ජායාරූපය: හිට්ලර්ගේ දුඹුරු කමීසකාර මැර හමුදාවක් ව ලංකාවේ බිහිකර ගැනීම හදිසියට ලබා දෙන ලක්ෂයක් රැකියාවල අරමුණ ය.
දැන් එල්ලය 19වන සංසෝධනය අහෝසි කිරීම ය.
පාර්ලිමේන්තු මංත්‍රී විජයදාස රාජපක්ෂ ව්‍යවස්ථා සම්පාදන දෙකක් යෝජනා කර තිබේ. ඉන් එකක අරමුණ ජනාධිපතිවරයාට උත්තරීතර බලය ලබා දීම ය. ඉහළ අධිකරණයන්හි විනිසුරුන්, නීතිපති සහ විගණාකාධිපති පත්කිරීමේ තනි බලය ඔහුට ලබා දීම ය.
අනෙක පාර්ලිමේන්තු නියෝජනය සඳහා ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය සියයට 5 සිට 12.5 දක්වා වැඩි කිරීමට ය. එය ජවිපෙට පමණක් නොව ශ්‍රීලනිපයට මරණීය වේ. මෙම 12.5% නීතිය 2018 පලාත් පාලන ඡන්දයට බලපෑවේ නම් ශ්‍රීලනිපයට නියෝජනයක් හිමිවන්නේ දිසා 13කදී පමණි. ජවිපෙ නියෝජනය එක් දිසාවකට පමණක් සීමා වෙයි.
අඥාන ආත්මාර්ථය දිගුකාලීන වශයෙන් සියදිවි නසා ගැනීමක් හා සමාන ය. සුලුතරයන්ට සහ ජවිපෙට පාර්ලිමේන්තුවේ දොර වැසීම සමාන්තරයක් නැති ගොන්කමකි. එය මඟ පෙන්වනු ඇත්තේ අන්තවාදයට ය. සංහිදියාවට නොව ගැටුම්වලට ය.
රාජපක්ෂවරු මේ බව දන්නවා ඇති. නමුත් ඒ විසින් ඔවුන් කණස්සල්ලට පත් කරන්නේ නැත. මන්ද යත් එලෙස ගැටුම් ඇති වු විට පෙන්විය හැකි සහ පහර දිය හැකි සතුරකු ලැබෙනු ඇති අතර යුදකරණය සහ මර්දනය සඳහා පෙන්විය හැකි බිල්ලකු ලබා දෙන නිසා ය.
ආණ්ඩුවේ තවත් වැඩසටහනක් නම් දුගී පවුල්හි සාමාන්‍ය පෙළ සමත් නැති තරුණ තරුණියින් ලක්ෂයකට හදිසි අවශ්‍යතාවයක් සේ සළකා රැකියා ලබා දීම යි. බැලූ බැල්මට මෙය දුප්පත්කම නැති කිරීමේ පියවරක් ලෙස පෙනෙනු ඇති. මෙම වැඩසටහන අධික්ෂණය කරන්නේ ආක්ෂක අමාත්‍යාංශය විසිනි. අපේක්ෂකයින් තෝරාගෙන පුහුණු කරනු ලබන්නේ යුද හමුදාව විසිනි. අනතුරුව ඔවුන් රජයේ ආයතනයන් හි, විශේෂයෙන් ම රොහල් සහ පාසල් හි ස්ථානගත කරනවා ඇත. ආර්ථිකය සහ සමාජය යුදකරණය කිරීම, දුප්පත්කම නැති කිරීම යන කඩතුරාව යටතේ තවත් මහ පියවරකින් ඉහළ යනවා ඇත. එවිට රාජපක්ෂලාට, තරුණ, නූගත්, හැඩගසාගත හැකි, පුහුණු වූ සහ කවර නියෝගයකට වුව අවනත වන දුඹුරු කමීසකාරයන් ( හිට්ලර්ගේ මැර හමුදාවන් ඇද සිටියේ දුඹුරු කමීස ය) පිරිසක් ලැබෙනවා ඇත. පදගතාර්තයෙන්ම ඔව්හු රාජපක්ෂ හමුදාව බවට පත්වනු ඇත.
ඡන්දදායකයින්ගෙන් සියයට 48ක් ම ගෝඨාභය රාජපක්ෂයට සහ රාජපක්ෂ රජුන් බලයට ඒමට විරුද්ධව ජන්දය පාවිච්චි කළහ. එයට සියලු ම සුලතර ජනයා ද බහුතර ජනයාගෙන් තුනෙන් එකක් ද අයත් වෙති.
