹ පිහිටි පොලිස් ක්ෂේත්‍ර කාර්යාල මූලස්ථානයේ ස්ථාන ගත කෙරනු ඇති අතර විශේෂ පොලිස් කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී පාලින්ද විජේසුන්දර එහි ප්‍රධානියා වනු ඇත. උද්ඝෝෂකයින්ගේ ප්‍රශ්ණ විසඳීම සඳහා අදා අංශ වෙත යොමු කිරීම ද ඔවුන් විසින් කරනු ඇතැයි දැක්වේ.

මෙම ඒකකයට කොපමණ නිලධාරීන් අයත්වනු ඇත්දැයි දැන ගැනීමට නෙමැත.

විරෝධතා දැක්වන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට උපදෙස් දී ඇති බවත් වාර්තාව සඳහන් කරයි. මාර්ග අවහිර කිරීම සහ පොදු දේපළ විනාශ කිරීම නතර කිරීම ද මෙම විශේෂ ඒකකයේ කාර්යක් බවත් සඳහන් වේ.

මේ අතර රාජපක්ෂවරුන්ට සමීප බවත් පෙනෙන වෙබ් අඩවියක් සඳහන් කරන්නේ රජයට එරෙහිව උද්ඝෝෂණ සහ විරෝධතා දක්වන්නන් වෙනුවෙන් උද්ඝෝෂණ ස්ථානයක් ස්ථාපිත කරන ලද්දේ ජනාධිපති වරයාගේ උපදෙස් මත බවයි.

එය තවදුරටත් කියන්නේ ඉදිරියේ දී මෙම උද්ඝෝෂණ ස්ථානය නීතිගත කරන බවය. රටේ ඕනෑම කෙනෙකුට රජයට එරෙහිව විරෝධතා දැක්වීමටත් උද්ඝෝෂණය කිරීමටත් එම ස්ථානය නොමිලේ පාවිච්චි කිරීමට අවසර දෙනු ලැබේ. එහෙත් එම ස්ථානයෙන් බැහැරව මහා මාර්ග අවහිර වන ලෙස හෝ ජන ජීවිතයට හා සාමයට බාධාවක්වන ලෙස උද්ඝෝෂණය කිරීමට මින් ඉදිරියට ඉඩක් නොලැබෙනු ඇත. ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මේ සම්බන්ධව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත් ගෙනැවිත් උද්ඝෝෂණ ස්ථානය නීතිගත කිරීම සිදු වනු ඇතැයි රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයකු එම වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ.

Archive

Latest news

Related news