Friday, May 17, 2024

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට ඔත්තු සැපයූ හිටපු එල්ටීටීඊ සාමාජිකයකුට ජර්මන් අධිකරණය දඩුවම් නියම කරයි!

2005 වසරෙහි දී ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීමට අදාළව ජර්මානු අධිකරණය විසින් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වරදකරු කරනු ලැබ තිබේ

ස්ටුට්ගාර්ට් හි කලාපීය අධිකරණය නිගමනය කළේ විත්තිකරු මීට පෙර ජර්මානු පෞද්ගලිකත්ව නීතිවලට ඔහු හදුන්අවනු ලැබ ඇත්නුතේ නවනීදන් ජී යනුවෙන් පමණි. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීම සඳහා ඔත්තු සැපයීම ඔහුට විරුද්ධව එල්ලවූ චෝදනාව විය. 2012 වසරෙහි දී ජර්මනියට පැමිණ දේශපාලන සරණාගත බව ලබා ගැනීම සඳහා කළ ප්‍රකාහයෙහි දී  තමා එළෙස ඔත්තු සැපයූ බව ඔහු ප්‍රකාශ කර තිබේ. ඔහු දෙමළ ඊලාම් කොටි සංවිධානයෙහි බුද්ධි අංශයෙහි සේවය කර ඇත.

ඔහුට වසර 6 ක සහ මාස 10 ක සිර දඩුවමක් නියම වී තිබේ. මෙම තීන්දුව සම්බන්ධයෙන් ඔහුට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

උක්ත සරණාගත සම්මුඛ සාකච්ඡාවේදී විත්තිකරු තමාගේ අදහස් වචන වැරදි ලෙස පරිවර්තනය කර ඇති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අධිකරණය එය පිළිගත්තේ නැත.

මෙම පුර්වාදර්ශය යටතේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති රජයේ ආරක්ෂක අංශ සාමාජිකයින් ජර්මනියට පැමිණයහොත් ඔවුන්ට ද නඩු පැවරීමට ඉඩ ලැබෙනු ඇතැයි පැවසේ.

Archive

Latest news

Related news