Thursday, May 9, 2024

සිරිසේනගේ මාධ්‍ය චක් ගෝලයන්ට ගෝඨාභය ජනපති කාර්යාලයෙන් දූෂණ පරීක්ෂණ

ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය ඒකකයේ උපකරණ අතුරුදන් වීම ඇතුළු වංචා දූෂණ ක්‍රියා ගණනාවක් ගැන පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇතැයි රාජපක්ෂවාදී වෙබ් අඩවියක් වන ලංකා අයි විට්නස් ඩොට් කොම් වාර්තා කරයි.

හිටපු ජනාධිපති සිරිසේන ගේ පාලනය අවසන් වී වත්මන් රජයට එහි පාලනය බාර දෙන අවස්ථාවේ කාර්‍යාලයේ පැවති දුරකතන පොළොවේ ගසා කුඩු කිරීම සම්බන්ධව, දුරකතන මාර්ග වලට හානි කිරීම, එකල සිටි මාධ්‍ය අංශ ප්‍රධානියෙකුගේ අනුදැනුම මත සිදුව ඇතැයි චෝදනා එල්ල වී ඇතැයි එය වාර්තා කරයි. විශේෂයෙන් වෙබ් පරිගණක හා ෆේස් බුක් මෙහෙයුම් සිදු කළ මාධ්‍ය ප්‍රධානියකු ජනාධිපති කාර්‍යාලයට අයත් ලැප්ටොප් පරිගණක 70ක් රැගෙන ගොස් ඇතැයි චෝදනා එල්ල වී ඇත.

සිරිසේන ජනාධිපති යටතේ  ඔහුගේ නිල රාජකාරිය වශයෙන් එකල සිදු කර ඇත්තේ ජනාධිපතිවරණයට තරග කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පොහොට්ටුවේ ප්‍රධානින්ට මඩ ප්‍රහාර එල්ල කිරීම බවත්  ඔහු මහාරාජා රූපවාහිනී නාලිකාවෙන් ජනාධිපති කාර්‍යාලයට අනුයුක්ත කළ තැනැත්තෙක්  බවත් එය කියයි. මෙම පුද්ගලයා මහාරාජා සමාගමෙන් ද ජනාධිපති කාර්යාලයෙන් ද එකවර වැටුප් ලබන බව එකළ වාර්තා වී තිබුණි. මොහු ව්‍යාජ නම්වලින් වෙබ් අඩවි පවත්වාගෙන යාම සම්බන්ධවද නම් දැරුවෙකු වන අතර වත්මන් රජයට එරෙහිව මඩ ගැසීම සදහා පසුගිය සතියේ සිට නව වෙබ් අඩවියක් ආරම්භ කර ඇතැයි ද ඉහක තී වාර්තාවේ සඳහන් වේ.

ජනාධිපති මාධ්‍ය අංශයේ කිහිප දෙනෙකුට පමණක් පිවිසිය හැකි විශේෂ කුටියක් සකස් කර තිබූ  බව සදහන් කරන එය එහි සිදුවූ රාජකාරි කටයුතු හා පැවති උපකරණ සම්බන්ධව විශේෂ විගණනයක් ආරම්භ කර ඇතැයි කියයි. ජනාදිපති මාධ්‍ය අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු පාලනය මාරු වන අවස්ථාවේ රථ වාහන ගණනාවකින් එහි තිබූ ඇතැම් උපකරණ රැගෙන ගොස් ඇතැයි ද චෝදනා නැගී තිබේ.

මේ සියල්ල ගැන පොලිස් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන් ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ගෝඨාභය ජනාධිපති කාර්යාලයේ  බලධරයෝ පොලීසියට උපදෙස් දී තිබෙන බව ද සදහන් වේ.

 

Archive

Latest news

Related news