Sunday, May 5, 2024

උද්ඝෝෂන ප්‍රදේශයෙන් පිට මහජනයාට අවහිර වන උද්ඝෝ්ෂන ගැන නිසි පියවර ගන්නවා – බන්දුල ගුණවර්ධන

විරෝධතාකරුවන්ට විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීම සඳහා  ගාලු මුවදොර පිටියට ආසන්නව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත වෙනම ප්‍රදේශයක් වෙන් කර ඇති බව ආණ්ඩුව අද නිල වශයෙන් දැනුම් දුන්නේ ය.

ඒ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ කරන ලදී.

රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ පැවති සතිපතා කැබිනට් රැස්වීම අමතමින් ඇමතිවරයා කියා සිටියේ විරෝධතා හේතුවෙන් කොළඹ ගමනාගමන තදබදය අවම කිරීම සඳහා පොලීසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් එය හඳුන්වා දී ඇති අතර එය “උද්ඝෝෂන ප්‍රදේශය” ලෙස නම් කර ඇති බවයි.

කාටූනය කිෂාන් රාජපක්ෂගෙනි.

මේ අතර පොලීසිය පැවසුවේ විරෝධතාකරුවන්ට ඔවුන්ගේ උද්ඝෝෂන හා විරෝධතා පැවැත්වීම සඳහා මෙම ප්‍රදේශය වෙන් කරන බවයි.

විරෝධතා පැවතින විට ජනතාව මුහුණ දෙන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙය ඊයේ සිට ක්‍රියාත්මක වන බවත්  “කිසියම් විරෝධතාවක් සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කරමින් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට බාධාවක් වේ නම් අවශ්‍ය පියවර ගනු ලබන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

විරෝධතා සිදුවන විට මෝටර් රථ හිමියන් විසින් මුහුණ දෙන කරදර මේ සමඟ අඩු වී අතර වාහන ගමනාගමනය සුමටව සිදුවනු ඇතැයි ද ඔහු කීවේ ය.

මේ අතර, බොහෝ විට කොළඹ නගර ශාලාවට යාබදව විරෝධතා පැවැත්වීම සඳහා තවත්  ප්‍රදේශයක් වෙන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

Archive

Latest news

Related news