Saturday, April 20, 2024

ගෝටාගේ “සමෘද්ධීය සහ තේජස” සහ සිංහල බෞද්ධ ස්වොත්තමවාදී ඉලක්ක අතර ගැටුම – ආචාර්ය අමීර් අලි

පසුගිය වසරේ ඔහුගේ ජයග්‍රහණය ලබා ගතහැකි වූයේ සිහල බෞද්ධයන්ගෙන් ලද අතිමහත් සහය නිසා බව ගෝඨාභය විසින්ම පිළිගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම සිංහල බෞද්ධ සමූහය පිටුපස සටන්කාමී භික්ෂූන්ගේ අණ යටතේ ස්වෝත්තමවාදී පාබල හමුදාවක් සිටී. ඔවුහු සිය බෞද්ධ ආධිපත්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා වාර්ගික වෛරය සහ ආගමික උමතුවෙන් යුතුව ගෝඨාභය බලයට ගෙන ඒම පිනිස කටයුතු කළහ.

ගෝඨාභය මෙම හමුදාවට සහ එහි අණ දෙන නිලධාරීන්ට ණය ගැතිය. ඊළඟ මහ මැතිවරණයේදී පොදු ජන පෙරමුණට තුනෙන් දෙකක බහුතරයකින් ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ඔවුන් එම උද්‍යෝගයකින් කටයුතු කරන බව දැකීමට ඔහුට අවශ්‍යය. ගෝඨාභය, දේශපාලන අවශ්‍යතාවය නිසා මෙම කණ්ඩායමේ අතථ්‍ය සිරකරුවෙකු බවට පත්ව ඇත

ස්වෝත්තමවාදීන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය, එහි ස්වෛරීභාවය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට වඩා බොහෝ දුර යයි. සටන්කාමී භික්ෂුන්ගේ මෙම භූමිකාව, මුළුමනින් ම ශ්‍රී ලංකා සමාජයේ බහුවිධ සැකැස්ම විනාශ නොකර පාලනයේ දක්ෂතාවය සහතික කිරීම සඳහා අතීතයේ දී රජවරුන් සමඟ කටයුතු කළ මේ රටේ භික්ෂූන් වහන්සේලාගේ ඓතිහාසික මෙහෙවරෙන් වෙනස් ය. එහි ප්‍රතිලයක් ලෙස රට සමෘද්ධිමත් වූ අතර බුද්ධාගම මල්පැල දැරුවේ ය. ඒ වෙනුවට මෙම ස්වෝත්තමවාදීන් මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍ර හා බහුත්වවාද විරෝධීන් වන අතර, ශ්‍රී ලංකාව එකම ආගමක්, එක් සංස්කෘතියක්, එක් නීතියක් සහ හැකි නම් එක් වර්ගයක් සහිත සමජාතීය ජාතියක් බවට පරිවර්තනය කිරීමට අපේක්‍ෂා කරති.

මෙම ස්වෝත්තමවාදීන්ට අවශ්‍ය කුමක්ද?

මෙම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ට, පක්ෂපාතී ආරක්ෂක යාන්ත්‍රණයකින් ආරක්ෂිත සර්වබලධාරී ජනාධිපතිවරයෙක්, අඩු බලතල සහිත අගමැතිවරයෙකු සහ ජනාධිපති නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයක් අවශ්‍ය වේ. සමස්ත අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ පක්ෂයේ සාමාජිකයන් සමඟ කටයුතු කිරීමට වඩා එක් පුද්ගලයෙකු හැසිරවීම සැමවිටම පහසුය. එබැවිනි ව්‍යවස්ථාව වෙනස් කර 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් වීමේ අවශ්‍යතාව පැන නගින්නේ. එය කළ හැක්කේ වත්මන් භාරකාර රජයට නොමැති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණි.

එබැවින් එළඹෙන මහ මැතිවරණයේ වැදගත්කම තීරණාත්මක ය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ එක් සහෝදරයෙකු අගමැති ලෙස කටයුතු කිරීමත් සමඟ ස්වෝත්තමවාදීන්ගේ න්‍යාය පත්‍රය පහසුවෙන් ක්‍රියාත්මක කළ කළ හැකිය. මහා ප්‍රශ්නය නම්, අධිපතිවාදී ඉල්ලීම් සමඟ ඉදිරියට යාමට අපොහොසත් වුවහොත් මෙම විනාශකාරී න්‍යාය පත‍්‍රයේ සැඟවුණු අන්තරාය සහ ඔහුගේ අනාගතය ගැන ගෝඨාභය අවබෝධ කරගෙන ඇත්තේ ද යන්නයි.

