Monday, May 6, 2024

නීතිපතිගේ පුස් ‌වෙඩි: ඇවන්ගාඩ් නඩුවේ අධිචෝදනා 7573 න් 7554ක්ම විසිවෙයි!

ශ්‍රී ලංකා නීතිපති දෙපාර්ථමේන්තුව යෙදී සිටින්නේ කවර ආකාරයේ නීති කාර්යයන්හිදැයි මෙරට නීති අංශ විමතියට පත්ව තිබේ. ඊට හේතුව නම් එය විසින් පසුගිය කාලය පුරා පවරන ලද හෝ පැවරීමට පොලීසියට සහ අල්ලස් කොමිසමට අනුමැතිය දෙන ලද ප්‍රධාන පෙළේ නඩු ගණනාවක්ම විසි වි යාම නිසා ය.

මෙයට මෑතම උදාහරණය නම් මහා ඝෝෂාවක් නංවා පවරන ලද ඇවන්ගාඩ් දූෂන නඩුවට සිදුව ඇති දෙයයි. පසුගිය 17වනදා මෙම නඩුව විමසූ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය  විසින් නීත්‍යානුකූල බලපත්‍රයක්‌ නොමැතිව නීති විරෝධී අන්දමින් ස්‌වයංක්‍රීය ගිනි අවි හා ජීව උණ්‌ඩ සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙහි විත්තිකරැවන් 05 දෙනෙකු සියලුම චෝදනා වලින නිදිහස් කිරීමයි. එළෙස නිදහස ලැබුණේ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික මේජර් ජනරාල් කරුණාරත්න බණ්‌ඩා අධිකාරි එගොඩවෙල, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න යන විත්තිකරුවන් තිදෙනා හා එම නඩුවේ පළමු හා දෙවන විත්තිකරුවන් ලෙස නම් කොට තිබූ රක්‌නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්‌ සමාගමට ය.

මෙම තීන්දුව දෙන ලද්දේ ධම්මික ගනේපොල ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඬුල්ල විසිනි.

නීතිපති දප්පුල ලිවේරා විසින් ගොනුකර අධිචෝදනා 7573 කින් යුත් අධිචෝදනා පත්‍රයෙන්  ඉදිරියට පවත්වාගෙන යැමේ නීතිමය හැකියාව ඇත්තේ අධිචෝදනා 19 ක්‌ පමණක්‌ බයට තීන්දු කළ විනිසුරු මඬුල්ල සෙසු අධිචෝදනා 19 සම්බන්ධයෙන් සාක්‍ෂි විභාගය ලබන පෙබරවාරි 10 වැනිදා කැදවන බව දැනුම් දුන්හ.

පවත්වා ගෙන යා නොහැකි වෝදනා දහස් ගණනාවක් ඉදිරිපත් කරන ලද්දේ නීතිපති දෙපාර්ථමේනතුව විසිනි. මෙම පරීක්ෂණය ආරම්භ වූ කලයෙහි නීතිපති දෙපාර්ථමේන්තුවෙහි ප්‍රධානීයා වූ ජයන්ත ජයසුන්දර දැන් මෙරට අගවිනිසුරු ය. ජනාධිපති සිරිසේනට ධුරයෙහි වසර 06ක්ම සිටිය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි තර්ක කළේ ද ඔහුය. ඔහුගේ නීති තර්ක ශ්‍රේෂ්ඨාධිකරණය පිළි ගත්තේ නැත.

දැනට ඉතිරිව සිටින විත්තිකරුවන්වන විශ්වජිත් නන්දන දියබලනගේ දොන් ඇල්බට්‌ තිලකරත්න, එම නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ යුක්‌රේන් ජාතික ගෙනඩි ග්‍රැව්රිලෝව්, මේජර් නිශ්ශංක සේනාධිපති, වික්‌ටර් සමරවීර, නිලුපුල් ද කොස්‌තා, පොන්නතුරෙයි බාලසුබ්‍රමනියම් ප්‍රේමචන්ද්‍රන් හා සමන් දිසානායක යන විත්තිකරුවන් අටදෙනාට එරෙහිව ඉතිරි වී ඇති අධිචෝදනා 19 යටතේ නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද යෑයි සලකා බලන ලෙසත්  විනිසුරු මඬුල්ල එහිදී නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්‌ සමාගමට අයත් එම්. වී. ඇවන්ගාඩ් නමැති නෞකාවේ කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක්‌ හෝ අවසර පත්‍රයක්‌ නොමැතිව නීති විරෝධී අන්දමින් ස්‌වයංක්‍රීය ගිනි අවි 816 ක්‌ හා ජීව උණ්‌ඩ දෙලක්‍ෂ දෙදහස්‌ නවසිය තිස්‌පහක්‌ සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් ‌මෙම නඩුව පවරන ලද්දේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවූ විශාල වාද විවාද මැද ය.

