Wednesday, May 1, 2024

මඩකළපු මාධ්‍යවේදීන් පිරිසකට මරණ තර්ජන පත්‍රිකාවක්!

ජායාරූපය: මහුණු රවුම් කර සළකුණු කර තිබූ ජනමාධ්‍යවේදීන් හත් දෙනා මෙහි දැක්වේ.

2020 ජනවාරි 23 වන අද දින, මඩකලපුව පුවත්පත් සමාජයේ දොරට යටින් තර්ජනාත්මක පත්‍රිකාවක් තිබී  හමුවී තිබේ. රැස්වීමක් සඳහා මාධ්‍යවේදීන් පිරිසක් අද දහවල් 14.30 ට පමණ පුවත්පත් සමාජ ශාලාවට පැමිණි විට පත්‍රිකා 20 ක් පමණ ‌දොර යටින් කාර්යාලයට දමා තිබෙනු ඔවුන් දැක ඇත.

පත්‍රිකාව මාධ්‍යවේදීන්ට අනතුරු අඟවන්නේ “පුවේසම් වෙයව්! ප්‍රවේසම්වෙයව්!  විදේශයන්හි සිටින කොටින්ගෙන් මුදල් ලබාගත් වාර්තාකරුවන් මොවුහු ය. ඉක්මනින්ම ඔවුන්ට මරණ ද දඩුවම ලැබෙනු ඇත.”

පත්‍රිකා වල වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති අතර, හිටපු අර්ධ-මිලිටරි කණ්ඩායම් ඔවුන් පිටුපස සිටිය හැකි යැයි විශ්වාස කෙරේ. එසේ නමුත් නිශ්චිතව කිසිවකු වෙත ඇඟිල්ල දිගු කිරීමට තවම නොහැත. එසෙ ්නමුත් පසුගිය කාලය පුරා මෙරට ජනමාධ්‍යවේදීන් මුහුණ දුන් අනතුරු දායක තත්වය හමුවේ මෙම තත්වය බරපතල ලෙස සැළකිය යුතු යැයි කොළඹ සිට කතා කළ මානව හිමිකම් ක්‍රියාධරයකු පැවසී ය.

මෙම පත්‍රිකාව A 4 කඩදාසිවල දෙපස මුද්‍රණය කර ඇති අතර ඒවා ඡායා පිටපත් බව පෙනේ.

තර්ජනාත්ත්‍මක පත්‍රිකාවෙහි  මාධ්‍යවේදීන් කණ්ඩායමක ඡායාරූපයක් ඇති අතර ඔවුන්ගෙන් සමහරක් සලකුණු කර ඇත. එළෙස සළකුණු කර ඇති මාධ්‍යවේදීන් වන්නේ   වන්නේ බී. ක්‍රිෂ්ණකුමාර්, එස්. නිලන්තන්, පී. ශසි කරන්, බී. සත්‍යවෙල්, කේ. සුබෝජන්, එම්.   නිත්‍යානන්දන් ය. ධාරාවේ මාධ්‍යවල පළාත් වාර්තාකරුවන් මෙන්ම නිදහස් මාධ්‍යවේදීන් ද ඒ අතර වේ.

මඩකලපුව පුවත්පත් සමාජයේ ලේකම් ශ්‍රී ලංකා බ්ට‍රීෆ් වෙත කියා සිටියේ ඔවුන් අද පස්වරුවේ මඩකළපුවෙහි පොලිසියේ සාමූහික පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.

එම පැමිණිල්ල දැමූ බවට පොලීසිය විසින් ලබා දෙන ලද කුවිතාන්සිය පහත දැක්වේ.

(c) SLB

Archive

Latest news

Related news