නිදසුනක් මෙසේ ය. දිල්ලි නුවර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ කිරීමට එකඟ වූ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ආපසු රටට පැමිණ පසු “බහුතරය’’ අකමැති යැයි තර්ක කරමින් සුළුතර ජාතීන් සමඟ බලය බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමය. එය ගෝඨාභය මුහුණ දී සිටින කණගාටුදායක අර්බූදය පෙන්නුම් කිරීමකි. තමා අකමැති යැයි නොකී ඔහු නමුත් ඊනියා ‘බහුතරය’ අකමැති යැයි කීවේ ය. එම බහුතරය පිටුපස සැඟව සිටින්නේ බලවත් ස්වෝත්තමවාදී සුලුතර යි.

සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමට අවශ්‍ය වන්නේ මෙම සුළුතරයට වන අතර, සියලු මද්‍රසා වසා දැමිය යුතු යැයි ඉල්ලා සිටින්නේ ද මෙම සුළුතරයයි. මද්රාසා ලියාපදිංචි කිරීමට රජය තීරණය කළ විට, සටන්කාමී භික්ෂූන් එම පියවර විවේචනය කරමින් නැගී සිට මද්රාසා සම්පූර්ණයෙන්ම වසා ද ලෙස ඉල්ලා සිටියේය. මහ මැතිවරණයේදී ඔහු අපේක්ෂිත තුනෙන් දෙකක බහුතරය ලබා දුන හොත් ගෝඨාභය මෙම ස්වෝත්මවාදීන්ගේ දැළට සහමුලින්ම හසුවනු ඇති අතර ජනාධිපතිවරයාගේ ගෙල සිරකර ගැනීමට තරම් බලයක් ලැබෙනු ඇත. රටට සහ ගෝඨාභයට අනතුර ඇත්තේ එහි ය.

හමුදාකරණය

සුළුතර ජාතීන්ට එරෙහිව ස්වෝතමවාදීන්ගේ නිර්දය ප්‍රහාරය පළිගැනීම් ප්‍රකෝප කිරීමකින් තොරව සදහටම පැවතිය නොහැක. වසර 30 ක සිවිල් යුද්ධයකින් හා පසුගිය වසරේ මහා පරිමාණ පාස්කු සංහාරයෙන් පසුවත්, රටට ගණනය කළ නොහැකි අලාභයන් සිදු වුවද, මෙම අධිපතිවාදීන් ඔවුන්ගේ පාඩම් ඉගෙන ගෙන නැති බව පෙනේ. පිරිසිදු කිරීම, උසස්වීම් සහ බඳවා ගැනීම් හරහා ගෝඨාභය ආරක්ෂක අංශ සහ එහි බුද්ධි අංශය ශක්තිමත් කිරීමට හේතුව මෙය විය හැකිය. දුප්පත් පවුල්වල තරුණ තරුණියන් 100,000 ක් සේවයේ යෙදවීමට ගත් තීරණයට ද මිලිටරි පැහැයක් ඇති බව පෙනේ.

‘කඩු ශිල්පීන් කුඹුරුහාන්නන්’ බවට පත් කිරීමේ නාමයෙන් ඔහු සියලු දිස්ත්‍රික්කවලට හමුදාව යෙදවීම රට හමුදාකරණය කිරීමේ මෘදු මුහුණුවරයි. ඔහු මෙය කළ යුතුව ඇත්තේ ස්වෝත්තමවාදීන්ගේ අඥාන ඉල්ලීම් සහ අනීතික හැසිරීම් නිසා ඇති වන දේශීය කැළඹීම්වල අන්තරාය ඔහු වටහාගෙන ඇති බැවිනි. මෙය නොකඩවා කෙරීගෙන ගියහොත් රටට පොලිස් රාජ්‍යයක් බවට පත්වීම හැර වෙනත් විකල්පයක් නොමැත. එය විසින් ගෙන එනු ඇත්තේ ගෝඨාභය පොරොන්දු වූ ‘සමෘද්ධිය සහ තේජස’ නොව වියවුල සහ කාළකන්නිකම ය.

