Friday, May 17, 2024

තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීම: හිටපු නාවික හමුදාපති සහ 14 කට අධිකරණයෙන් සිතාසි

ජායාරූපය: කරන්නාගොඩ රාජපක්ෂවරුන් සමඟ.

(ශ්‍රී ලංකා බ්‍රිෆ්) 2008 වසරෙහි දී  තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ චෝදනාව මත නාවික හමුදා හිටපු අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකුට ජනවාරි 24 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිත්‍ය මහාධිකරණ 21වන දින සිතාසි නිකුත් කළේය.

මෙම නඩු විභාගය පිළිබඳව මෙරට මෙන්ම විදේශ රටවල් ද උනන්දුවක් තිබේ. අන්තර් ජිතික මානව හිමිකම් සංවිධානද මේ නඩුව නිරීක්ෂනය කරනු ඇතැයි දැන ගන්නට තිබේ.

2008 සිට 2009 දක්වා කාලය තුළ මෙම තරුණයන් 11 දෙනා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා නැගී තිබේ. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) චෝදනා කර ඇත්තේ තරුණයින් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් පසුව වැරදිකරුවන් විසින් අතුරුදහන් කර ඇති බවටයි.

තරුණයින් 11 දෙනා පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම, කප්පම් ගැනීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් කරන්නාගොඩ ඇතුළු තවත් 13 දෙනෙකුට නීතිපති දප්පුල ද ලිවෙරා පසුගිය වසරේදී අධිචෝදනා ගොනු කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවට අනුව, පුද්ගලයින් 14 දෙනා වැරදි 667 ක් සම්බන්ධයෙන් චෝදනා ලබා තිබේ. නීතිපතිවරයා විසින් කලින් කරන ලද ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් නිත්‍ය මහාධිකරණට මෙම නඩුව යොමු කරන ලදී. පසුව නඩු විභාගය ටුයල් ඇට් බාර් නම් සාමාන්‍ය මහාධිකරණයකට යොමු කරන ලෙස නිතිපති දප්පුල ලිවේරා ඉල්ලීමක් කරන ලදී.

පැහැර ගැනීම සහ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පසුගිය වසරේ සැප්තැම්බරයේදී රහස් පොලිසිය කරන්නගොඩගෙන් ප්‍රකාශයක් ගන්නා ලදී.

මෙම පැහැර ගැනීම සහ ඝාතනයන් පසුගිය කාලය පුරාම මහත් දේශපාලන ආන්දෝලනයකට තුඩු දී තිබුණි. මෙම පරීක්ෂනය පවත්වා අවසන් කරන ලද්දේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙහි එවකට ජේෂ්ඨ පොලිස් පරීක්ෂකවරයා වූ ශානි අබේසේකර යටතේ ය.

Archive

Latest news

Related news