Tuesday, July 16, 2024

නව කෙරෝනා වෛරස මරණ 1,016. අසාදිතයින් 42,638. මාර්තු වනතුරුම පැතිරීම ඉහළට!

ඡායාරූපය: චීන ජනාධිපති ෂී ජින්පින් විසින් නව කොරොන වෛරස නියුමෝනියාව වැළැක්වීම සහ පාලන කටයුතු පරීක්ෂා කරයි [Pang Xinglei/Xinhua via AP].

චීනයේ නව කොරෝනා වෛරස් රෝගයෙන් මියගිය සංඛ්‍යාව දැන් දහසකට වඩා වැඩි වී ඇති අතර, සඳුදා පුද්ගලයින් 108 දෙනෙකු වෛරසයෙන් මිය ගිය පසු, එය පැතිරී යාමෙන් පසු පසුගිය වසරේ අග භාගයේ සිට වාර්තා වූ ඉහළම දෛනික සංඛ්‍යාව මෙය වේ.

චීනය තුළ සිදු වූ මරණ සංඛ්‍යාව 1,016 ක් බව ජාතික සෞඛ්‍ය කොමිසම අඟහරුවාදා ප්‍රකාශ කළේය.

නව තහවුරු කළ රෝගීන් 2,478 ක් වාර්තා වී ඇති අතර, ම්පූර්ණ අසාදිත සංඛ්‍යාව දැන් 42,638 කි.

චීන අලුත් අව්රුදු නිවාඩු කාලය අවසන් වුවද චීනය කොරෝනා වෛරසය නිසාම  තවමත් බෙහෝ සේවක පිරිස් නිවස්හි රැඳී සිටිති.

චීනයෙන් පිටත මරණ දෙකක් වාර්තා වී ඇත එකක් හොංකොං සහ පිලිපීනයේ .

අවම වශයෙන් රටවල් 25 ක් වත් රෝගීන් සිටින බව තහවුරු වී ඇති අතර රටවල් කිහිපයක් ඔවුන්ගේ පුරවැසියන් හුබෙයි වලින් ඉවත් කර කරගෙන තිබේ. එසෙ ්නමුත් බංගලදේශය වැනි රටවල් සිය වැසියන් එම නගරයෙන් ඉවත් කරගෙන නැත. වැසියන් ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා උදව්විය හැකි බව ඉන්දියාව අසල්වැසි රටවලට දන්වා තිබේ.

චීනයේ ඉහළම වෛරස් විශේෂයා වන ෂොං නන්ෂාන් පවසන්නේ මෙම මාසය තුළ නව කොරෝනා වෛරසය පැතිර යාම ඉහළටම යා හැකි බවයි. ඔහු දක්වන්නේ ඉන්පසු රෝගය පැතිර යාම ක්‍රමයෙන් පහළ යා හැකි බවයි. එසේ නමුත් මෙයට පෙර ඔහු පවසා සිටියේ ජනවාරි මාසයේ දී පැතිරීම ඉහළ ගොස් ඉන් පසු පහළ බසිනු ඇති බවයි. එම පුරෝකථනය පදනම් වූ දත්ත අඩුපාඩු සහාත බව ඔහු කියා තිබේ.

රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් 2003 දී SARS වසංගතයට එරෙහිව සටන් කිරීමේ කාර්යභාරය වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් ප්‍රමුඛ වසංගත රෝග විද්‍යා ෂොං නන්ෂාන් කියා සිටියේ සමහර පළාත්වල තත්වය දැනටමත් දියුණු වෙමින් පවතින බවත් නව අවස්ථා ගණන අඩු වෙමින් පවතින බවත්ය.

මේ  අතර නව කොරෝනා වෛරසය ගොදුරු වූ  20000 ක් ඝාතනය කිරීමට චීනය උසාවියෙන් අවසර පතයි යනුවෙන් වූ විදෙස් වාර්තාවක් උපුටා දක්වමින් මෙරට සමාජ ජාල විසින් කරන ලද වාර්තාකරණය කිසිදු පදනමක් නොමැති එකක් බව Fact Crescendo Sri Lanka ප්‍රකාශ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ නව කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර බීබීසී සංහල සේවයට පවසා තිබේ.

 මීට පෙර හමුවූ වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව හැර වෙනත් කිසිදු ආසාදිතයෙකු මෙතෙක් හමුවී නොමැති බවත් නව කොරෝනාවෛරසය ආසාදිත තවත් පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවට පළ වී ඇති අසත්‍ය ප්‍රකාශ පදනම් විරහිතබව ද වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා පවසා තිබේ.

 

(විදෙස් පුවත් සේවා ද  ඇසුරිණි)

Archive

Latest news

Related news