ගෝටා ස්වෝත්මවාදීන් ප්‍රතික්ෂේප කළහොත් කුමක් වෙයි ද?

ගෝඨාභ්‍ය ස්වොත්තමවාදීන් ප්‍රතික්ෂේප කළහොත් කුමක් කළ යුතුද? එස්.ඩබ්ලිව්.ආර්.ඩී. 1957 දී එය කිරීමට උත්සාහ කළ අතර ඔහුගේ ජීවිතයෙන් ගෙවීමට සිදු විය. එම ඉතිහාසය පුනරුච්චාරණය වනු දැකීමට රටට අවශ්‍යද? එස්.ඩබ්ලිව්.ආර්.ඩී.ට සමාජවාදී මනසක් තිබූ අතර ඔහු උපතින් ජාතිවාදියෙකු නොවීය. රට නව දිශාවකට ගෙනයාමට ඔහුට අවශ්‍ය වූ අතර, සිංහල භාෂාව හා බුද්ධාගම හුදෙක්ම යොදා ගත්තේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පමණ ය. එනයින් ජයග්‍රහණය සඳහා උද්ඝෝෂනය කිරීමට භික්ෂූන් වේදිකාවට කැදවන ලදී.

“ඕනෑම දේශපාලඥයෙකුට ප්‍රාර්ථනා කළ හැකි හොඳම මැතිවරණ නියෝජිතයන් මෙන්න – 5,000,000 කට අධික පිරිසකට ඔවුන්ගේ වචන ශුද්ධ වූ 12,000 ක්, ආණ්ඩුවේ පරිහානිය වෙනුවෙන් ගිනියම්ව උද්ඝෝෂනය කරන්නට. ඊට වඩා හොඳ දේ කුමක්ද?” යැයි ප්‍රවීණ මාධ්‍යවේදී ටාසි විටාචි (හදිසි අවස්ථාව ’58: ද ස්ටෝරි ඔෆ් ද සිලෝන් රයට්ස්, ලන්ඩන්, 1958, 19 පිටුව) ලීවේ ය. වරක් බෝතලයෙන් භූතයා පිටතට ගත් විට ඔහුට එය නැවත ඇතුලට තැබිය නොහැකි විය.

ඒ හා සමානව, මිලිටරි පසුබිමක් සහිතව, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී සමකාරක තුළ ජීවිතයට නිරාවරණය වූ සහ පසුගිය දශක කිහිපය තුළ ආසියානු කොටින් ආර්ථික බලශක්තිය බවට පත්වූයේ කෙසේද යන්න පිළිබඳ යම් අවබෝධයක් ඇතිව, ගෝඨාභයට ද ශ්‍රී ලංකාව ” සමෘද්ධීය සහ තේජස” කරා නව දිශාවකට ගෙනයාමට අවශ්‍යය. ඔහුට නිර්මාණාත්මක අදහස් ඕනෑ තරම් ඇති අතර ඒවායින් සමහරක් දැනටමත් ක්‍රියාවට පරිවර්තනය කර ඇත.

කෙසේ වෙතත්, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. මෙන් දේශපාලන අවශ්‍යතාවයන් නිසා ගෝටා ද ස්වෝතමවාදීන්ගේ අතට වැටුණි. ඔහු ඔවුන්ගේ ග්‍රහණයෙන් ගලවා ගත යුතු අතර, ඔහු බේරා ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් ඔහු සොයන තුනෙන් දෙකක බහුතරය ප්‍රතික්ෂේප කිරීමයි. ලංකා මව තම දරුවා පෝෂණය කළ යුත්තේ දරුවාට අවශ්‍ය දේ සමඟ නොව, දරුවාට වඩාත් සුදුසු යැයි සිතන දේ සමඟ ය.

(ලේඛකයා බටහිර ඕස්ට්‍රේලියාවේ මර්ඩොක් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා පාලන පාසලට අනුයුක්ත ය.)

ආවාර්ය අමීර් අලි විස්න ලියන ලද දීර්ඝ ලිපියකින් උපුටා ගෙන මෙම අනුවාදය කරන ලද්දේ ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි. සම්පූර්ණ ඉංග්‍රිසි ලිපිය සදහා මෙහි කොටන්න.

 

Archive

Latest news

Related news