Tuesday, July 16, 2024

ප්‍රගීත් පැහැර ගැනීම, සිසුන් 11 ‌පැහැර ගැනීම යනාදී නඩු නතර කරන්නැයි නි. ‌පොලිස්පති ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද විමර්ශන මත පදනම් ව පවත්වාගෙන යන නඩු තාවකාලිකව බහා තැබීමට පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙන බව ලංකා ට්රුත් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම පුවත පළ වී පැය 48කට වඩා ගත වි ඇතත් පොලිස් දෙපාර්ථමේන්තුව එය ප්‍රතික්ෂේප කර නැත.

මෙසේ තාවකාලිකව නතර කරන ලෙස එමගින් පොලිස්පතිවරයා ඉල්ල ාඇති නඩු අතරට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යාම, කොළඹ අවටින් පාසැල් සිසුන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම, තාජුඩීන් ගාතනය යනාදී නඩු ද තිබේ. මෙයට පෙර ජනාධිපති රාජපක්ෂ විසින් පත් කර ඇති කොමිසමක් මගින් සිසුන් 11 දෙනා පැහැර ගැනීමේ නඩුවේ චූදිතයින් වන හාටපු නාවික හමුදාපති වූ කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා  ප්‍රකාශක වූ ඩී.කේ.පී. දසනායක සම්බන්ධයෙන් විභාගය නතර කරන සේ නියෝගයක් ද කරන ලදී. එනමුත් නීතිපතිවරයා එම නියෝගය පිළිගත්තේ නැත. දැන් පොලිස්පතිවරයාගේ ඉල්ලීම මගින් ද ඔවුන් දෙදෙනා පිළිබඳ නඩු විභාගයද බහා තැබෙනු ඇත.

රංජන් රාමනායක හඩපටි පිළිබද කිසිදු නිගමනයකට ඒමට පෙර කර ඇති මෙම ඉල්ලීම නිතිමය හැඩයකට වඩා දේශපාලන හැඩයක් ඇති එකක් බව විචාරකයෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකතන සංවාදවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් ගැටළු මතු වීම මෙම ඉල්ලීමට ප්‍රධාන හේතුව ලෙස පොලිස්පතිවරයා දන්වා ඇතැයි ද එම වෙබ් අඩවිය වාර්තා කරයි.

විමර්ශන ක්‍රියාවලියේ ගැටළු තිබීම අධිකරණ ක්‍රියාවලියට බාදාවක් නොවන බවත් එසේ ගැටළු ඇත්නම් ඒ සම්බන්යෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතීමය කටයුතු කළ හැකි බවත් නීතී ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ මතය වී තීබේ.

 

Archive

Latest news

Related news