ඇවන්ගාඩ් හිමිකරු වෙනුවෙන් පළමුවෙන් පෙනී සිටි තිලක් මාරපන පසුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ  ප්‍රබල ඇමැතිවරයකු බවට පත් වූ අතර රනිල් වික්‍රමසිංහගේ සුචච කීකරු දේශපාලනඥයකු වන වජිර අබේවර්ධන නිශ්ශංක සේනාධිපතිගේ ගජ මිතුරකු බවට වාර්තා වී තිබුණි.

තමා ඇත්ත දැන සිටියේ නම් ඇවන්ගාඩ් නඩුව නෙපවරන බවට යහපාලන ආණ්ඩුවේ අල්ලස් කොමසාරිස්වරිය වූ දිල්රුක්ෂි ඩයස් විසින් ඔහුට කරන ලද ප්‍රකාශයක් අඩංගු හඩපටියක් මෙයට කළකට පෙර නීශ්ශංක සේනාධිපති විසින් හෙළි කරන ලදී. එම ඇමදුම සදහා ඇයට දුරකථනය දී ඇත්තේ ද වජිර අබේවර්ධන විසින් බව ප්‍රසිද්ධියට පත් විය. එම හඬපට මගින් හෙළිදරව් වූයේ අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ඇවන්ගාඩ් දූෂණ සම්බන්ධයෙන් පරික්ෂණ කරන අතර තුරම එහි ප්‍රධානි දිල්රුක්ෂි ඩයස් නිශ්මංක සේනාධිපති සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවයි.

එම දුරකථන සාකච්ජාව මෙසේ ය:

නිශ්ශංක සේනාධිපති නිකුත්කළ හඬ පටයේ සඳහන් කරුණු.

නිශ්ශංක සේනාධිපති – “ඇත්තටම මැඩම් මේකේ 4000 කගේ විතර රස්සාවල් නැතිවෙලා. ඒ මිනුස්සුන්ට යන්න එන්න නැතිවෙලා..”

දිල්රුක්ෂි ඩයස් – “මම දන්නවා, මම දන්නවා. මම හිතුවේ නැහැ ව්‍යාපාරයට ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද මේක රටේ තිබුණු හොඳ ව්‍යාපාරයක්. මට නිකමට හරි හිතුන නම් මේ වගේ දෙයක් සිද්ධවෙයි කියලා, ඔයා පිළිගන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ”.

නිශ්ශංක සේනාධිපති – “මට මැඩම් පණිවිඩ දෙකකුත් එව්වා. මට ඒවා හම්බවුනා.”

දිල්රුක්ෂි ඩයස් – “මොක ද මම ජිවිතේට හිතුව නම් මේකෙන් බිස්නස් වැටෙයි කියලා මම ජීවිතේට මේ නඩුව දාන්නේ නැහැ. මේ කරුමක්කාර දේශපාලනය හන්දා…. (පැහැදිලි නොමැත). මම ඔයාගේ ඔෆිස් එකේ තියෙන 7500කට වැඩිය ලියුම් කියවලා තියෙනවා. ඒක හන්ද මම දන්නවා ඔයාගේ නිලධාරීන් නැව්වල ඉන්නකොට එයාලගේ පවුල් බලාගත්තේ කොහොම ද කියලා.”

දිල්රුක්ෂි ඩයස් – “මම ගෝඨාභය රාජපක්ෂට විරුද්ධවත් නඩු දාන්නේ නැහැ. මම ඒ කරපු මුළු මේවා එක ගැන ම දුක්වෙනවා. මම දන්නවා කොහොම ද නීතිය කඩන්නේ කියලත්, නීතිය හදන්නේ කියලත්. ඒ දෙක ම”

වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේට විරුද්ධව පවරන ලද දූෂණ නඩුද තාක්ෂනික හේතු මත අධිකරණය විසින් විසි කරන ලදී.

නීතිපති දෙපාර්ථමේන්තුව විසින් පවරා ඇති ප්‍රගීත් එක්නැළීගොඩ පැහැර ගැනීම පිළිබඳ නඩුව සහ වැළිකඩ හිරගෙදර සමූළ ඝාතනය පිළිබඳ නඩු දැන් විභාග වෙමින් ඇති අතර තවත් නඩු ගණනාවක් ආරම්භ වීමට ද නියමිතව තිබේ.

(දිවයින පුවත් පතෙහි පළවූ වාර්තාවක කරුණු ද ඇසුරු කර ගන්නා ලදී)

අල්ලස් ‌කොමිසම පැවරෑ තවත් නඩුවක් වීසිවෙයි

අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවකින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයන්ත ශ්‍රී බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන් අද නිදහස් කර තිබේ.
මෙම නඩුව පවරා තිබුණේ, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදලක් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික දුරකතන බිල් ගෙවීම සඳහා පෙළඹවුයේ යැයි කියන චෝදනා මතයි.

මහාධිකරණය එම චෝදනාවලින් නිදහස් කිරීම හේතුවෙන් සැකකාර කෙහෙළිය රඹුක්වැල් හා ජයන්ත ශ්‍රී බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන් එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා ය.

 

 

Archive

Latest news

Related news