එළඹෙන මහා මැතිවරණයෙහි දී ඔවුන්ට රාජපක්ෂවරුන් අපේක්ෂා කරන තුනෙන් දෙකේ බලය නැති කිරීමේ හි ලා තීරණාත්මක කාරියක් ඉටුකළ හැකි ය.
අවසානාවකට මෙන් මෙම සියයට 47.6 ක් වන ජන්දදායකයා මහජන දර්ශන පථයෙන් ද දේශපාලන ගණන් බැලීම්වලින් ද නොපෙනී ගොස් ඇත්තේ හරියට එවැනි පිරිසක් නො සිටියාක් මෙනි.
අන් සියලු ම දෙනා නිශ්චිත සහ ව්‍යුහාත්මක අසමානතාවයක් තුළ සිරගතකර, රාජ්‍ය කිරීමේ නව ක්‍රමයක් ඇති කිරීමට ඉටාගෙන සිටින අධිපත්‍යවාදී වාර්ගික–ආගමික කන්ඩායමික රිජීමයට කෙසේ ප්‍රතිචාර දක්වමිදැයි සුලුතර පක්ෂ අරගල කරමින් සිටිති. මේ ශ්‍රී ලංකාවෙහි භික්ෂුවක් දේවගැතිවරයකුට පහර දීම වීරකමකි. එමෙන්ම පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ කෙසේදැයි නියෝග කරන්නේ ද භික්ෂුවකි.
ජනාධිපතිවරණය පවත්වන ලද දේශපාලන මොහොත ජවිපෙෙතේරුම් ගත්තේ වරදවා ය. ගෝඨාභය රාජපක්ෂ පොදු ජන පෙරමුණෙහි අපේක්ෂකයා වූ මොහොතෙහි ම තෙවැනි බලවේගයක් සඳහා වූ කවර හෝ අවකාශයක් වී නම් එය හැකිලී ගියේ ය. ගෝඨාභය නතරකිරීමේ කාරියට කර ගැසුවේ නම් ජවිපෙට මීට වඩා හොඳ තත්වයක් ලබා ගන්නට තිබුණි. එම මොහොතෙ හි ඉල්ලුම වූයේ එය යි. ඒ වෙනුවට නරක ම අන්දමේ කට්ටිවාදයක් කරා හැරීමට ජවිපෙ තීරණය කළේ ය. අවස්ථාව ඉල්ලා සිටි පරිදි මහජන පෙරමුණු උපක්‍රම යොදා ගන්නවා වෙනුවට එය ගෝඨාභය සහ එජාපය අතර ව්‍යාජ සමානකමක් පෙන්වීමට උත්සාහ කළේ ය.
ජවිපෙ ජය ගැනීමට අපේක්ෂා නොකළේ ය. එනමුත් පරාජයේ දැවැන්තකම විසින් එය අංශබාග තත්වයක් කරා හිරිවට්ටා ඇති සෙයක් පෙනේ. රාජපක්ෂ විරෝධී ජන්දදායක පිරිස අතර පෙරමුණ ගැනීමට එය දිගින් දිගටම දක්වන නොහැකියාව, එළඹෙන මහා මැතිවරණයෙහි එයට බලපානු ඇත්තේ නිෂේධාත්මකව ය.
එජාපයේ තත්වය ද එතරමට ම ස්වයං–නිර්මාණයකි. රාජපක්ෂට එරෙහිව ජන්දය දුන් සියයට 47හි හඩ බවට පත්වනු වෙනුවට එජාපයට අභ්‍යන්තර යුද්ධවල යෙදි සිටී. ලාංකික පක්ෂයක් බවට අලුගසා දමා නවතාවයක් අත්කර ගන්නවා වෙනුවට එය බහුතරවාදය කරා ආපස්සට යෑමට සැරසෙයි
සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ක්‍රීඩාව තුළ තමාට ගෝඨාභය රාජපක්ෂ පැරදවීමට හැකිවනු ඇතැ යි සජිත් ප්‍රේමදාස කල්පනා කළේ ය. ඔහු යළිත් පැරදුණි. ඔහු යළි පරදිනු ඇත. ඡන්දදායක සමූහය අතර ඇති සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සංඝටකය රාජපක්ෂ සහෝදරවරුන් හතර දෙනා ක්‍රීඩාවෙහි රැදී සිටින තුරු පොදුජන පෙරමුණ කෙරෙන් ඉවතට ඇදගත නොහැක. ඔවුහු සිරුරින් ද, ආත්මයෙන් ද, ජන්දයෙන් ද අයත්වන්නේ රාජපක්ෂවරුන්ට ය. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයට කොතරම් ආලපෑවද මෙම තත්වය වෙනස් කළ නොහැක.
