Tuesday, July 16, 2024

“හතේ අපේ පොත” ලියූයේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීමටයි. – පොත ලියූ වෛද්‍යවරු පාර්ලිමේන්තු කමිටුවට කියති.

ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ අතිරේක පෙළ පොතක් වන ‘හතේ අපේ පොත’ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව පසුගිය 09 දා පාර්ලිමේන්තුවේදී රැස් විය.

මෙම රැස්වීමට සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සහයෝගයෙන් මෙම පොත ලිවීමට දායක වූ වෛද්‍ය ගාමිනි සමරවික්‍රම සහ විශේෂඥ ප්‍රජා වෛද්‍ය අසාන්ති ප්‍රනාන්දු සහභාගි විය.

වයස අවුරුදු දොළහක් වයසැති දරුවන්ට එහි අන්තර්ගතය ‘නුසුදුසු’ යැයි පවසමින් මැදගොඩ අභයතිස්ස හිමි ඇතුලු බෞද්ධ භික්ෂුන් ගණනාවක් ඝෝෂාවක් නැංවූ අතර එම ඝෝසාව හමුවෙහි ආන්ඩුව “හතේ අපේ පොත’ බෙදා හැරීම නතර කරන ලදී. ඔවුන් විසින් එය හදුන්වන ලද්දේ එන්ජීඕකාරයින්ගේ වැඩක් ලෙස ය.

හතේ අපේ පොත”එල්ල වූ හෙලාදැකීම් සම්බන්දයෙන් හැගුම්බරව අදහස් දැක්වූ වෛද්‍ය මරවික්‍ර කමිටුවට කියා සිටියේ මෙම පොත මාස ගණනක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් එලිදුටු එකක් බවයි. පොතේ පර්යේෂණ අදියරේදී විශේෂඥයින් රට පුරා පාසල් වෙත ගොස් පාර්ශවකරුවන්ගේ අදහස් විමසූ බව ද ඔහු කියා සිටියේ ය.

මෙම පොත ලිවීමේ අපගේ එකම අභිප්‍රාය වූයේ අපේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීමයි. ඔව්, අපි සෞඛ්‍ය අංශයට සේවය කරනවා, නමුත් ත් දෙමාපියන්. පොත ප්‍රකාශයට පත් කරන විට, අප මෙවැනි ප්‍රතිචාර බලාපොරොත්තු වුණේ නැහැ. අපි රටේ පාසල් කිහිපයකට ගිය අපි සිසුන් හා ගුරුවරුන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ මතය සලකා බැලුවා”

මෙම පොත ඉබේ මතුවුණා නොවෙයි. අප විශේෂඥයින් පමණක් නොව දෙමව්පියන් ද ඇතුලු බොහෝ සම්පත්දායක පුද්ගලයින්ගෙන් සමග අදහස් හුවමාරු කර ගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදළ සහ යුනිසෙෆ් වාර්තා අධ්‍යනය කිරීමෙන් පසුව තමයි පාසල් විෂය මාලාවට අනුව පොත ලියූවේ, යැයි ඔහු තවදුරටත් කියා සිටියේ ය.

ඔහු පෙන්වා දුන්නේ ස්වයංවින්දනය පිළිබඳ සඳහන පොතේ ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කතුවරුන් දැඩි විවේචනයට ලක්වුවද, එම කරුණ 2005 වසරේ සිට පාසල් විෂය මාලාවේ පවතින බවයි.

මෙම පොතේ, අප එම වයසේදී ලදායී විය යුතු ආකාරය දරුවන්ට එහි කියා දී තිබෙනවා. කණ්ඩායම් ක්‍රියාකාරිත්වයේ වැදගත්කම සහ ගැටුම් වළක්වා ගන්නේ කෙසේද යන්නත් අප ඔවුන්ට පෙන්වා දී තිබෙනවා”.

ළමයින් ලිංගික අතවරයට ලක්වීම සහ ඔවුන්ගේ ජීවිත විනාශ කිරීම පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා අප දකිනවා. එය තුරන් කිරීමේ දැක්මක් ඇතිවයි අප මෙම පොත ලිව්වේ. භාෂා විලාසය තෝරාගත්තේ අප අමතන්නේ ළමයින් නිසා යි. වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන් වශයෙන් අපට අපේ රටේ සිදුවෙමින් පවතින දේ දෙස ඇස් පියාගෙන සිටිය ඉන් බැහැ. අසරණ දරුවන් බොහෝ දෙනෙක් දුක් විඳිනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව අපි මෙම පොත ලිව්වේ ඒ නිසයි.” යනුවෙන් ද වෛද්‍ය සමරවික්‍රම අදහස් දැක්වීය.

( ඉකොනොමි නෙකස්ට් පළ වූ වාර්තාවක් ද අසුරිණි)

Archive

Latest news

Related news