Tuesday, July 16, 2024

වේදනාවෙන් කෑගසන මියන් කුමාර අලියාට දිගටම පහර දීම: ශ්‍රී ලංකාණ්ඩුවට අන්තර් ජාතික පෙත්සමක්!

ශ්‍රී ලංකාවේ කොළඹ අසල බෞද්ධ විහාරස්ථානයක් බාරයේ සිටින මියන් කුමාර නම් අලියෙකුට ඇත් ගොව්වන් විසින් කරනු ලබන හිංසාවන් විඳදරා ගන්නා අන්දම පෙන්වන සිත කම්පාකරවන දර්ශන පසුගිය දිනවල මතු විය. මිනිසෙකු ඔහුට පහර දෙන විට මියන් කුමාර වේදනාවෙන් කෑ ගසයි. අලියා උගේ පිටුපස කකුලෙන් තදින් බැඳ තබා ඇතිවා පමණක් නොව, අපිරිසිදු ජල තටාකයකටද වැටී සිටී. අලියාට යන්නට තැනක් නැත. සටන් කිරීමට ක්‍රමයක් නැත. පෙනන විදියට ජීවත් වීමට අධිශ්ඨානයක් ද නැත. එහෙත් මිනිසා දිගටම අලියාට පහර දෙයි.

මෙම පෙත්සමට අත්සන් තබා අලි ඇතුන්, මිනිස් විනෝදාස්වාදය සඳහා අත් අඩංඟුවේ තබා ගත නොහැකි වන පරිදි සිය නීති වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්න! මියන් කුමාර සහ එවැනි අනෙකුත් අලි ඇතුන් අභයභූමිවලට නිදහස් කළ යුතුය.

මියන් කුමාර යනු ශ්‍රී ලංකාවේ අත් අඩංඟුවෙහි සිටින 250 පමණ වන අලි ඇතුන්ගෙන් එකෙක් පමණකි. මෙම සංඛ්යාව වැඩිවෙමින් පවතී. වනගතව සිටින අලි ඇතුන්ගේ සංඛ්‍යාව 4,000 ක් පමණ වන අතර ඔවුහු  වඳවීමේ තර්ජනයට අතිශයින්ම ලක්ව සිටිති. මෙම සංඛ්‍යාව අනතුරුදායක මට්ටමින් අඩුවෙමින් යෑම ගාටුවකි. විශේෂඥයින් විශ්වාස කරන්නේ, අලි ඇතුන් වනයෙන් සොරකම් කිරීම, ශ්‍රී ලංකාවේ නීති විරෝධී වුවද විනෝදාස්වාදයේ සහ ධනයේ සංකේතයක් ලෙස පවත්වා ගැනීම සඳහා එය තවමත් දිගටම සිදුවන බවයි. වෙනත් වචන වලින් කිවහොත්, මෙම මෘදු යෝධයින්ට මියන් කුමාරට හා සමාන ඉරණමක් අත්වනු ඇත.

පසුගිය ශතවර්ෂ කිහිපය ශ්‍රී ලාංකික අලි ඇතුන්ට අකාරුණික වී යැයි කීම අතිශයෝක්තියක් නොවේ. 19 වන සියවස ආරම්භයේ සිට රටේ අලි ගහනය 65% කින් පහත වැටී ඇත. දැන්, අවුරුදු 100 කට වඩා වැඩි කාලයකට පසු, මෙම සුන්දර ජීවීන්ගේ අවාසනාව හීන වී යන බවක් නොපෙනේ. 2019 දී ශ්‍රී ලංකාවෙහි අලි 361 ක් මිය ගිය අතර, මෙම මරණවලින් 85% ක් පමණ වස විස කැවීම, පුපුරණ ද්‍රව්‍ය, විදුලි වැටවල් සහ වෙඩි තැබීම් වැනි ම්ලේච්ජ ක්‍රියා මගින් මිනිසුන් විසින් කරන ලද ඝාතන වේ. අවාසනාවකට මෙන්, මියන් කුමාරට වදහිංසා පමුණුවන දර්ශන දෙස බලන විට අත් අඩංඟුවේ තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම ඉක්මනින් එම ලැයිස්තුවට එකතු වනු ඇති බව පෙනේ.

මෙම වටිනා සතුන් වනයෙන් උදුරා ගෙන හා ඒසා පිළිකුල් සහගත ලෙස සැලකීමට ඉඩ නොදී ඔවුන්ගේ ආරක්ෂාව හා සංරක්ෂණය කෙරෙහි ශ්‍රී ලංකාව සිය අවධානය යොමු කළ යුතුය. කරුණාකර ඔබේ හ භාවිතා කර මියන් කුමාරගේ ජීවිතය සහ ඔහු වැනි අනෙක් අලි ඇතුන්ගේ ජීවිත සුරක්ෂිත කරන ලෙස ඉල්ලා සිටින්න. අත් අඩංඟුවේ සිටින අලි ඇතුන් තබා ගැනීමේ අයිතිය තහනම් කරන ලෙසත්, ආරක්ෂිත අභය භූමියක මියන් කුමාර නිදහස් කරන ලෙසත් ශ්‍රී ලංකාවට කියන්න!

පෙත්සමට අත්සන් කිරීමට මෙම දිගුව වෙත යන්න: https://www.thepetitionsite.com/takeaction/326/435/189/?z00m=32256110&redirectID=2977422863

Archive

Latest news

Related news