එජාපයට හොඳම වාසිසහගත තත්වය නම් සිය ශක්තීන් හදුනාගෙන ඒ මත සිය පදනම ගොඩ නැගීම යි. එම පදනම ඇත්තේ දුර බැහැර පලාත් හි නොවේ. නාගරික පෙදෙස්වල ය. ජයග්‍රාහී සූත්‍රය වන්නේ ජාතිවාදය නොවේ. වාර්ගික–ආගමික බහුත්වවාදය සහ ප්‍රගතිශීලී ආර්ථික පිළිවෙතකි.
රාජපක්ෂ කඳවුරේ සිංහල බෞද්ධ න්‍යෂ්ඨිය දැන් වැඩකටයුතු කෙරීගෙන යන අන්දම ගැන තුටු වනවා ඇත. නමුත් පාවෙන ඡන්ද සම්බන්ධයෙන් එය ඇත්ත නොවේ. එම පාවෙන ඡන්ද රාජපක්ෂවරු අභිරූපනය කිරීමෙන් දිනාගත නොහැක. ඔවුන් දිනා ගැනීමට නම් එජාපය ආණ්ඩුව බිඳ දමන සෑම පොරොන්දුවක් ම, සෑම බල්ටියක්ම තියුණු විවේචනයකට හසු කළ යුතු ය. එය අත්‍යවශය පාරිභෝගික මිල ගැන මෙන්ම ඉහළ තනතුරුවලට රාජපක්ෂවරුන්ගේ ඥාතිීන් සහ ගජමිතුරන් පත් කිරීම් හෙළා දැකිය යුතු ය. එය බැදුම්කර වංචාව සම්බන්ධ වෝහාරික වාර්තාව යට ගැසීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ මන්දැයි ජනතාවට පැහැදිළි කළ යුතු ය. වැළි, බොරලු සහ පස් ප්‍රවාහණයට අසීමිතව නිදහස නිසා ඇතිවන සමාජීය සහ පාරිසරික විපාක ජනයාට පැහැදිළි කළ යුතු ය. ආණ්ඩුවේ සෑම වරදක් ම හෙලදරව් කොට ඒවාට විරුද්ධ විය යුතු ය.
ඒ වෙනුවට නව විරුද්ධ පක්ෂ නායකයා වන කාර්යාල පර්හ්‍රයෙහි බණ දේශනා සංවිධානය කිරීමට කාලය ගත කරයි. මේ වනාහී දිනන සූත්‍රයක් නම් නොවේ.
ඔහු විසින් ම තෝරා ගත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙ හි ඔහුගේ වාර්තාව දෙස බැලූ විට පෙනෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිවරණ දිනීම සඳහා දක්ෂයකු නොවන බවයි. ඔහුගේ මේ අසාර්ථකත්වය රනිල් වික්‍රමසිංහ පිටින් යැවීමට බැරි ය.
එකදිගට ම සිය මැතිවරණ බල ප්‍රදේශයෙන් පරාජය වන මිනිසකු පක්ෂයක් ජාතික වශයෙන් ජයග්‍රහණය සදහා මෙහෙයවන්නේ කෙසේ ද? සජිත් වික්‍රමසිංහ එජාපයේ නායකයා වුවහොත් ඔහු ද මරණය හෝ බලයෙන් ඉවතට තල්ලු කර දමන තුරු පක්ෂ නායකත්වය බදා ගෙනම සිටින දෙවැනි රනිල් වික්‍රමසංහ කෙනෙකු වනවා ඇත.
නිදහසක් නැති, බෙදී ගිය සහ විනාශකාරී අනාගතයක් කරා ශ්‍රී ලංකාවේ ගමන නතර කිරීමට නම් රාජපක්ෂවරුන් එළඹෙන මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ගැනීම වැළැක්විය යුතුම වේ. එයකළ හැකි ය.
නමුත්, ප්‍රශ්ණය නම් එය කරනු ඇතිද යන්නයි.
(තිසරනී ගුණසේකර විසින් ඉංග්‍රිසි බසින් ලියන ලද ලිපියක දළ අනුවාදයකි. අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි. මෙහි මුල් කොටස මෙතැන කොටා කියවන්න)